SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඇෆ්ඝනිස්ථාන හිටපු මුදල් ඇමති ඇමරිකාවේ Uber ටැක්සි දුවන බව දැක්වෙන පුවත දුටුවම දකුණු ආසියාවේ අනෙක් මුදල් ඇමතිවරු ගැනත් පොඩ්ඩක් හොයලා බැලුවා.

Khalid Payenda මේ වන විට ඇමරිකාවේ වොෂින්ටන් DCවල Uber රියදුරෙක්. තලේබාන්වරු රට අල්ලා ගන්නා අවස්ථාවේදීයි ඔහු ඇෆ්ගනිස්තානයෙන් පැන ගියේ. අද ඔහු ටැක්සි රියදුරෙක් වුණත් ආර්ථික සංවර්ධනය පිළිබඳ මාස්ටර් උපාධිය අරගෙන තියෙන්නේ ඇමෙරිකාවේ ඉලිනොයිස් විශ්ව විද්‍යාලයෙන්. ඒ වගේම බැංකු හා මූල්‍ය පිළිබඳ තවත් මාස්ටර් උපාධියක් හිමි ඔහු ව්‍යාපාර පරිපාලනය පිළිබඳව මූලික උපාධිය ලබා ගෙන තිබෙනවා.

ඉන්දියාවේ වර්තමාන මුදල් ඇමතිවරිය වන්නේ Nirmala Sitharaman. තමිල්නාන්ඩුවේ Seethalakshmi Ramaswami කොලීජියෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ මුල් උපාධිය ලබා ගෙන ඇති අතර ජවහල්ලාල් නේරු විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව මාස්ටර් සහ එම්ෆිල් (MA/MPhil) උපාධි ලබාගෙන තිබෙනවා. ඒවගේම ඇය Phd උපාධිය අතරමග නවතා දැමු තැනැත්තියක්.

Shaukat Tarin පාකිස්ථාන මුදල් අමාත්‍යවරයායි. ඔහු Forman Christian කොලීජියෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති අතර වර්තමානයේ එය විශ්ව විද්‍යාලයක්. පන්චාබ් විශ්ව විද්‍යාලයෙන් ඔහු සිය MBA උපාධිය සම්පූර්ණ කර තිබෙනවා. එමෙන්ම ඔහු අන්තර් ජාතික බැංකු ක්ෂේත්‍රයේ ඉහළ තනතුරු හෙබවූ ජාත්‍යන්තරව පිළිගත් වෘත්තීය බැංකුකරුවෙක්.

බංග්ලාදේශ වත්මන් මුදල් අමාත්‍යවරයා වන Mustafa Kamal ධකා විශ්ව විද්‍යාලයෙන් මූල්‍ය කළමනාකරණය පිළිබඳ මූලික උපාධිය ලබා ගෙන තිබෙනවා. ඔහු ගණකාධිකරණ මාස්ටර් උපාධිය ලබාගෙන ඇත්තේද එම විශ්වවිද්‍යාලයෙන්මයි. නීති උපාධිධරයෙක්ද වන ඔහු වරලත් ගණකාධිකාරිවරයෙක්ද වනවා.

නේපාල මුදල් අමාත්‍යවරයා වන්නේ Janardan Sharma. ඔහු හිටපු හමුදා ප්‍රධානියෙක්.

මාලදිවයින් මුදල් අමාත්‍යවරයා වන Ibrahim Ameer ඇමරිකාවේ Nebraska Omaha විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙක්.

Lyonpo Namgay Tshering භූතාන මුදල් අමාත්‍යවරයායි. ඔහු ඉන්දියාවේ මැඩ්‍රාස් විශ්ව විද්‍යාලයෙන් විද්‍යා හා සංනිවේදන මුල් උපාධිය ලබා ගෙන ඇති අතර තායිලන්තයේ Chulalongkorn විශ්ව විද්‍යාලයෙන් මහජන සෞඛ්‍ය පිළිබඳ මාස්ටර් උපාධිය හිමිකර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකවේ මුදල් අමාත්‍යවරයා වන බැසිල් රාජපක්ෂ කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් සහ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තිබෙනවා. එහෙත් ඔහුගේ වෙනත් අධ්‍යාපන සුදුසුකමක් පිළිබඳ පැහැදිලි තොරතුරු දැන ගන්නට නැහැ.

ලෝකයේ බොහෝ රටවල මෙන්ම දකුණු ආසියානු රටවලත් යම් අධ්‍යාපන සුදුසුකමක් සහිත දේශපාලකයින් මුදල් අමාත්‍යධුරයට පත් කර තිබෙනවා. මීට වසර 74 කට පෙර එනම් 1947 නිදහස් ශ්‍රී ලංකාවේ පළමු මුදල් අමාත්‍යවරයා වූ ජේ.ආර්.ජේ.ආර්.ජයවර්ධනද එවක කොළඹ යුනිවර්සිටි කොලීජියෙන් සහ නීති විද්‍යාලයෙන් නීතිය හැදෑරුවෙක්. එදා සිට අද දක්වා Phd උපාධිලත් අය සිට උගතුන් මුදල් අමාත්‍යධුරය හොබවා තිබෙනවා. විශේෂයෙන් දකුණු ආසියාවේ ඉහළ සාක්ෂරතාවක් සහ ඉහළ අධ්‍යාපනයක් ඇති ශ්‍රී ලංකාවට එය විශේෂ කරුණක් වන්නේද නැහැ.

කෙසේවෙතත් බරපතල රෝගවලට සෑම විටම ගොඩවෙද මහතුන්ගේ අත්බෙහෙත් හරි නොයන බැවින් නිසි වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ගන්නා සේ නිරෝගිමත් ආර්ථිකයක් පවත්වා ගැනීම සඳහාද අදාළ ක්ෂේත්‍රයේ ප්‍රාමාණික දැනුමක් ඇත්තවුන්ගේ නොමද දායකත්වය අවැසි වන්නේය. කලාපයේ අසල්වැසියන් පවා එසේ කරද්දී අප එසේ නොවන්නේ මන්ද?

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි