SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන මාර්තු 1 වෙනිදා සිට ආසන මට්ටමින් ආරම්භ කිරීමට තීන්දු කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් අනුව උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි එක්සත් ජාතික පක්ෂය ආසන මට්ටමින් සාමාජික ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව 'සිරිකොත' එජාප මුලස්ථානයේ සන්නිවේදන ඒකකයෙන් ක්‍රියාකාරිකයකු පැවසීය.

මෙම වැඩසටහන අධීක්ෂණය සඳහා එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් පළාත් සහ දිස්ත්‍රික්ක මට්ටමින් අනුයුක්ත  කිරීමටද පියවර ගෙන තිබේ.

ඒ අනුව පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ඌව පළාතේ සහ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පක්ෂ දේශපාලන කටයුතු මෙහෙය වීමට නියමිතය.

එජාප සභාපති වජිර අබේවර්ධන ගාල්ල, රත්නපුර, කලුතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක වල සාමාජික ප්‍රවර්ධන කටයුතු සම්බන්ධීකරණය කරනු ලබයි.

එක්සත් ජාතික පක්ෂ පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් පක්ෂ සංවිධාන ජාලය මෙහෙයවනු ලබන්නේ වයඹ පළාතේයි.

පක්ෂයේ  ජාතික සංවිධායක සාගල රත්නායක මහනුවර, කොළඹ සහ මාතර දිස්ත්‍රික්ක වල සංවිධාන කටයුතු මෙහෙයවනු ලබයි.

ඊට අමතරව රුවන් විජයවර්ධන සහ සාගර රත්නායක කොළඹ දිස්ත්‍රික්කයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන ද අධීක්ෂණය කිරීමට නියමිතය.

අදාල දේශපාලන කටයුතුවල ප්‍රගතිය සම්බන්ධයෙන් පක්ෂ ජ්‍යෙෂ්ඨයන් විසින් එජාප මහ ලේකම්  පාලිත රංගෙ  බණ්ඩාර ට සතිපතා වාර්තා කිරීමට නියමිතව ඇත.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මාර්තු මාසයේදී දේශපාලන ප්‍රචාරක මෙහෙයුම් කිහිපයක් ම අරම්භවීමට නියමිතය.

ඒ අනුව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල ප්‍රචාරක මෙහෙයුම් මාර්තු මාසය මුලදී ආරම්භවීමට නියමිත අතර අමාත්‍ය නාමල් රාජපක්ෂගේ 'ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව' (Hope for Sri Lanka) නමැති සංවර්ධන ප්‍රචාරක  මෙහෙයුම මාර්තු මස අගදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.  

@Theleader.lk

නවතම ලිපි