SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කාන්තාවන් පිරිසක් මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවස ඉදිරිපිට විරෝධතාවයක නිරත වනවා.

200 කට ආසන්න පිරිසකගෙන් ආරම්භ වූ මෙම විරෝධතාවයට ක්‍රමයෙන් පිරිස වැඩිවෙමින් මහා ජන ගගක් බවට පත්ව ඇති බව ප්‍රවෘත්ති ආරංචි මාර්ග පවසයි.

මෙම විරෝධතාවය හා වැටලීම සිදුකර ඇත්තේ ජීවන වියදම, විදුලි කප්පාදුව, ගෑස් අර්බුදය ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් විරෝධය පලකිරීමටයි.

සමගි ජනබලවේගය පක්ෂයේ වනිතා බලවේගය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුනද මේ වනවිට පක්ෂ පාට භේදයකින් තොරව ගෘහනියන් විශාල පිරිසක් මේ සඳහා එක්වෙමින් පවතින බව ආරංචිමාර්ග වලින් කියැවේ.

කෙසේ වෙතත් මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුරයට ගොස් ඇති බවත් දැනට ආගමික උත්සවයකට සහභාගී වී සිටින බවත් ආරංචිමාර්ග දක්වයි.

වැඩිවන ජීවන වියදම මෙන්ම රට තුළ උද්ගතව ඇති විදුලිය කප්පාදුව වැනි කරුණු නිසා කාන්තාවන් අතිශය පීඩාවට පත්ව ඇති අතර මෙම විරෝධතාවන් දේශපාලන රගපෑම්වලින් තොර සැබෑ විරෝධතාවක් බවට පත්වනු ඇතැයි බොහෝ විචාරකයින්ගේ මතය වී ඇත.