SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඔව්! මේ අවස්ථාවේදි වේදිකාව ඉදිරියෙන් ගමන් කරන්නෙ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවෙන්

ඉන්දියන් සාගර කලාපයට මුදාහැරුණු පොලිඑතිලින් නර්ඩ්ල්ස් ගෝනි රැගත් ආචාර පෙලපාලියයි.

N1

ඊට පිටුපසින් චීනයෙන් කින්ඩාඕ සීවින් බයොටෙක් ආතනයෙන් ආනයනය කරන ලද භාවිතයට නුසුදුසු තත්වයේ ඇති ටොන් අනුනවදහක් පමණ වු කාබනික පොහොර තොගය ඔබට දැක බලාගන්න පුළුවන්. ඩොලර් මිලියන 49.7 ක මුදලක් වැය කොට ලබාගෙන ඇති මේ පොහොර තොගය ගොවිබිම්වල සිටින සතුරන් වික්ශිප්තකොට අප්‍රියාවෙන් සලිත කිරීමට සමත් විශේෂිත නිශ්පාදනයක්.

N2

මීලඟට ඔබ ඉදිරියෙන් දිස්වන්නෙ 12.5kg වර්ගයේ ප්‍රොපේන් බියුටේන් සංයුතිය 30%:70% අතර වු ගෑස් සිලින්ඩර් අවිය. අනපේක්ෂිත අවස්ථාවලදි සතුරන්ගෙ ගෑස් ලිප් පුපුරුවා සුනු විසුනු කිරීමට සමත් මේ අවිය ගෘහනියන්ගෙ මර්මස්ථාන වලට දැඩි ප්‍රහාර එල්ල කිරීමට සමත්. 2021 වර්ෂයේ අවසාන බාගයේදි සතුරාට දැඩි හානි සිදුකිරීම හේතුවෙන් ගෑස් භාවිතාව පසෙකලා දර ලිප් සඳහා සතුරාව පසුබැස්සවීමට සමත් මේ අවිය සඳහා ජනාධිපති කමිටුවක් පවා නිර්දේශ වී තිබෙනවා.

N

ඔව්, මීලඟට ඔබට දැක බලාගන්න අවස්ථාව ලැබෙනවා කාබනික බලඝනයේ ආධාරක අවිබලය ලබාදුන් මත්ස්‍ය අතුණුබහන් යොදා නිර්මාණය කර ඇති ද්‍රව පොහොර කෑන් රැගත් ඛණ්ඩය. මෙම අවිය සුනඛයන්ට හිතකර ලෙස නිපදවා ඇති අතර සුවිශේෂී ලක්ෂණය වන්නෙ භාවිතා කරන ගොවි මහතුන්ට අලාභහානි සිදුවීමට වැඩි ඉඩක් ඇති වීමයි. 

මීලඟට ලුතිනන් කර්නල් පාදේණිය ප්‍රමුඛ කාබනික ප්‍රහාරක බලඝනය ඔබ ඉදිරියෙන් ගමන් කරනවා. රසායනික පොහොරවලට විරුද්ධව ඉතාමත් දැඩි ප්‍රහාර එල්ල කරමින් ගම් නියම්ගම්වල තිබු ගොවි බිම් වනසා දමමින් සතුරන්ට දැඩි හානි සිදුකල මේ ප්‍රහාරක බලඝනය සඳහා අවස්ථා කිහිපයකදිම ජනාධිපති වර්ණ ලබා දී තිබෙනවා.

N8

ප්‍රධාන වේදිකාව ඉදිරියෙන් ඉතාමත් ගාම්භීර ලෙස මේ අවස්ථාවේ සිය ආචාරය පිරිනමන්නෙ ඇන්කර්, රත්ති, පැලවත්ත, මැලිබන් ආදී ඉතාමත් දුර්ලභ අවි රැගත් ඛණ්ඩයයි. 2021 වර්ෂය අවසාන බාගය වන විට මිනිස් ඇසින් වසන් වු මේ දුර්ලභ නිශ්පාදන මුල් කාලයේදි නවසීලන්තය වැනි රටවලින් ආනයනය සිදුකල් පසුකාලීනව දේශීයව නිපදවා ගැනීමට සමත් වුවක්.

N7

මීලඟට ඔබට දැකගන්න අවස්ථාව ලැබෙනවා කීරි සම්බා ගෝනී රැගත් කන්ටේනර් වර්ගයේ මෝටර් රථය. කිලෝවක මිල 130 සිට 260 දක්වා වැඩි දියුණු කල මේ අවිය යුධ සමයේ අවසාන කාල පරිඡ්ඡේදය තුල සතුරාගෙ චිත්ත ධෛර්ය බිඳ වැට්ටවීම සඳහා යොදාගත් සුවිශේෂී අවියක්.

N5

කීරි සම්බා කන්ටේනර් රථයට පිටුපසින් ආචාර පෙළපාලියේ ගමන් කරන්නෙ මේජර් ජෙනරාල් කබ්‍රාල් ප්‍රමුඛ ප්‍රතිපාදන අනුඛණ්ඩය. දෙපසින් ඩිලා රූ මුද්‍රණ යන්ත්‍ර කිහිපයක් ගමන් කරනවා ඔබට දකින්න පුළුවන්. සතුරාට ගනනය කල නොහැකි තරම් මුදල් නෝට්ටු ප්‍රමාණයක් එකවර මුද්‍රණය කරමින් සතුරා අන්දමන්ද වන ලෙස උද්ධමනය ඉහල දැමිය හැකි මේ අවිය ඉතාමත් මෑතකදි හඳුන්වා දුන් අවියක්.

 

N4

@Don Supz

නවතම ලිපි