SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල කරන ලද නින්දිත ප්‍රහාරය දෙවන පරපුර අප ඉතා පිළිකුලින් යුතුව හෙළා දකිමු.

සමාජයක වෙසෙන ඕනෑම පුරවැසියෙකුට තමන් දරණ මතය ප්‍රකාශ කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සහතික විය යුතුය. සත්‍ය ගවේශණය සඳහා මාධ්‍යවේදියෙකුට ඊට එහා ගිය අයිතිවාසිකමක්‌ හිමි විය යුතුය. එය චමුදිත සමරවික්‍රම මහතාට පමණක් නොව සියලු මාධ්‍යවේදීන්ට ලැබිය යුතු වෘත්තිමය හිමිකමකි. නොඑසේ නම්, වෘත්තිමය වගකීමකි. එය ආරක්ෂා කිරීම බලය හොබවන ආණ්ඩුවේ, රජයේ මෙන්ම අදාල බලධාරීන්ගේ වගකීම ද වේ.

සමාජයක යහපත් පැවැත්ම එම රාජ්‍යයේ අනාගතය පිලිබඳ කැඩපත වේ. ඒ වෙනුවෙන් මාධ්‍යවේදීන්ගේ වගකීම අති විශාලය. රටක සිදුවන සමාජ විරෝධී ක්‍රියා, වංචා දුෂණ, වැරදි අඩුපාඩු හා වෙනත් අහිතකර ක්‍රියාවන් ඇත්ත ඇතිසැටියෙන් සමාජ ගත කර ජනතාව අවදි කිරීම මෙන්ම, වගකිව යුත්තන්ගේ දෑස් ඒ වෙනුවෙන් විවර කරවීම ද මාධ්‍ය සංස්කෘතිය තුළ අනිවාර්යෙන් සිදුවිය යුත්තකි.

මෙම ප්‍රහාරය රටේ මාධ්‍යවේදියෙකු හට සිදුවූ ප්‍රථම අවස්ථාව ද නොවේ. එවැනි අපුල අභාවාචකයන් ගණනක අත්දැකීම් දශක කිහිපයක් පුරාවට සිදුවී ඇත. අපගේ විශ්වාසය නම්, මෙය අවසන් ප්‍රහාරය ද නොවුණු ඇත. එබැවින් සියලුම මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස අදාළ බළධාරීන්ට බලකර සිටිමු. නීතිය සැමට සමානව ක්‍රියාත්මක කරන ලෙසට පෙළගැසෙමු.

මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් වෙනුවෙන් සිදු කරන බියවැද්දීම්, පහරදීම්, තර්ජනය කිරීම් හෝ එවැනි සියලු ගණයේ අත්තනෝමතිකත්වයන්ට එරෙහිව දෙවන පරපුර අප කොන්දේසි විරහිතව එරෙහි වෙමු.

@ දෙවන පරපුර

නවතම ලිපි