SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද අපේ අවධානය ත්‍රස්තවාදය ගැන.

හරියට කිව්වොත්,  ත්‍රස්තවාදය  වැලැක්වීමේ, ඒ  අපකීර්තිමත් පණතේ ඉදිරිය  සම්බන්ධව තමයි අද අපේ කතාව.  ඒ ගැන කතාවට කලින් මතක් කරන්න, තවත් විශේෂ කරුණක් තියෙනවා. ඒ තමයි මේ වන විට ක්‍රියාත්මක  , ත්‍රස්තවාදය වැළක්වීමේ  අපකීර්තිමත් පනත යොදාගෙන, වසර දෙකකට ආසන්න කාලයක් සිරගත කොට සිටි, කීර්තිමත් මුස්ලිම් නීතිඥවරයකු ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය  නියෝග කිරීම.

ඊයේ, ඒ කියන්නේ පෙබරවාරි 07 වෙනිදා තමයි අභියාචනාධිකරණය මේ තීන්දුව දෙන්නේ.

ඒ, නීතිඥ හිජාස් හිස්බුල්ලා තමා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කර තිබූ, ප්‍රතිශෝධන පෙත්සම කැඳවු අවස්ථාවේදී.

මේ නියෝගය ලබාදුන්නේ මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දෙවෙල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල..

නීතිඥ හිජාස් හිස්බුල්ලාට ඇප හිමිවුයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව මේ මස අගදී රැස්වීමට නියමිතව තිබෙන මොහොතක. අන්න ඒකත් මෙතනදී විශේෂයෙන් මතක් කරන්න ඕන.

ඔබට මතක ඇති ලංකා දේශපාලනයේ නොමැකෙන කැළලක් සටහන් කළ, දින 52 ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත්‍රණය. ඒ ව්‍යවස්ථා කුමන්ත්‍රණය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරාජයට පත්කරන්න දැඩිව කැපවූ  නීතිඥවරයා ලෙස, ඊට මැදිහත් වූ සියලු ජේෂ්ඨ නීතිඥයන්ගේ පැසසුමට ලක්වූවෙක් තමයි හිජාස් හිස්බුල්ලා කියන්නේ.

අන්න එහෙම අයෙකුට තමයි, මේ ත්‍රස්තවාදය වැලැක්වීමේ අපකීර්තිමත් පණත යොදාගෙන, කිසිම සාක්ෂියක් නැතුව රඳවාගෙන හිටියේ.

ඇත්තටම අපි මේ කතාව විශේෂ කර දැක්වූයේම, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත , අපේ රටේ ක්‍රියාත්මක වෙන ප්‍රායෝගික තත්ත්වය පෙන්වා දෙන්න.

 ඒ වගේම, අපි ඊයේ ඔබට කිව්වා ,  ලංකාවේ මානව හිමිකම් වල තත්ත්වය යුරෝපා පාර්ලිමේන්තුවේ මානව හිමිකම් අනුකමිටුවට වාර්තා කිරීම නිසා  මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක වන  අම්බිකා සත්කුනනාදන් ට ලංකා රජය එල්ල කළ චෝදනාව.

එහිදී විදෙස් අමාත්‍යංශය, නිවේදනයක් නිකුත්කරමින් , LTTE හංවඩුව ගැසීමට උත්සාහ කරනවා.

ඉතිං ඔන්න ඔහොම පසුබිමක තමයි, ත්‍රස්තවාදය වැලැක්වීමේ සංශෝධන පණත සම්බන්ධයෙන් අහන්න ලැබෙන්නේ.

මහත් ගර්හාවට පාත්‍රවී ඇති මේ  ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සංශෝධනය කරන්නට සූදානම් බව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ත්, පසුගියදා පාර්ලිමේන්තුවට දැනුම් දී  තිබුනා.

කොහොම නමුත් සංශෝධනය කරන බවට ආණ්ඩුව ප්‍රකාශයට පත්කර ඇති, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ට එරෙහිව , දෙමළ ජාතික සන්ධනය, මේ වන විට මහජන පෙත්සමක් අත්සන් කිරීමට ආරම්භ කර තියනවා , ඒ මේ පණත සම්පූර්ණයෙන් අහෝසි කරන්න ඉල්ලමින්.

මේ අතර සිවිල් සංවිධානත් එක් පෙරමුණකට ඇවිත්. ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සඳහා යෝජිත සංශෝධන 'වහාම අකුලා ගන්න' කියමින්.

ශ්‍රී ලංකා රජය විසින් පසුගිය ජනවාරි 27 වැනි දින ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන ලද , ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධිත පනත් කෙටුම්පත මගින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුවන, භයානක මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් , කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඓතිහාසික වශයෙන්ම භාවිතා කර තිබෙන්නේ දෙමළ ජනතාවට එරෙහිව හා, පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරවලින් පසු මුස්ලිම් ජනතාවට එරෙහිවත්, වර්තමානයේදී විරුද්ධ මතධාරීන්ට එරෙහිවත් බව අවධාරණය කරන ඔවුන්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස හා එතෙක් එම නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස යලිත් ඉල්ලා සිටිනවා.

මානව හිමිකම් ක්‍රියාකාරීන් මේ බව අවධාරණය කරන්නේ , සිවිල් සමාජ ක්‍රියාධරයන් 70 දෙනෙක් සහ සංවිධාන 32 ක අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින්.

ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ තිබෙන, පනත් කෙටුම්පත, ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (අයි.සී.සී.පී.ආර්) වැනි, ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කර තිබෙන, එම නිසා ගරු කළ යුතු හා, ආරක්ෂා කළ යුතු වන ජාත්‍යන්තර සම්මුති සමග අනුකූල නොවන බව පෙන්වාදෙන, මේ මානව හිමිකම් ක්‍රියාකාරීන් ඇතුලු, සිවිල් සංවිධාන  නිවේදනය,  කෙටුම්පතේ ප්‍රධාන දෝෂ සවිස්තරව දක්වා තිබෙනවා.

ඔබ දන්නවද ? මේ සංශෝධිත පනතේ ත්‍රස්තවාදය යන්න හරි හැටි නිර්වචනය කර නොමැති බවත් සිවිල් සංවිධාන නිවේදනය පෙන්වා දී තිබෙනවා.  

එමෙන්ම ඇප පනත යටතේ සුදුසුකම් නොලබන පුද්ගලයන් හැර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින සියලුදෙනා නිදහස් කරන ලෙසත් ඔවුන්  ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

ඔබට මතක නම්,පසුගිය පෙබරවාරි 02 දා,

ත්‍රස්ත පනත යටතේ රඳවා ගෙන සිටි  තවත් සැකකරුවන් දහතුන් දෙනකු මුදා හැරීමට කටයුතු යෙදුණා. ඇයි එකපාරටම එහෙම දෙයක් වුණේ ? දේශපාලන විචාරකයන් නම් කියන්නේ එක්සත ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව රැස්වීමට දින ලංවූ නිසා මෙහෙම ඓශ්චර්‍යයන් වෙනවා කියලා .

නමුත්

අවුරුද්දකට වැඩි කාලයක් අත්තනෝමතික ලෙස සිරකොට තබාගෙන සිටින අහ්නාෆ් ජසීම් කවියා ඔහුට මොකද වෙන්නේ ?  ඔහුව රඳවාගෙන ඉන්නේ නඩුවක් හෝ ගොනු නොකර.

මේ වෙනකොට  වහාම අහ්නාෆ් කවියා, නිදහස් කරන ලෙස යුරෝපා රටවල් 9ක තානාපතිවරුන්  ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට බල කර තිබෙනවා.

නඩුවක් හෝ නැතුව, අවුරුදු ගණන් සිරබත් කෑම මොන මනුස්සකමක්ද? අනික ත්‍රස්තවාදය විස්තර කරන්නේ, ත්‍රස්තවාදියා  නම් කරන්නේ ආණ්ඩුවේ  බල අවශ්‍යතා අනුව නම් එතන මිනිස්සුන්ට ආරක්ෂාවක් කොහෙන්ද?

@LEADER TV

නවතම ලිපි