SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගීතා කුමාරසිංහ හා ඩයනා ගමගේ මන්ත්‍රීවරියන් දෙදෙනාට රාජ්‍ය අමාත්‍යධුර ලබාදීමට බැසිල් රාජපක්ෂ

අමාත්‍යවරයාගේ අවධානය යොමුවී ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි ඩයනා ගමගේ මන්ත්‍රීවරිය, 20 වන ව්‍යවස්ථා සංශෝධනය තුනෙන් දෙකකින් සම්මත කර ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ විසින් ආණ්ඩු පක්ෂයට එක්කර ගෙන තිබුනේ ඇයට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදෙන බවට පොරොන්දු වෙමිනි.

මේ වනවිට රාජ්‍ය අමාත්‍ය ධුර 3ක් පුරප්පාඩු වී ඇතැයි 'දේශය' ජාතික පුවත්පත වාර්තාකර තිබේ.

ලොහාන් රත්වත්ත, සුසිල් ප්‍රේමජයන්ත සහ දිලුම් අමුණුගම යන රාජ්‍ය අමාත්‍යවරුන් දැරූ රාජ්‍ය ඇමැති ධුර මෙලෙස පුරප්පාඩු වී ඇතැයි එම පුවත් වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.

ලොහාන් රත්වත්ත රාජ්‍ය අමාත්‍යවරයා ඔහුගේ අමාත්‍යංශයේ රාජකාරි සම්බන්ධයෙන් හටගත් අර්බුද නිසා රජයේ උපදෙස් මත ඉල්ලා අස්විය. සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකළ දේශපාලන විවේචනයන් නිසා තනතුරින් ඉවත් කරනු ලැබීය.

දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා කැබිනට් අමාත්‍ය ධුරයකට උසස් කිරීම නිසා එම අමාත්‍ය ධුරය පුරප්පාඩු විය.

මෙයින් ලොහාන් රත්වත්ත විසින් දරන ලද බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරය අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි ට පැවරෙනු ඇතැයි වාර්තාවෙයි.

එසේ වුවද සුසිල් ප්‍රේමජයන්ත ගේ රාජ්‍ය අමාත්‍ය පදවිය සහ දිලුම් අමුණුගම ගේ රාජ්‍ය අමාත්‍ය පදවිය තවදුරටත් පුරප්පාඩුව පවතී.

@Theleader.lk

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි