SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගාමිණී ෆොන්සේකා රඟපාපු ඒ කලේ ජනප්‍රියම ෆිල්ම් එකක්.

මාලිනි, සෝනියා, බැප්ටිස්ට්, ඇලෙක්සැන්ඩර්, හියුගෝ, රුක්මනී, ඇන්තනි, බී.එස් සහ මාක් සමරනායක වගේ, ජනප්‍රිය නළු නිළියන් රාශියක් මේ ෆිල්ම් එකේ හිටියා, ශිවාජි ගනේෂන් හා ජයලලිතා රඟපාපු , 1971 අවුරුද්දේ  ලංකාවේ දීත් තිරගතවුණු, 'සවාලේ සමාලි' කියන ද්‍රවිඩ චිත්‍රපටය අනුසාරයෙන් තමයි කව්ද රජා නිෂ්පාදනය කරලා තිබුනේ.

කව්ද රජා චිත්‍රපටය තිරයට එන්නේ, 1976 වසරේ. 1972 එදත් සුරයා අදත් සුරයා චිත්‍රපටයෙන් ඇරඹි, විනෝදාත්මක සිනමාවේ ගාමිණි-මාලිනි යුගයේ අවසානය සටහන් කරන, ඔවුන් දෙදෙනා, පෙම්වතුන් ලෙස රඟපාන අවසන් චිත්‍රපටය, 'කව්ද රජා' කියලයි කියන්නේ.

රොක්සාමිගේ සංගීතයට අනුව ජෝතිපාල ගයනා කරන 'පන්දම් අල්ලා ගත් නම්බු නාමේ'.. කියන සින්දුව තියන්නේ මේ ෆිල්ම් එකේ..

'පන්දම් අල්ලා ගත් නම්බු නාමේ'

දේශපාලන ගොසිප් කතාකරන අපි, හිටි හැටියේ ගාමිනිගේ ෆිල්ම් එකකින් අද කතාව පටන් ගත්තේ , රාජපක්ෂ  ආණ්ඩුවේ 'කව්ද රජා' බයිස්කෝප් එක ගැන කතාවට, පෙරවදනක් විදියට.

කව්ද අද මේ ආණ්ඩුවේ රාජා. විධායක ජනාධිපති ගෝඨාභය ද ? අපොයි නෑ . එයා දැන්, යන්න බලාගෙන ඉන්න ජනාධිපති. එතකොට මේ රජා අගමැති මහින්ද ද? අපොයි මේ, ඒ උන්දැ ගැනත් නෙමෙයි. එහෙනං කව්ද මේ ආණ්ඩුවේ රජා ? 

අපි නම්  මීට  ඉස්සෙල්ලත්, එක දිගටම කිව්වා. ඒත්  පෙරේදා තමයි, මුළු රටම දැනගත්තේ, මේ ආණ්ඩුවේ රජා කව්ද කියල. ඒ වෙනින් කව්රුවත් නෙමෙයි, ඒ බැසිල් ! මොළ හතානෝ !

අපි ඔය කතාව දිගටම කිව්වා. 69 ලක්ෂයක ජනවරමක් ගත්ත ගෝඨාභය ප්ලෑන්  කරලා, අසරණ කරපු හැටි කිව්වා. එහෙම කරපු බැසිල්  ගැන කිව්වා. කොටින්ම මේවා කරන බැසිල්  ස්ටයිල් එක පවා, leader gossip එක කිව්වා. එතකොට සමහරු හිතුවේ, අපි ගෝඨාභයට ගහනවා කියල. අපි කිව්වේ වෙලා තියන දේ.. ගෝඨා ව පෙන්න පෙන්න, හොරු සෙට් එකක් මහජන දේපල මංකොල්ලකනව කියල අපි දිගටම කිව්වා.

කට්ටිය එකතුවෙලා, ජනාධිපති තුමාව තනි කරපු හැටි කියනකොට , සෝෂල් මිඩියා එකේ බොරු රිපෝට් පෙන්නලා, ජනාධිපති තුමාව අන්දන, සමහර උදවියට රිදිලත් තිබුන. සමහරු අපිට මරණ තර්ජන කළා. ඔය ගෑනිට ප්‍රවේසම් වෙලා ඉන්න කියලත් , මැසේජ් එවල තිබුනා . ඒ ලොක්කාගෙන් ලකුණු ගන්න කරපුවා වෙන්න පුළුවන් . තවත් බිස්නස් ඩීල් එකක් දාගන්න වෙන්නත් පුළුවන් ..

ඒ අවාසනාවන්තයන් නොදැන හිටියේ , leader කියන්නේ, කහවනු වලින් ලන්සු තියන්න බැරි , ටීම් වර්ක් එකක් කියලා.

ඒ කොහොම වුණත්, ඔන්න දැන් ලීඩර් අපි කිව්ව කතාව, ආණ්ඩුවේ ඇත්තෝම කියන්න පටන් අරන්..

ගෝඨාභය කියන්නේ බැසිල්ගේ පදේට නටන පඹයෙක් විතරයි. දැන් ඔය කතාව කියන්නේ අපි නෙමෙයි. "ඔය රූකඩ  ඇමතිකන් තිබුනත් එකයි.. නැතත් එකකයි කියල" ආණ්ඩුවෙන් ගේම ඉල්ලන විමල්ලා.

ඊයේ, ඒ කියන්නේ මාර්තු 04, සිනමන් ග්‍රෑන්ඩ් එකේ තිබුන ප්‍රෙස් එකේදී, විමල් පැහැදිලිව කියනවා, මේ ආණ්ඩුවේ කව්ද රජා කියල.

හැම  අවස්ථාවකදීම වගේ මේ අවස්ථාවේත් , ගෝඨාභය ජනාධිපති, බැසිල්ට යටත් වුනා කියල, විමල් කියනවා. ඒ කියන්නේ අපි කියපු කතාවම තමයි. මේ ආණ්ඩුව පාලනය කරන්නේ, මෙහෙයවන්නේ බැසිල්. මේ රටේ එක මිනිහෙකුගේවත් ජනවරමක් නැති බැසිල්.

මාර්තු 02 වෙනිදා, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ  11ක් එකතුවෙලා, 'රටම හරි මගට ' යන්න කියල, ආණ්ඩුවේ ලොක්කන්ට යෝජනාවලියක් ඉදිරිපත්කලා. විමල් වගේම ගම්මන්පිලත්,  ඒ උත්සවේදී බැසිල්ට රිදෙන්න දුන්නා.

"විමලුයි ගම්මන්පිලයි කැබිනට් එකෙන් එලෙව්වේ නැත්නම්, කැබිනට් එන්නේ නෑ  කියල, බැසිල් මලයා , ගෝඨා අයියට තගක්  දාලා. එහෙම කලේ නැත්තන්, සේරම දමල ගහල යනවා කියලත් කියලා . විමල් ඊයේ ප්‍රෙස් එකේදී , ඔය ගැනත් කියනවා.

තුනෙන් දෙකක විධායක බලයක් තියන ගෝඨාභය ජනාධිපති තුමා , බැසිල්ට යට වුන හැටි විමල් කියන්නේ මෙහෙම, 

දැන් පේනවා නේද , වෙලා තියන නස්පැත්තිය. අපි කවදාවත් 69 ලක්ෂයේ අහිංසක මිනිස්සුන්ට, බයියෝ බයියෝ කියල නොන්ඩි කතා කියල නෑ . කිච කරලත් නෑ  . කරන්නෙත් නෑ . ඔය 69 ලක්ෂයේ අති බහුතරයකට තිබුනේ, එකම බලාපොරොත්තුවක් . එකම විස්වාසයක්. ඒ, සම්ප්‍රදායික දේශපාලනඥයෙක් නොවෙච්ච ගෝඨාභය, මේ රට හදයි කියල තිබුන, විශ්වාසය. තමන්ට නැතත් තමන්ගේ  දරුවට ඉන්න  හිටින්න, රටක් හදාවි කියන විශ්වාසය.

ඒත්  අපි නම් දිගටම කිව්වා. ඔය දිලිත්ල , විමල්ල මොන කතා කිව්වත්, රාජපක්ෂලා බලයට එන්නේ , නඩු ටික බේරගන්න කියල. ඊළඟට අපි දිගටම කිව්වා, මෙයාලගේ එකම අරමුණ, මේ අවුරුදු 5 දී තවත් හත්මුතු පරපුරකට හම්බකර ගන්න කියල. එහෙම ජනතා දේපල අයතා ඉපයීමෙන්,  විශ්‍රාම සුවය ගතකරන්න, ඇමරිකාවේ පදිංචියට යන්න කියල.

අපි ඕවා කියනකොට,,, සමහරුන්ට රිදුනා. නහයෙන් අඩන්න ගත්ත,, බැරිම තැන තග දාන්න ආවා. ඔන්න දැන් අපි කියපු කතා, විමල්ලම කියනවා. දැන් ඔය අපිට එවන මැසේජ් විමල්ලටත් යවන්න කියල තමයි, අපිට කියන්න තියන්නේ..

'අවලස්සන ඇමරිකානුවගේ පුද්ගලික දුෂ්ඨ කමකට රටක් බිලිදෙන්න බෑ’ කියල, විමල් කියනවා.

h 

මුදල් ඇමති බැසිල් එයාගේ  විශ්‍රාම දිවිය ගත කරන්නේ ඇමෙරිකාවේ බවත්, ඒ අනුව ඔහු ඇමෙරිකාවේ කොන්ත්‍රාත්තුවක් ක්‍රියාත්මක කරමින් ඉන්න බවත්, විමල් ඊයේ ප්‍රෙස් එකේදී කිව්වා.

බැසිල් ට විරුද්ධව ඇමෙරිකාව විසින්, මුදල් විශුද්ධීකරණ චෝදනාව යටතේ, නඩු පැවැරීමට හැකියාවක් ඇති බවත්, එයින් ආරක්ෂා වීම සඳහා, ඔහු ඇමෙරිකානු කොන්ත්‍රාත්තුවක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන බවත්, විමල් කියනවා.

විමල් මෙතනදීත් ඇමරිකානු විරෝධයක් මවනවා. විමල් හැමදාම කෙරුවේ, බටහිර විරෝධයක් හරහා, මිනිස්සු රවට්ටපු එක. විමල්ගේ ඒ කතා පැත්තක තිව්වත්, බැසිල් සම්බන්ධයෙන් මතුකරන කාරනා හරිම වැදගත්.

අපි දිගටම කිව්වා, රාජපක්ෂලව, විස්වාස කරන්න බෑ කියල. පළමුවත් රට, දෙවනුවත් රට, තුන්වෙනුවත් රට,  කියල, රාජපක්ෂලා, මහා පොලොවේ දිගාවෙලා,  ජනතාව ගොනාට අන්දන්න හැදුවට,, එයාලට පළමුවත් පවුල, දෙවනුවත් පවුල, තුන් වෙනුවත් පවුල, තමයි කියලා . දැන් ඒක  නෙමයිද මේ වෙලා තියන්නේ.

විමල්ල වගේම, 2005 දී මංගලටත් අත්වුණේ, මේ ඉරණම ම තමයි.  රාජපක්ෂලට සහය දෙන්න එපා  කියල, එදා චන්ද්‍රිකා කියද්දී, මංගල  මහින්දව ජනාධිපති කරන්න කඩේ ගියා. නිකන් නෙමෙයි කැම්පේන් මැනේජර් විදියට. චන්ද්‍රිකා ඒ වෙලාවේ, මංගල ගෙන් අහල තිබුන ලු '' මංගල ඔයා,  ඔය පවුලේ උදවිය ගැන දැනගෙන ද,, ඔය වැඩ කරන්නේ කියලත්. ඒත්  මංගල එදා විස්වාස කලේ එයත් එක්ක එකට මව්වරුන්ගේ පෙරමුණ හදපු , මානවහිතවාදී මහින්ද කෙනෙක් ගැන.

h2

ජනාධිපතිවරණෙ දිනුවට පස්සේ තමයි, අනිත් රාජපක්ෂලා ඇමරිකාවෙන් ඇවිත්, මෙහෙ බින්න බැස්සේ. ඊට පස්සේ තමයි මංකොල්ලය  පටන් ගත්තේ. අන්තිමට මහින්දගේ කැම්පේන් මැනේජර් මංගල, අවුරුද්දක් යන්න ඉස්සෙල්ල ආණ්ඩුවෙන් දොට්ට.

අද විමල්ලට වෙලා තියන්නෙත්, ඒ ටිකම තමයි. මංගලට - ශ්‍රිපතිලට වෙච්ච දෙයින්වත් පාඩමක් ඉගෙනගෙන තිබුනේ නෑ .

2015 පරාජයෙන් පස්සේ ,, බැසිල්ල රටත් දාලා ඇමරිකාවට පැනල දුවනකොට , 'මහින්ද සුළඟ' හදාගෙන මාසයක් දෙකක් යන්න ඉස්සෙල්ල, නුගේගොඩ රැස්වීමක් තිව්වේ විමල්ල .. විමල් වගේම වාසු ගම්මන්පිල ඒකේ, පෙරමුණ ගත්ත. අද ඔය රාජපක්ෂලව, වට කරගෙන ඉන්න කට්ටියගෙන් ප්‍රසන්න විතරයි එදා ,රැස්වීමටවත් ඇවිත් හිටියේ.

පහුගිය මහ මැතිවරණ රැස්වීමකදී ඒ ගැන මහින්ද එයාගේ කටින් ම කිව්වේ මෙහෙම..

විමල්ට එහෙම සහතික දුන්න මහින්දත්, දැන් කඩේ වහල පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. පෙරේද විමල්ට කෝල් එකකුත් දීලා තිබුන. ප්‍රශ්නය ට, මැදිහත් වෙන්නන් කියලත් කිව්වා ලු, ඒත් දැන් මහින්දත්, බැසිල්ට බයයි. මොකද පක්ෂ  බලය  තියන්නේ බැසිල් ළඟ. ඒ කියන්නේ නාමල්ගේ අනාගතේ තියන්නේ බැසිල් අතේ.. ඔය ඔකොටම වැඩිය රාජපක්ෂ  පවුල ආරක්ෂාකර ගන්න එක , ගෝඨාභයට වගේම මහින්දටත්, ඒක තමයි  අංක එක.

මව්බිම, රට, ජාතිය, ආගම කියන්නේ රාජපක්ෂලට බලයට එන්න , මිනිස්සු රවට්ටන්න යොදාගත් ප්‍රචාරක වැඩසටහනක්  විතරයි.

කැළණි ගඟ දෙබෑ කරගෙන අපු නාග රජ්ජුරුවෝ, දෙකයි පනහේ ප්ලාස්ටික් බෝතලේක දාගෙන මිනිස්සු රවට්ටපු දිලිත්ල, අද විසිවෙලා. රාජපක්ෂලා බලයට ගේන්න ,  ජාතිවාදය අවුස්සපු විමල්ල, අද විසිවෙලා. හැම ආණ්ඩුවක් එක්ක ඩීල් දාන ජාවාරම් කාරයෝ දෙතුන් දෙනෙක් , ජනාධිපතිවත් වටකරගෙන. 69 ලක්ෂය අන්තෙටම අසරණවෙලා.

මේ රටේ කිසිම මිනිහෙකුගේ ජනවරමක් නැති , බැසිල් රජවෙලා. එයා 69 ලක්ෂයේ ජනවරමට වගකියන්න ඕන නෑ  . දැන් විමල්ල වගේ ඇතුලේ ඉඳන් කකුලෙන් අදින අයත් එලවල. ගෝඨාගේ යාලු මිත්‍රයොත් , ගොඨ ලගින් එලවල. දැන් පටන් ගත්තේ බැසිල්ගේ ගමනක්. ඉති කව්ද රජා ? බැසිල් නෙමෙයිද ?

විමල් කියනවා , ජනාධිපති ගෝඨාභය යටතේ ආය නම්, ඇමතිකන් ගන්නේ නෑ  මයි කියල.. ඒ කියන්නේ 'කව්ද රජා ' ෆිල්ම් එකෙන් පස්සේ , ගාමිණී - මාලනී පෙම්වරුන් විදියට එකට රඟ පෑවේ නෑ  වගේ, ගෝඨාභය - විමල් ප්‍රේම සම්බන්ධයත් ඉවරයි කියන එකද ? ඒ ගැන නන් අපට සහතික දෙන්න බෑ . අද රටේ තියන්නේ අවස්ථාවාදී දේශපාලනයක්.

ඔය මොනවා වුනත් බලය ගන්න ජාතිවාදය  , ආගම්වාදය, කුල වාදය  ඇවිස්සුවම, රටකට වෙන්න පුළුවන් බරපතලම ඉරණම , අපි අද බුක්ති විදිමින් ඉන්නවා. ඒ නිසා රට හදන්න අලුතින්ම හිතන්න කාලය ඇවිත්.

@LeaderTV