SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

80 අපි, වසන්තට දවසක් වෙන් කෙරිණ. ඒ අද මාර්තු 27 දිනය.

මම ඊට පැය කිහිපයක් වෙන් කළෙමි. ඒ විශිෂ්ඨ අංග රචනා ශිල්පී, රංගනවේදී වසන්ත විටච්චිට උපහාර පීදීම පිණිසය. 80 අපි, කලා ලොවේ දැකිය හැකි ඉතා දුර්ලභ ගනයේ සංවිධානයකි. 80 දශකයේ නාට්‍ය වැඩමුළුවලින් එක් රොක් වු උද්‍යෝගිමත් පිරිසක් එහි සංවිධානය වී සිටිති. එම නාට්‍ය වැඩමුළුවල එක් සොදුරු ගුරුවරයෙකු වූයේ වසන්ත විට්ටච්චි ය. කළ ගුණ දන්නා සිසු කැළ, තම ගුරුවරයාට උපහාර දැක්වීම කෙතරම් අගනේද...?

මට වසන්ත මුණ ගැසුණේ විවෘත විථී නාට්‍ය කණ්ඩායමට එක් වූ විටය. එය ද 80 දශකයේ මුල් කාලවකවානුවකය. පරාක්‍රම නිරිඇල්ල, එච්. ඒ. පෙරේරා, කිංස්ලි ලෝස්, වසන්ත විට්ටච්චි එහි පුරෝගාමීන්‍ ය. එකල මගෙ ඇගේ තිබූ වාමාංශික විප්ලවීය උණ ට මම වීථි නාට්‍ය කණ්ඩායමට එක් වුනෙමි.

මේ පුරෝගාමීන්ටද ඒ උණ අඩු වැඩි වශයෙන් තිබූ බැවින් වේදිකාවට සීමා නොවී මහ මගට බැස තිබුණ හ. පීඩිත මිනිසුන් වෙනුවෙන් ආනන්දයත් ප්‍රඟාවත් ලබා දීමට ඔවුහු වෙහෙසුනහ. එවකටත් සිනමාවේ මෙන්ම වේදිකාවේත් ප්‍රවීණ අංගරචකයෙක් වූ වසන්ත විටච්චිට වීථියේ දිනය මග හැරිය නොහැකි විය. ඔහු ඒ තරමටම නාට්‍ය කණ්ඩායමට කැප වූ මානව ප්‍රේමියකු වූයේය. දේශපාලකයන්ට වන්දිභට්ටකම් නොකරන අදීන කලාකරුවෙකු වූයේය.

83 වසරෙන් පසු කලෙක මමත්, කපිල කුමාර කාලිංගත් ජනහඩ පුවත්පතෙ එකට සේවය කළෙමු. කපිල, රයිනොසිරස් නාට්‍යයේ කටයුතු ආරම්භ කළේය. ඔහු එවකටත් 80 කණ්ඩායමේ සාමාජිකයෙකි. එය 80 අපි නොවේ. ජයලත් මනෝරත්න, ජය ශී චන්ද්‍රජිත්, නීල් අලස්, බුද්ධදාස ගලප්පත්ති, නවනන්දන විජේසිංහ, අජිත් ජිනදාස, සම්පත් තෙන්නකෝන්, රත්නා ලාලනී ජයකොඩි, ගීතා කාන්ති ජයකොඩි, චන්ද්‍ර කළුආරච්චි වැනි වේදිකාවේ දැවැන්තයින් රැසක් 80 කණ්ඩායම නියෝජනය කළහ.. කලාව කලාව උදෙසා වූ යන විශ්වාස ය මත නිර්මාණ කාර්යයේ යෙදුන එම කණ්ඩායමට කලාව මිනිසා උදෙසා යැයි විශ්වාස කළ එච්. ඒ., වසන්ත වැනි පිරිසක් රයිනොසිරස් නිෂ්පාදනයට එකතු කරගැනීමට කපිල කුමාර කාලිංගයන් තීරණය කළේ අපි අතර වූ නිරන්තර කතා බහේ ප්‍රතිඵලයක් ලෙස ය. ඒ බැදීම, ඉතා සුහද බැඳීමක් වූවා පමණක් නොව සුන්දර රස ගුලාවක් ද නිර්මාණය කළේය ...

එම රස ගුලාවේ ඉතා සැහැල්ලුවෙන් උපහාස රසය කැටි කරගත් කලා වත ගොතේ රස වෑහෙන යාන්ස් කීමට වසන්ත විට්ටච්චියන් දැක් වූ හපන්කම ඔහුගේ රංගන ප්‍රතිභාවට වැඩියමකි... රංගනයටත්, අංග රචනාවට හෙවත් වේෂ නිරූපණයටත් සම්මාන 42 ක් දිනා ගෙන ඇති වසන්තයන් ලෝක වාර්තාවක් තබා ඇතැයි කියවේ..ඔහු ඒ අතරින් දක්ෂයින් අතර දක්ෂයකි..තම ශිල්පයේ ගෝලයන් රැසක් බිහිකළ අසාමාන්‍ය කලාකරුවෙකි ...පුද්ගලිකව මට ඔහු උදාර මිනිස් ගුණයෙන් පිරි අදීන මිතුරෙකු පමණක් නොව වෙහෙසකර හමුවීම් මැද ඒ වෙහෙස නිවන සුන්දර කතාකාරයෙකි..

වසන්ත විට්ටච්චියන් ට උපහාර දැක්වූ 80 අපි උත්කෘෂ්ට ව්‍යායාමයට,වසන්තට දවසක් වෙනුවෙන් පැය කිහිපයක් වෙන් කිරීමට මට සිත් දුන්නේ ඒ නිසාය ....

වසන්ත ඔබට සුබ පැතුම් ..

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි