SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රටම අවුලකට ගිහින් තියන වෙලාවේ,  ඔන්න ජාතික ආණ්ඩු කතාවක්, නැගලා යනවා.

ඔය කතාව, එක පාරට අප් වෙලා ආවේ, 08 වෙනිදා ජනාධිපතිතුමයි, ශ්‍රීලනිපයයි අතර තිබුන, සාකච්ජාවෙන් පස්සේ. හිටපු ජනාධිපති, මෛත්‍රීපාල ගේ ඉල්ලමට, ගෝඨාභය ජනාධිපතිතුමා, සර්ව පාක්ෂික සමුළුව තියන්න එකඟවෙලා.  දිනත් නියම කරලා ඉවරයි. මාර්තු 23 වෙනිදා තමයි දවස.

ශ්‍රීලනිපය නං, පට්ට හැපී එකේ ඉන්නේ. පහුගියදා පාර්ලිමේන්තුවේ සමහර ප්‍රශ්නවලට, ශ්‍රීලනිප මන්ත්‍රීවරු උත්තරය විදිහට කිව්වේ, සර්ව පාක්ෂික සමුළුව ගැන. එයාලට දැන් කෝකටත් තෛලය වෙලා තියෙන්නෙ, සර්ව පාක්ෂික සමුළුව. කොච්චර උනත් ශ්‍රීලනිපය නම්, වැඩේට ඇඟෙන්ම බැහැලා ඉන්නවා.

වැඩේ කියන්නේ, ඔය අස්සේ, ඔය ජාතික ආණ්ඩු කතාව ප්ලාන්ට් කරලා තිබුනේ, ආණ්ඩුව පැත්තෙන්.. දැන් එකට ගහන්නෙත්  ආණ්ඩුවේම කට්ටිය. ආණ්ඩුවේ කට්ටියම කිව්වට, බැසිල් එක්ක ගේම ඉල්ලන, ජාතික සංවිධාන එකමුතුව.

ඔය ජාතික සංවිධන එකමුතුව කියන්නේ, විමල්ලගේම  වැඩක් තමයි. ඊයේ ඔය සංවිධානේ කැදවුම්කරු, වෛද්‍ය ගුණදාස අමරසේකරයි , දොස්තර වසන්ත  බණ්ඩාරයි ප්‍රෙස් එකක් තියල, ජාතික ආණ්ඩු කතාවට, කුඩු වෙන්න ගැහුවා. ජාතික ආණ්ඩුව කියන්නේ, 69 ලක්ෂයේ  ජනවරමට පිටුපෑමක් කියලයි, එතුමන්ලා කියන්නේ.

එයාලා  කියන විදියට, අලුත් අවුරුද්දට කිරිබත් කන්න වෙන්නේ, රනිල්ව අගමැති කරගෙන. ඔය කියන ජාතික ආණ්ඩුවේ, සෞඛ්‍ය ඇමති ආයෙත්  රාජිතලු. ඛනිජ තෙල් ඇමති රිෂාඩ්ලු.. දැන් ඒගැන ලොක්කෝ ලොක්කෝ සාකච්ඡා යනවලු. කොහොම හරි රාජිතලගේ නම් මේවට එකතු වුනේ, පහුගිය දවස් වල රාජිත කිහිප වතාවක්ම රනිල් හම්බෙන්න ගිය බවට තිබුණ හාහෝ නිසාද දන්නෙත් නෑ.

කොහොම හරි, දැනට මේ ජාතික ආණ්ඩු කතාවට, ආණ්ඩුවේ කව්රුවත්, හරි හමන් කතාවක් කියල නෑ. මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා නම් කියල තිබුනා 'ඔව් අපේ ලොක්කා රනිල් ' වගේ කතාවක්.. මහින්දාන්නද ඒ කතාව කියල තිබුනේ, ජාතික ආණ්ඩුව ගැන විපක්ෂයේ  මන්ත්‍රීවරයෙක්  අහපු වෙලාවේ කෝචෝක් එකට.

මේ ජාතික ආණ්ඩු කතාව ගැන විපක්ෂයේ උදවියත් හ්ම් නෑ.

UNP  එකේ සමහරු නම් , රනිල් අගමැති වෙනවා කියල, පොඩි අතල් එකක් අරගෙන වගේ. ඔන්න දැන් පක්ෂ සමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහනකුත් පටන් අරන්. ඒ වගේම මාර්තු 25 කොළඹදී, දැවැන්ත සත්‍යග්‍රහයකුත් තියන්න යනවලු.. අර ඉස්සර JR කළා වගේ වැඩක් කියලයි ආරංචිය. 

un1

 

ඒ අස්සේ හිටු කියල, රනිල්ව උස්සන්න පටන් අරන්.. හැෂ් ටැග්(#)  LIKE RANIL  කියල, ශෝෂල් මිඩියා කැම්පේන් එකකුත්, පටන් අරන්. ''කැමති වුනත් අකමැති වුනත්,... කැමති වෙන්න වෙන්නේ රනිල්ට..'' ඒක  තමයි, LIKE RANIL කැම්පේන් එකේ, ලයින් එක.. ආරංචියේ හැටියට සෝෂල් මීඩියා වල, කොල්ලෝ කෙල්ලෝ රොත්තක් වැඩේට බස්සන්නයි යන්නේ.

ඒ කියන්නේ, රනිල් අගමැති වෙනවා කියල, ඔය ජාතික සංවිධාන කියන කතාවේ, පොඩි ඇත්තකුත් තියනවා වගේ..

un2

ජාතික සංවිධාන එකමුතුව, මාර්තු 11 තියපු  ප්‍රෙස් එකේදී, තව ගොඩාක් දේවල් කියවුනා.

”ඉන්දියාව ප්‍රමුඛ බෙදුම්වාදී බලවේග සහ දෙමළ ඩයස්පෝරාව බලපෑම් කරමින් ඉන්නවා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න. ඊට පස්සේ 13 වැනි ව්‍යවස්ථා සංශෝදනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න කියන දැඩි පීඩනය ආණ්ඩුවට එල්ල කරමින් තියෙනවා. මේක නිකන් රික්තකයක තියෙන දෙයක් නෙවෙයි. මේ බලපෑම ඇතුලේ මේ යෝජනා එනකොට තමයි අපිට සැක උපදින්නේ. මේ අතරේ බැසිල් රාජපක්ෂ මහතා හදනවා මේ හරහා ඔහුගේ දුෂ්ඨ අරමුණු 5ක් ඉටුකරගන්න. ඒ් කියන්නේ එක ගලෙන් කුරුල්ලන් 5 දෙනෙක් මරා ගන්න.

#පළමු අරමුණ තමයි සර්ව පාක්ෂික සමුළුව හරහා අර කියන ජාතික ආණ්ඩුව පිහිටුවීම. ඒතකොට ඒක ආණ්ඩුවේ යෝජනාවක් නෙවෙයි සර්ව පාක්ෂික සමුළුවේ යෝජනාවක්. ඒ් ආණ්ඩුව ඇතුලේ ඉන්නේ කවුද රාජිත සේනාරත්නලා රිෂාඩ් බදුර්දීන්ලා වගේ අය. ඒක ජනවරමට සම්පූර්ණයෙන්ම පටහැනි ක්‍රියාවලියක්.

#දෙවැනි අරමු ණ තමයි මේ මොහොතේ මතුවෙලා තියෙන ආණ්ඩු විරෝධය සමනය කර ගැනීම. ඒක සමනය කරගන්නේ කොහොමද මහජනයා තුළ සර්ව පාක්ෂික සමුළුව හරහා සුබවාදී හැගීමක් ඇතිකිරීමෙන්. දැන් එළුවගේ අහවල් ඒක වැටෙයි කියා මහජනයා ඒ් දෙස බලා ඉන්නවාත ඒක බැසිල්ගේ මනෝවිද්‍යාත්මක උපක්‍රමයක්.

#තුන්වන අරමුණ තමයි අයි.එම්.එෆ් වාර්තාවට සර්ව පාක්ෂික සමුළුවේ අනුමැතිය ලබාගැනීම. දැනුත් අයි.එම්.එෆ් යෝජනා තමයි ක්‍රියාත්මක කරමින් ඉන්නේ.

#හතරවන අරමුණ තමයි දැනට මේ ආණ්ඩුවේ මග නිවැරදි කරන්න කියලා දේශපාලන පක්ෂ 11ක් එකතුවෙලා සමගි සන්ධානයක් හදාගෙන තියෙනවා. ඒක ඇතුලේ අර්බුද නිර්මාණය කිරීම තමයි හතරවන උවමනාව.

#පස්වන අරමුණ තමයි එම පක්ෂ විසින් ඉදිරිපත් කරා තියෙන මුළු රටම හරි මගට කියන යෝජනාවලිය පිළිබඳ සමාජය‌ේ මතුවෙලා තියෙන සංවාදය යටපත් කිරීම. ‌

ජාතික ආණ්ඩු කතාව ගැන ජාතික සංවිධාන එකමුතුව එහෙම කියනකොට, රටේ රාළ කියන්නේ ,ආණ්ඩුව මේ ආර්ථික අර්බුදය පෙන්න පෙන්න, එයාලාගේ ඉළක්කට යන්න ඕනි කරන පාර කපා ගන්නවා කියල

රටේ රාල මේ කතාව කියල තියෙන්නේ, එයාගේ ෆේස්බුක් පිටුවේ. ජාතික ආණ්ඩුවට පෙර, සර්ව පාක්ෂික මුට්ටිය දමා බැලීම ' ඒකතමයි රටේ රාලගේ සටහනේ හෙඩිම.

සර්ව පාක්ෂික සමුළු යෝජනාවක් පහුගිය කාලේ විපක්ෂය පැත්තෙනුත් ආවා. පහුගිය දවසක සජබෙ කට්ටියත් ඕක හැමතැනම කිව්වා. හැබැයි දැන් මෙතන කරන්න හදන්නේ ඒ යෝජනාව රාජපක්ෂලාට ඕනි විදිහට පාවිච්චි කරගන්න හදන එක. එයාලගේ අවසන් තුරුම්පුව වන ජාතික ආණ්ඩුවට ගොඩවෙන පාර එතනින් කපා ගන්න.

දැන් සර්ව පාක්ෂික සමුළුවේ ඊළඟට Step එක තමයි ඒකට දේශපාලන පක්‍ෂවලට ආරාධනා කිරීම. ඒ ආරාධනා කිරීම හෙට අනිද්දා වෙන්කොට සිද්ධ වෙයි. දැන් මෙතනදී දේශපාලන පක්ෂවලට එන පළවෙනි ප්‍රශ්නය තමයි ආරාධනාව පිලිගන්නවද නැද්ද කියන එක. ඕනි නං පිලිනොගෙන වර්ජනය කරන්නත් පුළුවන්.

එතනදී ආයෙත් ප්‍රශ්නයක් එනවා. ඇත්තටම රට මේ වෙලාවේ වැටිලා තියෙන්නේ ඉතිහාසයේ මෙතෙක් නොතිබුණ බරපතලකම අර්බුදයකට. මේක ඉස්සරහා තමන්ගේ යෝජනා නොදී මගහරින එක හරිද කියන ප්‍රශ්නය ඊළඟට එනවා. දැන් මේකට ආවත් අමාරුවේ නාවත් අමාරුවේ. නාවොත් කියන්නේ රට ගැන හැගීමක් නෑ කියලා. ආවොත් රාජපක්ෂලාගේ උපක්‍රමයටම අහුවෙනවද නැද්ද කියන ප්‍රශ්නය එනවා.

මේකට පැනගෙන රනිල් එනවා. රනිල් දැන් රටට කියමින් ඉන්නේ ඉස්සෙල්ලා රට බේරගමු. ඊට පස්සේ දේශපාලනය කරමු කියලා. ඒ අදහස කාටවත් ප්‍රතික්ෂේප කරන්න බෑ.

සර්ව පාක්ෂික සමුළුවේ පළවෙනි කඩයිම තමයි තමන්ගේ සහභාගීත්වය තීරණය කිරීම. දැන් ශ්‍රීලනිපයට කීයටවත් ඒක වර්ජනය කරන්න බෑ. ඊළඟ පියවර තමයි ඕකට එන පක්ෂවලට තමන්ගේ යෝජනා ඉදිරිපත් කරන්න කියන එක. ඊට පස්සේ ඒකටත් කාලයක් දෙයි. ඊළඟට යෝජනා සාකච්ඡා කරන්න කාලයක් ගනී. අවසානය විදිහට විපක්ෂයේ කණ්ඩායම් සර්ව පාක්ෂිකය සමුළුවෙන් නැගිටලා යයි. ඕක තමයි සර්ව පාක්ෂික සමුළු නාට්ටිය.

මෙච්චර කල් අපේ රටේ තිබුණ සර්ව පාක්ෂික සමුළුවලට උනේ ඕක. මේකත් එසේ නිමවීමට නියමිත එකක්. හැබැයි මේක නිම වෙන්නේ ජාතික ආණ්ඩුවක් ඕනි කියන තැනට පාර කපලා. ඒක වෙනුවෙන්ම තියන සර්ව පාක්ෂික සමුළුවක් මේක.

මෙතන වෙන්නේ ගිලිහෙමින් යන රාජපක්ෂලාගේ බලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ජාතික ආණ්ඩුව සංකල්පය අවභාවිතා කිරීම.

දැන් විපක්ෂය ආණ්ඩුවේ මේ ගැටේ අහුනොවී ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න ඕන. ඒ කියන්නේ, මේ වෙලාවේ රටට යම් හරි සහනයක් තියෙන්නේ ජාතික එකඟතාවයක් වෙනුවෙන් හදා ගන්න පොදු සම්මුතියක් ගොඩනගා ගන්න තැනට ආණ්ඩුව තල්ලු කරන්න පුළුවන් නම් තමයි.

ඔන්න ඔහොම සර්ව පාක්ෂික සමුළුව ගැනත් එක එක කෙනාගේ, එක එක කතා ගොඩයි. ඔය සර්ව පාක්ෂික, ජාතික ආණ්ඩු ගොඩක් වෙලාවට අවසන් වුණේ, කාගෙහරි පස්සක් නැති වෙලා. මතකනේ යුද්ධය කාලෙත් ඔහොම එක එක කතා ගියා.

(සම්පූර්ණ කතාව පහත වීඩියෝවෙන් බලන්න. 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි