SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මහජන අරගලයන් සඳහා කිසිදු දේශපාලන පක්ෂයකින් තොරය මහජනයා පෙළගැසීමෙන් වඩාත් තැතිගැන්මට ලක්ව ඇත්තේ ලංකාවේ වමේ සහ දකුණේ යැයි කියාගන්න දේශපාලන පක්ෂ සහ සංවිධානයන්ය.

ඒ නිසාවෙන්ම ඔවුන් මිරිහානේ සිදුවූ මහජන නැගිටීම හා එක්වීමට, ඒ සම්බන්ධව අදහස් දැක්වීමට, සහයෝගය ලබාදීමට උත්සුක වී ඇත. 03 වැනිදා පැවැත්වෙන අරගලයට තම පක්ෂය සහභාගී නොවන බව කලින්ම දැනුම් දී සිටි ජවිපෙ ස්ථාවරය ද දැන් දැන් වෙනස් වෙමින් පවතින බව පෙනී යන්නකි.

ජනතා විමුක්ති පෙරමුණේ ලාල් කාන්ත විසින් මුහුණු පොතේ සඳහන් කර ඇති ප්‍රකාශයෙන් ජවිපෙ මතයම නොවුනත් ඔහුගේ අවශ්‍යතාව ඉදිරිපත් කරයි. එහි සඳහන් කර ඇත්තේ “අප්‍රේල් 3 උදේ 9ට පාරට බහින්න . අපි කියපුදේ ගැන සැලකිලිමත් වෙන්න. අපේ සියලුම සහෝදරියනි,සහෝදර වරුනි කඩාකප්පල් කාරීන්ට,ආණ්ඩුවේ මැරයන්ට එරෙහිව ක්‍රියාත්මක වෙන්න. ආණ්ඩුව පන්නා 74 වසරක සාපය නිමාකරන්න සටන් කරන්න” යනුවෙනි.

භාරකාර ආණ්ඩුවකට යන්නෙ නැත්නම් අපි අමාත්‍යධූර දාල යනවා - ශ්‍රිලනිපය

භාරකාර ආණ්ඩුවක් පිහිටුවා, සිය පක්ෂයේ යෝජනා ක්‍රියාත්මක කරන්නේ නැත්නම්, අමාත්‍ය ධුරවලින්, වහාම ඉවත්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

ප්‍රශ්න විසඳිය​ නොහැකි නම් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි - සජිත්  

රටේ පවතින අර්බුදය හමුවේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉල්ලා අස්වී, වැඩ කළ හැකි ආණ්ඩුවකට අවස්ථාව ලබා දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. රජය මේ අවස්ථාවේ සඳ​ළුතලයේ නොසිට මහපාරට බැසිය යුතු බවත්, මහජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දිය නොහැකි නම් වහාම ඉල්ලා අස්විය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා. ඔහු මේ පිළිබඳ පැවසු​වේ ඊයේ (31) මිරිහානේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

වහාම රට වසා දමන්න - චම්පික

මේ අවස්ථාවේ අත්‍යාවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යමින් රට වසා දැමීමට කටයුතු කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා. ජල විදුලි නිෂ්පාදනය සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලුව විසඳන තෙක් එලෙස කටයුතු කළ යුතු බවත් එසේ නොමැතිව විදුලි බල පද්ධතිය කඩා වැටී විසි හතරපැයම අඳුරේ සිටීමට සිදුවුවහොත් එයට ආණ්ඩුව සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු සඳහන් කළේ, විදුලිබල මණ්ඩලය වහාම විශේෂඥ මණ්ඩලයකගේ පාලනයට භාර දිය යුතු බවයි.

අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැර භාරකාර ආණ්ඩුවක් පිහිටුවන්න - විමල්

වත්මන් අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැර පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය වන පරිදි භාරකාර ආණ්ඩුවක් පිහිටුවන ලෙස, ආණ්ඩුවේ පක්ෂ 11ක සාමාජිකයින් අද (01) ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා. වත්මන් කැබිනට් මණ්ඩලයට සහ මැතිඇමතිවරුන්ට මේ වනවිට රටේ මහජනතාවගේ විශ්වාසය සහ ගෞරවය දිනාගැනීමට නොහැකිව ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කළේ. අද (01) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ආණ්ඩුවේ පක්ෂ 11ක සාමාජිකයින් මේ බව සඳහන් කළා.

මහජන ව්‍යාපාරයකට බලය දිය යුතුයි - අනුර

පක්ෂයකට බලය දෙනවා වෙනුවට මහජන වෘපාරයකට බලය දිය යුතු බව ජවිපෙ නායක අනුර කුමාර පවසයි.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි