SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 මිනිසුන්ගේ මූලික අවශ්‍යතා අර්බූධයට ගොස් ඇති වටාපිටාවක පුරවැසියාගේ දරාගැනීම ක්‍රමයෙන් අවසන් වන බවක් පෙනීම අවදානම් තත්ත්වයක් වශයෙන් ගත යුත්තකි.

බොහෝ පෝලිම්වල ගැටුම් ඇතිවීම සුළභ දසුනක් බවට පත්වෙමින් ඇති අතර ආණ්ඩුවට සම්බන්ධ කව්රුන් දුටුවත් විවිධ ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් ඇති වන මානසික මට්ටමකට සාමාන්‍ය ජනයා පත්වෙමින් ඇත. මෙය වහා වටහා ගනිමින් මෙම අර්බූධයන් වලට පිළියම් යෙදීම පාලන ක්ෂේත්‍රයට සම්බන්ධවූවන්ගේ වගකීමකි.

මේ අතර, දැඩි සන්නද්ධ රැකවල් ලා තිබියදී තැන තැන විරෝධතා පැවති යාපනයේ දෙදින නිල සංචාරයක යෙදී සිටි අග්‍රාමාත්‍යවරයාගේ නල්ලූර් වන්දනා ගමන හදිසියේම අවලංගු කර තිබේ.

අගමැති මහින්ද රාජපක්ෂ නල්ලූර් කන්දසාමි කෝවිල වැඳ පුදා ගැනීමට ඒමට සැලසුම් කර තිබූ අද දිනයේ ඒ කරා එන ප්‍රධාන මාර්ග වන යාපනය-පේදුරු තුඩුව මාර්ගය සහ දේවාල පාර මෙන්ම කෝවිල් ප්‍රවේශයද උදෑසන සිට මහජනතාවට වසා දමා තිබූ බව පළාත්බද වාර්තා කරුවෝ පවසති.

t3

පොලිස්, විශේෂ කාර්ය බලකා, යුද හමුදා සහ සිවිල් ඇඳුමින් සැරසුණු ආරක්ෂක භටයන් රැසක් සිටියදී ජීප් රථ කිහිපයක් පිරිවරා පැමිණි සුඛෝපභෝගී කාරයක් දේවාලය අසලට පැමිණ ආපසු හැරී යනු වීඩියෝ ගතව තිබේ.

ප්‍රදේශයේ වාර්තාකාරුවන්ට දැනගන්නට ලැබී ඇත්තේ අගමැතිගේ නල්ලූර් ගමන හදිසියේම අවලංගු කරන ලද බවයි.

අගමැතිගේ හෝ වෙනත් රජයේ නිල මාධ්‍ය කාර්යාංශයකින් ඒ ගැන කිසිදු පැහැදිලි කිරීමක් කර නැත.

අතුරුදහන් කරනු ලැබූවන්ගේ මව්වරුන්, ආගමික නායකයන් හා දෙමළ ජාතික ජනතා පක්ෂය ඇතුළු සංවිධාන කිහිපයක් යුද සමයේ ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂගේ යාපනය ගමනට එරෙහිව විරෝධතා කිහිපයක් පවත්වා තිබුණි. 

පුවත් උපුටාගැනීම - @Theleader.lk

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි