SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අහස උසට නගින බඩු මිළ හමුවේ පීඩාවට පත් වෙන ජනතාවට තවත් මරු පහරක් එල්ල කීරීමට ආණ්ඩුව සැරසේ..

තෙල්, ගෑස් මිළ වැඩි වීමට අමතරව විදුලි බිලද 78% කින් වැඩි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය යෝජනාකර තිබේ. මණ්ඩලයේ යෝජනාව විදුලිබල සේවා නියාමනය කරන මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ඉදිරිපත් පත් කර ඇති අතර එහි සභාපති ජනක රත්නායක කිසිදු මහජන අදහස් කැදවීමකින් ම තොරව විදුලි බිල වැඩි කිරීමට සිදු වෙන බැව් කියා තිබේ..ඒකක 90 ට  අඩු පරිභෝජනයක් ඇති අඩු ආදායම් ජනතාවගෙ විදුලි බිල 400% න් පමණ වැඩි කීරීමට මණ්ඩලය යෝජනාකර තිබීම මෙහිදී විශේෂත්වයකි ..නිවෙස්, වානිජ මධ්‍යස්ථාන, කර්මාන්ත සදහා මෙම වැඩිවීම බලපානු ලැබ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක කියයි.

ඔහු ‌පවසන්නේ රජයේ තාප බලාගාර සදහා අවශ්‍ය තෙල් හා ගල් අගුරු ගෙන්වීම පසෙක තිබීයදී පුද්ගලික තාප බලාගාර වලින් විදුලිය මිළදී ගැනීමට කැබිනට් අනුමැතියක් ලබාගත් ආණ්ඩුව අර්බුදය හමුවේ අලුත් ජාවාරමකට පාර කපාගෙන ඇති බවයි.

ලෝක වෙළෙඳ පොලේ තෙල් මිළ ඉහල ගියද රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දුර්වලකම් නිසා රටට තෙල් ගල් අගුරු ගෙන්වීම බරපතල ගැටලුවක් වී තිබේ..පාරිභෝගිකයාට අවශ්‍ය වේලාවට විදුලිය නැත්නම්, කර්මාන්ත දුවන්න බලශක්තිය නැත්නම්, මේ අයුරින් විදුලි බිල් වැඩි කිරීමට එරෙහිව ජනතාව පාරට බැසිය යුතු කාලය එළඹී තිබේ...රට පාලනය කරන එක පවුලක් නඩත්තු කරන්න රටේ මුලු ජනතාවම දුක් විදිනවද නැත්නම් රටේ අනාගතය බාර ගැනීමට ජනතාව තීන්දු කරනවද යන්නයි දැන් තියෙන්නේ යැයි පාටලී චම්පික මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි. (සම්පූර්ණ කතාව පහත වීඩියෝවෙන්)

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි