SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

43 සේනාංක තරුණ අංශය සංවිධානය කරනු ලබන සංකේතාත්මක විරෝධතා පාගමන අද ( 25) සිකුරාදා උදෑසන 8.00 ට මොරටුව දිගරොල්ල පාලම අසලින් ආරම්භ විය.


මේ සදහා 43 සේනාංක තරුණ අංශ සාමාජිකයන්, තරුණ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සහ සමාජ ක්‍රියාකාරීන් 43 න් දෙනෙකු කළු පැහැති ඇඳුමෙන් සැරසී මෙම සංකේතාත්මක පාගමනට එක්ව තිබේ.

ලංකාවේ මේ වන විට උද්ගතවී ඇති ආර්ථික ගැටළු විසඳීමට නොහැකි ආණ්ඩුව ගෙදර යැවීමට බල කිරීමේ අරමුණෙන් මෙම විරෝධතා පා ගමන සංවිධානය කොට තිබුණි.

මෙම පා ගමන කොළඹ කොටුවෙන් අවසන් වීමට නියමිත අතර සවස 4.30න් පසු කොළඹ කොටුව බෝධිය අසළ විශේෂ හමුවක් ද සංවිධානය කොට තිබේ.  

 

රනිල්ගේ සත්‍යග්‍රහයට 43 සේනාංකයත් එක්වේ

''අඳුරු අනාගතය පහන් කරන්නට'' යන තේමාව යටතේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අද (25) කොළඹ හයිඩ් පිටියෙදී පැවති සත්‍යග්‍රහයට 43 සේනාංකයේ නියෝජිතයින් පිරිසක්ද එක්ව සිටියේය.

එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් කල ආරාධනයකට අනුව 43 සේනාංකයේ ප්‍රධානින් වන හිටපු රාජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, එහි මාධ්‍ය අංශයේ ප්‍රධානියකු වන ධනුෂ්ක රාමනායක ඇතුළු නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියේ,  43වැනි සේනාංකය විසින් අද දිනයේ මොරටුව සිට කොළඹ දක්වා සංවිධානය කෙරුණු විරෝධතා පා ගමනින් අනතුරුවය.

@Theleader.lk

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි