SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) ලබන සතියේ රැස්වී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගනු ලබන තීන්දු තීරණවලින් පසු රටේ ආර්ථික අර්බුදය පිළිබඳවත් ඉන්

ගොඩඒමට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ගතහැකි මුලික ක්‍රියාමාර්ග පිළිබඳවත් තමා රට හමුවේ විශේෂ ප්‍රකාශයක් කරන බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

ආර්ථික ක්ෂේත්‍රය පිලිබඳ ජාතික හා ජාත්‍යන්තර විද්වතුන් රැසක් සමග පසුගිය දින කිහිපයේ තමා සාකච්ජා පැවැත්වූ බවත්, රට මුහුණදී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගත් බවත් රනිල් වික්‍රමසිංහ පවසයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමෙන් පසු තමා ආණ්ඩුවේ හා විපක්ෂයේ ප්‍රධානින් කිහිප දෙනෙකු මෙන්ම මෙරට ප්‍රකට ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු හමුවී රට ගොඩනැගීමට අවශ්‍ය මුලික රාමුවක් ඇතිකර ගැනීමට අදාල සාකච්ජා වට කිහිපයක් පැවැත්වීමට අදහස් කර සිටින බවද හිටපු අගමැතිවරයා කියා සිටියි.

හිටපු අගමැතිවරයා එම කාරණා සඳහන් කර ඇත්තේ, සිවිල් සමාජ ක්‍රියාකාරී තරුණ තරුණියන් පිරිසක් ඊයේ (14) දහවල් ඔහුගේ නිවසේදී හමුවූ අවස්ථාවේදීය.

මේ වන විට රට මුහුණපා ඇති දැවැන්ත ආර්ථික අර්බුදයට තිරසාර විසදුමක් ලබා දීම සඳහා රජය වහාම කටයුතු කළ යුතු බව දක්වමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් විසින් නිකුත්කර ඇති ඒකාබද්ධ නිවේදනයට අත්සන් නොකළේ ඇයිදැයි එම සාකච්ජාවට සහභාගී වී සිටි තරුණියක් කල විමසීමේදී රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා පවසා ඇත්තේ, IMF වර්තාව මෙන්ම රාජ්‍ය ණය සහ ණය සේවා පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුව ට ලැබිමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂය හා විපක්ෂයේ සියලු ම කාණ්ඩයම් සමග සාකච්ඡා කර පොදු  ස්ථාවරයක් ඇතිකර ගැනීම වඩාත් පලදායක වියහැකි බවයි.

 

මේ සම්බන්ධයෙන් සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ මැදිහත්වීම බෙහෙවින් අගයකර ඇති රනිල් වික්‍රමසිංහ, රටේ ආර්ථික හා මුල්‍ය අර්බුදයට ආණ්ඩුව හා විපක්ෂය එක්වී පාර්ලිමේන්තුව තුලින්ම විසඳුමක් සොයා ගැනීමේ අවශ්‍යතාවය මෙහිදී දැඩි ලෙස අවධාරණය කර ඇත.


''ජාතික ආණ්ඩු හදලා වැඩක් නෑ''


කෙසේවුවද රට මුහුණදී සිටින අර්බුදයට ජාතික ආණ්ඩු හැදීමෙන් පලක් නොවන බව හිටපු අගමැතිවරයා පවසයි. ඔහු එබව කියා සිටියේ, දිවංගත අමාත්‍ය මංගල සමරවීර මහතා පිළිබඳ පසුගිය සිකුරාදා (පෙබ.11) පාර්ලිමේන්තුවේ පැවති ශෝක යෝජනා විවාදයේදීය.

ඔහු එහිදී මෙසේ පැවසිය.  

''අද විශේෂයෙන්ම මේ විශාල ආර්ථික අර්බුදයක ඉන්න ලංකාවේ අපිට පුළුවන් වෙන්න ඕනේ අඩුගානේ මුලික පියවර ගැන එකගත්වයකට එන්න. අපි කියන්නෑ ජාතික ආණ්ඩු හදන්න කියල.. ඒවා කරලා වැඩක් නෑ.

 එත් අපිට පුළුවන් ද මේ අවස්ථාවේදී රට ගොඩනගන මුලික එකඟතාවය කුමක්ද කියලා හිතල බලන්න.


''මමනම් යෝජනා කරන්නේ අපිට මංගල සමරවීර මැතිතුමා වෙනුවෙන් කරන්න පුළුවන් හොදම ගෞරවය තමයි, අපි ඔක්කොම එකතුවෙලා ප්‍රශ්නවලට තියෙන විසදුම් මොකද්ද ? කොතෙන්නද එකඟවෙන්නේ කියල සොයා බැලීම .'' හිටපු අගමැතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය. 

නවතම ලිපි