SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කැබිනට් මණ්ඩලයේ සියලු අමාත්‍යවරුන් තම අමාත්‍ය ධුර වලින් ඉල්ලා අස්වීමේ ලිපි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත භාර දී ඇති බවට රජයේ ප්‍රකාශකයකු බීබීසී සිංහල සේවය සමග පැවසීය.

කෙසේවෙතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරය දරණ බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මාධ්‍ය වෙත පැවසීය.

ඔහු පවසා සිටියේ සෙසු සියලු අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමේ ලිපි අග්‍රාමාත්‍යවරයා වෙත භාර දුන් බවයි.

අග්‍රාමාත්‍යවරයා අප්‍රේල් 04 පෙරවරුවේ ජනාධිපතිවරයා සමග තවදුරටත් සාකච්ඡා කරනු ඇතැයිද දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේය.

රටේ මේ වන විට පැන නැගී ඇති අර්බුදය හමුවේ අගමැති හැර සම්පුර්ණ කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වීට තීරණය කළ බවට රජයේ ප්‍රකාශකයකු බීබීසී සිංහල සේවය සමග පැවසිය.

මේ අතර තරුණ හා ක‍්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ තම අමාත්‍ය තනතුරු වලින් ඉල්ලා අස්වූ බවට අමාත්‍යවරයාගේ ප්‍රකාශකයකු බීබීසී සිංහල සේවයට පැවසීය.

 

මේ අතර අමාත්‍ය නාමල් රාජපක්ෂගේ බිරිද, දරුවා හා බිරිදගේ පවුලේ සාමාජිකයන් ඉරිදා උදැසන රහසිගතව විදේශගත වී ඇති බවට මාධ්‍ය වාර්තා කළ අතර නාමල් රාජපක්ෂ බීබීසී සිංහල සේවය සමග පැවසුවේ ඔහු හෝ තම පවුලේ කිසිවකු ප්‍රශ්න වලින් පැන දුවන්නේ නොමැති බවයි.

ඔහු තවදුරටත් පැවසුවේ තම බිරිදගේ දෙමව්පියන් වසර 38ක පමණ සිට සංචාරක ව්‍යාපාරයේ යෙදෙන බැවින් ඔවුන් මේ වන විට සංචාරක කටයුත්තක් සඳහා නම හෙළි නොකළ යුරෝපයේ රටකට ගොස් සිටින බවයි.

රාජ්‍ය අමාත්‍ය රෝෂාන් රණසිංහ ද ඊයේ සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.

මේ අතර නිතීඥ සංගමයේ සභාපති ජනාධිපති නිතීඥ සාලිය පීරිස් මුහුණුපොතේ තම ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ අමාත්‍යවරුන්ගේ මෙම ඉල්ලා අස්වීම බල රහිත බවත් රටේ දැනටත් පැනනැගී ඇති අවිනිශ්චිතතාවය තවදුරත් මෙයින් වැඩි කර ඇති බවයි.

"කැබිනට් අමාත්‍යවරු සිය ඉල්ලා අස්වීම අගමැතිවරයාට නොව ජනාධිපතිවරයාට භාර දුන් විට ධූර දැරීම නවතියි. අමාත්‍යවරුන් සිය ඉල්ලා අස්වීම අග්‍රාමාත්‍යවරයා වෙත භාරදුන් බව අද දෙරණ පවසයි. එසේ නම් ඉල්ලා අස්වීම්වලට නීතිමය බලපෑමක් නැත. ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය ජනතාවට ණයගැතියි මේ සිදුවන දේ වහාම ජනතාවට පැහැදිලි කරන්න. මම හිතන්නේ නැහැ අපේ රටට සහ එහි ආර්ථිකයට දින කිහිපයක් අවිනිශ්චිතතාවයෙන් ඉන්න පුළුවන් කියලා," යනුවෙන් ඔහු පැවසීය.

na2

 

@BBC sinhala

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි