SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

''ඩීසල් හිගයට ප්‍රධාන හේතුව ගම්මන්පිල ඇමතිවරයාගේ කට මිස වැඩ නැති කෙරුවාවයි.

අත්දැකීම් නැති, හුදු කටකාරකම පමණක් ම ඇති, මෙවැනි පුද්ගලයින්ට තීරණාත්මත ඇමතිකම් දීමෙන්, ආණ්ඩුව කර ඇත්තේ විශාල වරදකි.''-මහින්ද පතිරණ, (පුවත්පත් මණ්ඩලයේ සභාපති)

මහින්ද පතිරණ කියන්නේ, පට්ට බැසිල් වාදියෙක්. ඒකේ  කතා දෙකක් නෑ . මහින්ද පතිරණ මෙහෙම කතාවක් කියන්නේ, විමල් ඇමතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ, අලුත් ගේමකට සෙට් වෙන්න හදන වෙලාවක.

ආණ්ඩුව නියෝජනය කරන හවුල්කාර පක්ෂ, මාර්තු දෙවැනි දා, ආණ්ඩුව හරි මගට ගේන්න  කියලා, යෝජනාවලියක් එලියට දාන්න යනවා.  මතකනේ , ලීඩර් tv අපි තමයි මේක මුලින්ම අනාවරණය කළේ.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ජාතික කොංග්‍රසය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, විජය ධරණී ජාතික සභාව, එක්සත් මහජන පක්ෂය, යුතුකම ජාතික සංවිධානය  , ඇතුලත් දේශපාලන පක්ෂ 11 විසින් සකසන ලද, “මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශනය එළිදැක්වීම මාර්තු 02 සිද්ධ වෙනවා.

මාර්තු 2, සවස 3:00ට, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් ශාලාවේ දී.

රටත් ජනතාවත් මේවනවිට අත්විඳින්නේ, විවෘත ආර්ථික සංවර්ධන ආකෘතියේ දරුණුතම අවපාතයක ප්‍රතිඵල බවත්, කෙටිකාලීනව එම අර්බුදයට මුහුණ දෙමින්, දීර්ඝකාලීනව මෙරට ආර්ථිකයේ පදනම ශක්තිමත් කෙරෙන, බහුතරයක් ජනතාවට ආර්ථික ඉඩප්‍රස්තා සලසමින්, සමාජ සාධාරණත්වය තහවුරු කෙරෙන, ආර්ථික ආකෘතියක් නිර්මාණය කළ යුතුව ඇති බව එහිදී අවධාරණය කෙරෙන බව තමයි කියන්නේ . ඒ වගේම, ඉහත පක්ෂවල නායකයන් , වත්මන්  දුෂ්කර අවස්ථාව අභියෝගයක් සේ සලකා, එය ජයගැනීම උදෙසා වන යෝජනාවලියක්, මෙසේ ඉදිරිපත් කරන බව ද කියනවා.

“මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට, විද්වතුන් , වෘත්තිකයන්, කලාකරුවන් , ඇතුළු සම්භාවනීය පිරිසකට ආරාධනා කරලා.

ජනතා විමුක්ති පෙරමුණේ, ජාතික ජන බලවේගේ සම්මේලනය  තිබුනෙත්, මෙතනම තමයි. ඒ විතරක් නෙමෙයි, චම්පිකගේ 43 සේනාංකයේ සම්මේලනය  තිබ්බෙත්, ඔය  මොනාක් ඉම්පීරියල් එකේ.

විමල් වීරවංශ ඇමතිතුමා ඇතුළු, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක නායකයින්, පසුගිය 23දා හවස, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ නිවසට එකතුවුනා . එතැනදී ඉදිරියේදී ගතයුතු දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්, දීර්ඝ වශයෙන් සාකච්ජා කර තියනවා.

 මාර්තු දෙවෙනිදා, විමල්ලාගේ  සම්මේලනයට, ශ්‍රීලංකා එකේ නියෝජිතයෝත් එකතු වෙන්න තීන්දු කරලා තියන්නේ, මෙතෙන්දි කියලයි කියන්නේ.

බැසිල් ඇමතිතුමා , ආණ්ඩුවේ හවුල් පක්ෂ හලලා, පොහොට්ටු පක්ෂයෙන්, රට වටා රැස්වීම්  තියන්න පටන් ගත්තා. අනුරාධපුර සල්ගාදු පිට්ටනියේ තිබිච්ච රැස්වීමේ පැත්ත පළාතකට, හවුල්කාර පක්ෂ වල, කව්රුවත් වැද්දගත්තේ නෑ .

බැසිල් කරපු ඒ වැඩෙන් පස්සේ, විමල්ලට තේරුනා , මිට පස්සේ, පොහොටු සන්ධානය  ඇතුලේ , එයාලට ඉඩක් නෑ  කියල. බැසිල් තනි ගමනක් යනවා කියලා. මෙතෙන්දි අගමැති තුමා  වගේම ජනාධිපති තුමත්, අන්ත අසරණයි කියලා.. ඒ වගේම , එයාලා  දෙන්න දැන් බැසිල්ගේ පදේට නටන, රුකඩ දෙකක් කියල.

ඉතින් එයාල වෙනම ෆ්‍රන්ට් එකක් හදලා, රටවටේ රැස්වීම් තියල, තමන්ගේ දේශපාලන හයිය පෙන්නන්න තීරණය  කරලා. ඒ කියන්නේ , මාර්තු දෙවෙනිදා තමයි පළමු වෙඩිමුරේ තියන්න යන්නේ .

විමල්ල - දයාසිරිලා එකතුවෙලා හදන, මේ අලුත් ෆ්‍රන්ට් එක, පැහැදිලිවම බැසිල් විරෝධී එකක්.. ඉතින් මහින්ද පතිරණලා, දැන් ආයෙත්  වටයකින් විමල්ලට - ගම්මන්පිල ලට, ගහන්න පටන් ගත්තු එක , එක අතකට පුදුම වෙන්න දේකුත් නෙමෙයි..

බැසිල් විරෝධය කොහොඅම වුනත් , විමල්ලට, ජනාධිපති ගෝඨාභය ගැන විතරක් නෙමෙයි , අගමැති මහින්ද ගැනත්  පොඩි පහේ සිම්පති එකක් තියන පාටක් පේනවා. ඒගොල්ලෝ දිගටම ට්‍රයි කලේ, ගෝඨාභය ශක්තිමත් කරන්න. ගෝඨාභය තනි නොකරන්න. ඒත් ගෝඨාභය ජනාධිපති තුමා පවුලට යට වෙච්ච යටවිල්ල , විමල්ල ඇස්පනාපිට දැක්ක.

දැන් අලුත් ෆ්‍රන්ට් එකක් හදන්න යන්නේ, ගෝඨාභයත් එක්ක තවත් ගමනක් නෑ  කියල, හරියටම තේරුම් ගත්තට පස්සේ.

ඒ කතා මොනවා වුනත්, විමල්ල - දයාසිරිලා එකතුවෙලා, එයාලම ඉන්න ආණ්ඩුවට ඉදිරිපත් කරන්න යන යෝජනාවලියට,  මහින්ද අගමැතිතුමා ක්ෂණික ප්‍රතිචාර දක්වන්න ඉඩ තියනවා.  ආරම්භයේදීම විමල්ලාගේ සන්ධානය සාක්කුවේ දාගන්න පුළුවන් උනොත්, ඒක අගමැතිතුමාට ලොකු ජයග්‍රහණයක්.

මොකද මහින්ද අගමැතිතුමාට දැන් තියන එකම හීනෙ, තමන්ගේ ඇහැ පියා ගන්න ඉස්සෙල්ල , නාමල් අගමැති කරන එක.  සමහරවිට හවුල් පක්ෂ සන්ධාන වැඩපිළිවෙළ, ඉදිරිපත්  කරන්නේ, මහින්දට වෙන්නත් පුළුවන්.

ඒත් තවම  ඒගැන අනාවැකි කියන්න පුළුවන් කමක් නෑ .  දැනට නන් මේ ෆ්‍රන්ට් එක පැත්ත පළාතකට, රාජපක්ෂලා වැද්ද නොගන්න , තීන්දු කරලා කියල තමයි ආරංචි.

විමල්ල මේ හදන්නේ, ආණ්ඩු විරෝධය  පික් පොකට් ගහලා , ඩලස්ව ගේන්නද කියලත් , සමහරු සැක කරනවා. 

ආණ්ඩුවේ ඇත්තෝ ඔය මොන ෆ්‍රන්ට් හැදුවත් , රටේ තත්ත්වේ නම්  එන්න එන්නම , නරක අතට යන පාටක් තමයි පේන්න  තියන්නේ. හරි හමන් විපක්ෂයක් තිබුන නම්, අද රටේ තත්වේ මිට වඩා වෙනස් වෙන්න තිබුන.

ඔය තමයි අපේ අදහස. ඒ වගේම කරලියේ නොපෙනෙන බහුතර අදහස. හැබැයි ඔයාලටත් අදහස් ඇති.

 ඉතිං , ඔයාල මොකද මේ  ගැන හිතන්නේ ..? බැසිල්ට වැඩක් දෙන්න විමල්ලාගේ අලුත් ෆ්‍රන්ට් එකට පුළුවන් වෙයිද?

@LeaderTV