SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තමන් ජනමාධ්‍ය ඇමති ලෙස කටයුතු කරන තාක්කල් මාධ්‍යවේදීන් හට කිසිදු ආකාරයේ තර්ජන ගර්ජනවලට ලක්වීමට ඉඩ නොතබන බව මෙයට පෙර සහතික කොට කියා තිබෙන ඩලස් අලහප්පෙරුම පෙරේදා රාත්‍රී

මිරිහානේ දී මාධ්‍යවේදීන් හට එල්ල කරන ලද අමානුෂික මැර ප්‍රහාරය හමුවේ ඉල්ලා අස්වන්නේ දැයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ප්‍රශ්න කරති.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මෙම සහතිකය දී තිබිණි.

පෙරේදා ජනාධිපතිවරයාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවස ආසන්නයේ පැවති විරෝධතාවය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් හට පොලිසියේ සහ හමුදාවේ ඇතැම් පිරිස් ඉතා අමානුෂිකව පහරදී තිබු අතර ඔවුන් මාධ්‍යවේදීන් බව තහවුරු කර ගැනීමෙන් පසුව කැමරාවලට පවා පහර දී අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම තත්වය හමුවේ හිටපු මාධ්‍යවේදියෙකු ද වන ජනමාධ්‍ය ඇමතිවරයාට තව දුරටත් එම ධුරයේ රැඳි සිටිය නොහැකි බව සමාජ මාධ්‍ය මාධ්‍යවේදීන් පෙන්වා දෙති.

මාධ්‍යවේදීන්ට අත තබා කළු පැල්ලම් ඇති කර නොගන්න - මාධ්‍ය සංවිධාන ආණ්ඩුවට කියයි


මිරිහාන ප්‍රදේශයේදී පෙරේදා රාත්‍රියේ ඇතිවූ සිද්ධියේදී ආරක්ෂක අංශ ජනමාධ්‍යවේදීන්ට පහරදීම තරයේ හෙළා දකින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. එහි කැඳවුම්කරු ලසන්ත ද සිල්වා පැවසුවේ එහිදී උල්ලංඝනය වී ඇත්තේ ජනමාධ්‍යවේදීන්ගේ භාෂණයේ හා ප්‍රකාශණයේ අයිතිය පමණක් නොවන බවයි.

 

රට බැරෑරුම් අවස්ථාවකට මුහුණදී ඇති පසුබිමක මෙවැනි සිද්ධීන් මඟින් ජාත්‍යන්තර වශයෙන් රටේ ප්‍රතිරූපයට සිදුවන අහිතකර බලපෑම ආණ්ඩුව අවබෝධ කරගත යුතු බවද නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු ලසන්ත ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 
මිරිහානේ ඇතිවූ සිද්ධියේදී ජනමාධ්‍යවේදීන්ට එල්ලවූ ප්‍රහාරය හෙළා දකින බව “රට වටා මාධ්‍යවේදියෝ” සංවිධානයද පවසයි. මේ එහි කැඳවුම්කරු කාංචන කුමාර ආරියදාස මෙසේ පැවසිය.

 

අප්‍රේල් මස අවසන් වීමට පෙර ගොවීන්ට වන්දි ලබා දීමට සහ පොහොර සහනාධාරය ලබා දීමට රජයට නොහැකි වුවහොත් තමන් මේ වනවිට දරණ පළාත් පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකත්වයෙන් එළැඹෙන මැයි පළමුවැනිදා ඉල්ලා අස්වන බව රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් දැනුම් දී ඇත. 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි