SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඊයේ, පෙබරවාරි (04) වෙනිදා, කොළඹ නිදහස් චතුරස්‍රයේ තිබුන 74 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල,

උත්කර්ෂවත් ආකාරයෙන් සංවිධානය කරලා තිබුනා. වෙනදා තිබිච්ච ගරු ගාම්භිරකම, එච්චරම නැතත්, සංදර්ශන ටික නම් ලස්සනට තිබුනා. ලැබූ නිදහසෙන් උපරිම ප්‍රයෝජන ලැබිය හැක්කේ, සියලුදෙනාම රට වෙනුවෙන් තම වගකීම් ඉටුකිරීමෙන් බව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතමින් කිව්වා.

නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී රටක වැසියන් ලෙස, සියලු දෙනාටම අයිතිවාසිකම් මෙන්ම වගකීම් ද ඇති බව, ජනාධිපතිතුමා කාට කාටත් මතක්කරලා දුන්නා.  වගකීම් අමතක කොට, අයිතිවාසිකම් ගැන පමණක් කථා කරන එක, හොඳ මදි කියලත් කිව්වා.

රටට ආදර්ශයක් වන අයුරින්, සැමවිටම කටයුතු කරන්න කියල, සියලු මැති ඇමතිවරුන්ගෙන් සහ, අනෙකුත් දේශපාලනඥයන්ගෙන් කරපු ඉල්ලීම තමයි, ජනාධිපතිතුමාගේ කතාවේ තිබුන පට්ටම කෑල්ල . ජනතාවට ඒ ආදර්ශය දෙනකොට බහුතරයක් ජනතාව, ඔබව අනුගමනය කරනු ඇතැයි කියලත්  ජනාධිපතිවරයා, දේශපාලනඥයන්ට අවධාරණය කළා.

ජනාධිපතිතුමා ඒ කතා කියද්දී, රුපවාහිනී කැමරාව එල්ලවුණේ රාජපක්ෂ පවුලේ, කට්ටියගේ පැත්තට. ඒ වෙලාවේ එයාලගේ මුහුණුවල , එච්චර හොඳ පාටක් තිබුනේ නෑ . වැඩේට පස්සේ, ලන්ච් එකට සෙට් වුන සමහර මැති ඇමතිවරු කියල තියෙන්නේ,  ජනාධිපතිතුමා අරුන්දිකල පිට දාලා, ඒ ගැහුවේ, පවුලේ සෙට් එකටත් එක්ක කියල.

කොහොම වුනත් ජනාධිපතිතුමා රැස්වීම වල, ඔය වගේ ඇනුම්පද කියකිය ඉන්නවා මිසක්, බැසිල්ලගේ හරි , නාමල්ලගේ හරි, මයිල් ගහකටවත් අත තියන්න බයයි. කට්ටිය එකතුවෙලා, පහුගිය  අවුරුදු දෙකේදී, ඒ තරමට අන්නලා තියන්නේ. නැත්නං එතුමා ම අනාගෙන තියන්නේ.

ඊයේ තිබුන ආචාර පෙළපාලියට එකතුවෙච්ච, යුධ, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක සහ ජාතික ශිෂ්‍යභට බලකාය, තම තමන්ගේ වැඩ කෑලි , රටටම පෙන්නුවා. ලස්සන සංස්කෘතික සංදර්ශනයකින්, නිදහස් සමරු උළෙල වර්ණවත් වෙද්දී, සමාජ මාධ්‍යවල වෙන අමුතු විදියක ආචාර පෙළපාලියක් ගැන, සටහනක්  ශෙයා වෙන්න පටන් ගත්ත.

ඒ වෙනින් ආචාර පෙළපාලියක් ගැන. විපක්ෂයේ  උදවියයි, ආණ්ඩුවේම සමහරක් උදවියයි, අවුරුද්දක් පුරා කියපු කයි කතන්දර එකට පෙළගස්සල, හරි අපුරු හාස්‍යය රසයකින් ඒ පෙළපාලිය වාර්තා කරලා තියනවා. ෆේස්බුක් එකේ  මේ සටහන පෝස්ට් එක දන්නේ , සුපුන් ජයවීර.

ඔව්, ඒ  ආචාර පෙළපාලියට දැන් ඔබව සජීවීව සම්බන්ධ කර ගන්නවා.

''   ඔව් මේ අවස්ථාවේදි , වේදිකාව ඉදිරියෙන් ගමන් කරන්නෙ, එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවෙන්, ඉන්දියන් සාගර කලාපයට මුදාහැරුණු, පොලිඑතිලින් නර්ඩ්ල්ස් ගෝනි, රැගත් ආචාර පෙලපාලියයි.

ඊට පිටුපසින් චීනයෙන්, කින්ඩාඕ සීවින් බයොටෙක් ආයතනයෙන්, ආනයනය කරන ලද, භාවිතයට නුසුදුසු තත්⁣වයේ ඇති, ටොන් අනුනවදහක් පමණ වු, කාබනික පොහොර තොගය, ඔබට දැක බලාගන්න පුළුවන්. ඩොලර් මිලියන 49.7 ක මුදලක් වැය කොට ලබාගෙන ඇති, මේ පොහොර තොගය, ගොවිබිම්වල සිටින සතුරන් වික්ශිප්තකොට, අප්‍රියාවෙන් සලිත කිරීමට සමත් විශේෂිත නිෂ්පාදනයක්.

මීලඟට ඔබ ඉදිරියෙන් දිස්වන්නෙ, 12.5kg වර්ගයේ, ප්‍රොපේන් බියුටේන් සංයුතිය 30%:70% අතර වු, ගෑස් සිලින්ඩර් අවිය. අනපේක්ෂිත අවස්ථාවලදි, සතුරන්ගෙ ගෑස් ලිප් පුපුරුවා සුනු විසුනු කිරීමට සමත් මේ අවිය, ගෘහනියන්ගෙ මර්මස්ථාන වලට දැඩි ප්‍රහාර එල්ල කිරීමට සමත්. 2021 වර්ෂයේ අවසාන බාගයේදි, සතුරාට දැඩි හානි සිදුකිරීම හේතුවෙන්, ගෑස් භාවිතාව පසෙකලා, දර ලිප් සඳහා සතුරාව පසුබැස්සවීමට සමත් මේ අවිය සඳහා, ජනාධිපති කමිටුවක් පවා නිර්දේශ වී තිබෙනවා.

ඔව් මීලඟට ඔබට දැක බලාගන්න අවස්ථාව ලැබෙනවා, කාබනික බලඝනයේ ආධාරක අවිබලය ලබාදුන්, මත්ස්‍ය අතුණුබහන් යොදා නිර්මාණය කර ඇති, ද්‍රව පොහොර කෑන් රැගත් ඛණ්ඩය. මෙම අවිය සුනඛයන්ට හිතකර ලෙස නිපදවා ඇති අතර, සුවිශේෂී ලක්ෂණය වන්නෙ භාවිතා කරන ගොවි මහතුන්ට, අලාභහානි සිදුවීමට වැඩි ඉඩක් ඇති වීමයි. 

මීලඟට ලුතිනන් කර්නල් පාදේණිය ප්‍රමුඛ කාබනික ප්‍රහාරක බලඝනය, ඔබ ඉදිරියෙන් ගමන් කරනවා. රසායනික පොහොරවලට විරුද්ධව, ඉතාමත් දැඩි ප්‍රහාර එල්ල කරමින්, ගම් නියම්ගම්වල තිබු ගොවි බිම් වනසා දමමින්, සතුරන්ට දැඩි හානි සිදුකල මේ ප්‍රහාරක බලඝනය සඳහා, අවස්ථා කිහිපයකදිම ජනාධිපති වර්ණ ලබා දී තිබෙනවා.

ප්‍රධාන වේදිකාව ඉදිරියෙන් ඉතාමත් ගාම්භීර ලෙස මේ අවස්ථාවේ, සිය ආචාරය පිරිනමන්නෙ ඇන්කර්, රත්ති, පැලවත්ත, මැලිබන් ආදී ඉතාමත් දුර්ලභ අවි රැගත් ඛණ්ඩයයි. 2021 වර්ෂය අවසාන බාගය වන විට, මිනිස් ඇසින් වසන් වු මේ දුර්ලභ නිශ්පාදන, මුල් කාලයේදි නවසීලන්තය වැනි රටවලින් ආනයනය සිදුකර , පසුකාලීනව දේශීයව නිපදවා ගැනීමට සමත් වුවක්.

මීලඟට ඔබට දැකගන්න අවස්ථාව ලැබෙනවා, කීරි සම්බා ගෝනී රැගත් කන්ටේනර් වර්ගයේ, මෝටර් රථය. කිලෝවක මිල 130 සිට 260 දක්වා වැඩි දියුණු කල මේ අවිය, යුධ සමයේ අවසාන කාල පරිඡ්ඡේදය තුල, සතුරාගෙ චිත්ත ධෛර්ය බිඳ වැට්ටවීම සඳහා යොදාගත්, සුවිශේෂී අවියක්.

කීරි සම්බා කන්ටේනර් රථයට පිටුපසින්, ආචාර පෙළපාලියේ ගමන් කරන්නෙ, මේජර් ජෙනරාල් කබ්‍රාල් ප්‍රමුඛ ප්‍රතිපාදන අනුඛණ්ඩය. දෙපසින් ඩිලා රූ මුද්‍රණ යන්ත්‍ර කිහිපයක් ගමන් කරනවා, ඔබට දකින්න පුළුවන්. සතුරාට ගනනය කල නොහැකි තරම්, මුදල් නෝට්ටු ප්‍රමාණයක් එකවර මුද්‍රණය කරමින්, සතුරා අන්දමන්ද වන ලෙස උද්ධමනය ඉහල දැමිය හැකි මේ අවිය, ඉතාමත් මෑතකදි හඳුන්වා දුන් අවියක්.''

ඒ නිදහසේ විලක්ප සජීවී විකාශය මෙතනින් අවසන්..

සමහර විපක්ෂයේ  ලොකු ලොක්කෝ, ගිරිය යටින් කෑ ගහගෙන කියපුවා, ඉතාමත් සියුම් ආකාරයේ හාස්‍ය රසයකින්, සටහන් කරලා තියනවා. ඇත්තටම මේ සටහන ලියපු සුපුන් ජයවීරට, අපේ සැලියුට් එක දෙන්නත් අමතක කරන්නේ නෑ.

ඊළඟට මෙන්න මෙහෙම කතාවක් තියනවා.

''අපට ලැබුණයි කියන නිදහසට, ඊයේට වයස 74 යි. එදා වගේම අදත් ,දර ලිප කුස්සියට ඇවිත් තිබේ. බයිසිකලය යළිත් පාරට ගන්නැයි, පරිසර ඇමති රට වැසියන්ට ආරාධනා කරනවා. අතීතකාමී ගතියකින් බලනකොට ඒක ‘දියුණුවක්... අනික් හැම අතින්ම, පිරිහීමක්..'' , එහෙම කියන්නේ වෙනින් කව්රුවත් නෙමෙයි , ගාමිණී වියන්ගොඩ. සාහිත්‍යවේදී ගාමිණී, ඒ කතාව සටහන් කරලා තියන්නේ, මේ සති අන්තයේ  අනිද්දා පත්තරේ. 

''ඒ සා දීර්ඝ කාලයක් ගතකොට, අත්කරගෙන ඇති, එකී ‘සාර්ථකත්වයේ’ මුදුන් මල්කඩ, ගෝඨාභය රාජපක්ෂ. වරද සහ වගකීම ඔහුගේ පමණක් නෙමෙයි..,  අප හැමෝගෙමයි. එහෙත්, මේ සා තීව්‍ර ආකාරයකින්, එකී සමස්ත කතාව, කෙටිම කාලයකින් විදාරණය කළ ශිල්පියා ගෝඨාභය.'' කියලත් ගාමිණී කියනවා.

මේ ආණ්ඩුවට නැවත වරක් රට බාර දීමට, ජනතාව සූදානම් නැති බව, දැන් සක්සුදක් සේ පැහැදිලියි.

ජාතික හා ජාත්‍යන්තර ප්‍රවෘත්ති වාර්තා වල තියන විදියට,  ආසියාවේ මේ මොහොතේ, සීඝ්‍රතම උද්ධමනය අත්විඳිමින් සිටින රට බවට, ලංකාව පත්ව තියනවා.  ඒ, මෙතෙක් එම ‘ගෞරවය’ දැරූ, පාකිස්තානයටත් ඉස්සර වෙමින් ..

ඒ කතා මොනවා වුනත්, රටක් මුහුණදෙන ප්‍රශ්න, යම් නායකයෙකුගේ හෝ, පක්ෂයක ළාමක සිතැඟියාවන්ට අනුව, විසඳිය නොහැකි බව මේ සියල්ලෙන් අප උගත යුතු පළමු පාඩමයි.

දෙවැනි පාඩම වන්නේ, මේ ආණ්ඩුව වෙනස් කොට, වෙනත් ආණ්ඩුවක් පත්කර ගැනීමේදී, ඒ ආණ්ඩුවේ නායකයන් දෙන පොරොන්දු ගැන නොව, ඒ පොරොන්දු ඉටු කරන්නේ කෙසේද යන්න ගැන, ප්‍රායෝගික සැලැස්මක් ඒ නායකත්වයෙන් , ඉල්ලා සිටිය යුතු බවයි.

ඒ නිසා, දෙන්නේ මොනවාද යන්න නොව, ඉදිරියේදී මතු කළ යුතුව ඇත්තේ, දෙන්නේ කොහොමද  යන ප්‍රශ්නයයි. එකිනෙකාට විරුද්ධ ගහ බැන ගන්නවට වඩා, මේ රටේ මිනිස්සු සැබෑ නිදහසක් අත්කර ගන්නේ , කොහොමද කියන එක ගැන මීට වඩා සීරියස් හිතන්න ඕන කාලේ  ඇවිත් නේද ?

 එක දෙයක් මතක තියාගන්න. ඩොක්ට පීබී කිව්ව දෙවියා රට බේරගනියි කියලා අපි නම් හිතන්නේ නෑ. ඒ නිසා නිදහස දිනා ගන්නවා වගේම ඉතුරු ප්‍රශ්න විසඳගන්න වෙන්නේ අපිට.  මොකද කියන්නේ ? ඔයාලට හිතෙන දේ කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි මීටරෙන් ඉන්න. 

@ LEADER TV

නවතම ලිපි