SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉවත්වීමට තීන්දු කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වන බව ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි ද පැවසේ.


අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමට අදාල ලිපිය මේවනවිට කෙටුම්පත් කරමින් සිටින බවත් එම ලිපිය අද රාත්‍රී ජනාධිපතිවරයා වෙත යොමු කරනු ඇති බවත් ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි. (කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය විසින් මීට මොහොතකට පෙර නිවේදනයක් නිකුත් කරමින් මෙම පුවත අසත්‍ය බව දැනුම් දී ඇත.)

අගමැතිවරයා ඉල්ලා අස්වූ වහාම කැබිනට් මණ්ඩලය අහෝසිවී යනු ඇත.

අගමැතිවරයා මෙම තීන්දුව ගත් බව ආරංචි වීමත් සමග බැසිල් රාජපක්ෂ අද දහවල් ජනාධිපතිවරයාගේ මිරිහානේ පෞද්ගලික නිවසට ගොස්, අගමැතිවරයාට ඉල්ලා අස්වීමට ඉඩනොතබන ලෙසත් අනෙකුත් සියලුම රාජපක්ෂවරු ඇමතිධුර වලින් ඉවත්වීමට සුදානම් බවත් දැනුම් දී තිබෙන බව පැවසේ.

කෙසේවුවද ජනාධිපතිවරයා, අගමැති මහින්ද රාජපක්ෂගේ තීන්දුව බර ගැනීමට තීන්දු කර ඇති බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

මේ තීරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා තුළ විවිධ අදහස් පලවෙමින් ඇති අතර මේ මොහොතේ මහින්ද රාජපක්ෂද ලොව බොහෝ රටවල ඉල්ලා අස්වන රාජ්‍ය නායකයන් මෙන් ඉල්ලා අස්වීමේ ජනතා අනුකම්පාව හිමිවීම අරමුණු කොට ගෙන ඇති බවත් එය නාමල් පුතුගේ අනාගත දේශපාලන ජීවිතය වෙනුවෙන් ආයෝජනයක් විය හැකි බවත් සඳහන් කරයි.

මේ එවැනි සටහනකි.

නාමල් කුමරාගේ අනාගතය වෙනුවෙන් මහින්ද පිය රජු ඉල්ලා අස්වේ..(මාධව රුවන්පතිරණ)

නාමල් කුමරාගේ අනාගතය යනු තම අනෙකුත් දරු මුණුබුරන්ගේ ද අනාගතයයි. එසේම තම සහෝදර සහෝදරියන් සහ එම දරු මුනුබුරන්ගේද අනාගතයයි. ඒ බව මහින්ද සේම ඔහුගේ සහෝදර සහෝදරියන්ද දනී.

මහින්ද ඉල්ලා අස්වීම යනු මහින්ද වෙත ජන අනුකම්පාව හිමි වීමට නියමිත තත්වයකි. එනම් අර්බුධ, චෝදනා හමුවේ ඉල්ලා අස්වන ජනාධිපතිවරු, අගමැතිවරු. ඇමතිවරු ලොව අනෙකුත් ලිබරල් රාජ්‍ය වල සිටියද ලංකාවේ මෙසේ වන ප්‍රථම අවස්තාව මෙයයි. එනම් ලංකාවද ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බවට පත්වෙමින් තිබෙන බවට වන ලකුණකි.

ලංකාවේ පළමු ලිබරල් උද්ගෝෂණ රැල්ල ඇති වී ඇත. එසේ නමුත් එහි ප්‍රචන්ඩකාරීත්ව කොස්සක් තිබූ බැවින් ලිබරල් ප්‍රභූන් ඊට අකමැත්තක් දැක්වීය. නමුත් එහි ප්‍රතිඵල ජනිත වෙමින් පවතී.

ඒ අනුව ජන විරෝධයට හිස නැමූ, තම දුර්වලත්වය පිළිගත්, සිරිලක ප්‍රථම දේශපාලන නායකයා බවට මහින්ද පත්වනු ඇත. ඒ අනුව එහි ආනුභාවය නාමල් කුමරාගේ අනාගතය තීරණය කරනු ඇත.

ඩලස් වැන්නෙකු හට නාමල්ගේ අනාගත අනුග්‍රාහිත්වය භාර දී ඇතිවාට සැක නැත.

''අන්තර්වාර ආණ්ඩුවකට ජනපති අගමැති එකඟ වුණා'' - විමල් වීරවංශ

මේ අතර ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ පැවසුයේ, සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පත්කිරීම සඳහා කළ යෝජනාවට ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවයි.

රටේ වත්මන් තත්ත්වය අනුව මෙම අර්බුදවලට විසඳුම් සෙවීම සඳහා පවතින අමාත්‍ය මණ්ඩලයට කටයුතු කළ නොහැකි බව ද හිටපු ඇමතිවරයා කීවේය.

ඒ නිසා කැබිනට් මණ්ඩලය විසුරුවා හැර අන්තර්වාර ආණ්ඩුවක් සඳහා සර්වපාක්ෂික හෝ බහුපාර්ශ්වික ගිවිසුමකට එළඹෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි ද වීරවංශ මහතා කීය

විමල් වීරවංශ මේ බව පැවසුවේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි