SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විමල් වීරවංශ හා උදය ගම්මන්පිල වහාම අමාත්‍ය ධුරවලින් නෙරපා හරින්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් සිදුකල බලපෑම් හමුවේ හදිසි කැබිනට්

සංශෝධනයක් සිදු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි වාර්තාවේ.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් එක්ව ඊයේ (02) පැවැත්වූ “මුළු රටම හරි මගට ජාතික ප්‍රකාශනය” එළිදැක්වීමේ උත්සවයෙදී විමල් වීරවංශ හා උදය ගම්මන්පිල අමාත්‍යවරුන් මුදල් අමාත්‍යවරයාව දැඩි ලෙස විවේචනයට ලක් කළේය.

ඒ අනුව, විමල් විරවංශ හා උදය ගම්මන්පිල කැබිනට් මණ්ඩල රැස්වීම්වලට සහභාගී වන්නේ නම් කැබිනට් රැස්වීම්වලට සහභාගී නොවන බව මුදල් අමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙත අද පෙරවරුවේ අවධාරණය කර තිබුබව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මෙම බලපෑම් හමුවේ කැබිනට් මණ්ඩල සංශෝධනය කිරීමට තීන්දුකර ඇති ජනාධිපතිවරයා, විමල් විරවංශ හා උදය ගම්මන්පිල අමාත්‍ය ධුරවලින් නෙරපා හැරීමටත්, බලශක්ති අමාත්‍ය ධුරය පවිත්‍රා වන්නිආරච්චි පත් කිරීමටත්, අධ්‍යපන අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක පත් කිරීමටත් තීරණය කර ඇතැයි ඉහත ආරංචිමාර්ග සඳහන් කරයි.

දිනේෂ් ගුණවර්ධන කර්මාන්ත අමාත්‍යවරයා ලෙස නම් කෙරුණද ඔහු එය ප්‍රතික්ෂේප කරන ලද බව වාර්තා වේ.


මේ වන විට බලශක්ති අමාත්‍යවරයා ලෙස උදය ගම්මන්පිල සහ කර්මාන්ත අමාත්‍යවරයා ලෙස විමල් වීරවංශ කටයුතු කරයි. කෙසේවෙතත් ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස පත් කරන්නේ කවුරුන්දැයි මෙතෙක් තීරණය කර නොමැති බව ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.


අගමැති මහින්ද ගෙන් විමල්ට දුරකථන ඇමතුමක් !


ජනාධිපතිවරයා අද උදැසන අමාත්‍ය වාසුදේව නානායක්කාර වෙත දුරකථන ඇමතුමක් ලබාදෙමින් ඊයේ පැවති රැස්වීම සම්බන්ධයෙන් කනස්සල්ල  පළකර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ඒ අතර අගමැති මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ අමාත්‍යවරයාට දුරකථන ඇමතුමක් ලබාදෙමින්, අභ්‍යන්තර ගැටුම් ඇතිනොවන ආකාරය කටයුතු කරන ලෙසත් ආණ්ඩුවේ ප්‍රශ්න ඇතුලේ කතාබහ කර සාමකාමිව විසඳා ගැනීමටත් යෝජනා කර ඇතයි ද පැවසේ.

විමල් විරවංශ අමාත්‍යවරයා ඊයේ පැවති උත්සවයේදී පැවසුයේ, රට මුහුණදී සිටින ගැටළු සාකච්ජා කිරීමට ආණ්ඩුව තුල අභන්තර සාකච්ජාවකට ඉඩක් නොමැති බවයි. එම විවේචනය සාධාරණ බව පිළිගෙන ඇති අගමැතිවරයා ඒ සම්බන්ධයෙන් තමන් වහාම මැදිහත්වන බව පවසා ඇතැයි ද වාර්තාවේ. 

@Theleader.lk