SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එදා ආණ්ඩුව ඇතුළේ, ප්‍රභල ප්‍රතිවිරෝධයක් පෙන්නුවේ ශ්‍රීලනිපය.

ශ්‍රීලනිප නායක මෛත්‍රී කඩුව අරගෙන, හතර අතේ වනමින් හිටියේ. හැබැයි දැන් නං මෛත්‍රීත්, කඩුව කොපුවේ දාගෙන ඉන්නේ. ඉදලා හිටලා ගහන කඩු පාරක් තමයි, වැරදිලා හරි වැදුනොත්. අනික මෛත්‍රී දැන් ගහන්නේ, කඩුවේ කැපෙන පැත්තෙනුත් නෙවෙයි.

ආණ්ඩුව ඇතුළේ ඉන්න සුළු පක්ෂ සන්ධානය නං, තවම එමම තමයි. ඒ කියන්නේ බැළමෙහෙවරම තමයි. හැබැයි එයාලා එළියේ ඉන්න කණ්ඩායම් එක්ක, සම්බන්ධකම් හදාගන්න, උත්සාහ කරන බව පේනවා. ඇත්තටම වෙලා තියෙන්නේ, එයාලාගේ භාවිතාව ගැන, එළියේ ඉන්න අයට විශ්වාසයක් නෑ. ඒක නිසා විමල්ලාට තවමත් එළියෙන්, offer එකක් ඇවිත් නෑ.  Pending උත්තර තමයි දීලා තියෙන්නේ.

ඊට අමතරව, ආණ්ඩුවේ රාජපක්ෂ විරෝධී ජේෂ්ඨයන්, තමන්ගේ භූමිකාව නිහඩව කරගෙන යනවා. එයාලා නං ආණ්ඩුව ඇතුළේ, සද්ද  නැතිව වැඩ. මොකද එයාලාට ශ්‍රීලනිපයට වගේ, සුළු පක්ෂ සන්ධානයට වගේ, ආණ්ඩුවෙන් එළියට බහින්න කියලා බලකරන, සමාජ තෙරපුමක් නෑ. ඒක නිසා තවම නං නිහඩව, ආණ්ඩුව ඇතුළේ ඉදන් නිහඩ ගේමක් ගහගෙන යනවා. බැරිවෙලාවත් තිස්ස කුට්ටිගේ ටොෂී බුද්ධි අංශයට අහු උනොත් තමයි.

ඇත්තටම එයාලා තමයි මේකේ, direction එක හදමින් ඉන්නේ. එයාලත් ඉන්නේ කොතැනකදී හරි, වෙන්වීමක් ඉළක්ක කරගෙන. ඒකට එයාලා හිතන Target group කීපයක්, ඉන්න බව පේනවා. ආණ්ඩුව ඇතුළේ වගේම පිටත්. ඒවා අතර ඉතා සූක්ෂම ගනුදෙනුවක් යන බවත් පේනවා.

මෙන්න මේ Target group අතර, පොදු එකඟතාවයක් ගොඩනැගීමට අදාළ වැඩපිළිවෙලක්, එයාලා හදමින් ඉන්නවා. එයාලගේ සටන ටිකක් දිර්ඝ කාලීන හැඩයක් ගන්න එකක්. එයාලා එළියට එන්නේ, ආණ්ඩුවේ අවසානය, සනිටුහන් කරගෙනම තමයි. බලමු එයාලා වෙඩිල්ල පත්තු කරන්නේ කොතනදීද කියලා. හැබැයි ඒ වෙඩිල්ල පත්තුවීම, එළියේ ගොඩනැගෙන ආණ්ඩු විරෝධයටයි, විපක්ෂයේ ක්‍රියාකාරීත්වයටයි, හැම වෙලේම සමානුපාතිකයි.

ඒ පාත් එක හදන්න, විපක්ෂයට බැරි එක තමයි, ආණ්ඩුවට දැනට තියෙන එකම සහනය. ඇත්තටම, ආණ්ඩුව ඇතුළේ බලවේගවල, පොදු ස්වභාවය ඕකයි.

කොහොම හරි ආණ්ඩුව ඇතුළේ නැගීගෙන ආපු රාජපක්ෂ විරෝධය, යම්  ප්‍රමාණයකට යට කරගන්න, පහුගිය දවස් කීපයේ රාජපක්ෂලා සමත් උනා. යට කරගත්තා කියන්නේ, එළියට පේන එක නවත්ත ගත්තා. ඒත් අළු යට බඩු තියනවා. ගිනියම් වෙලා.

එයාලට ඒ ගැටුම වහ ගන්න පුළුවන් උනාට, රාජපක්ෂලා අතර තියෙන ගැටුම නං, රටට පේන එක වහ ගන්න බැරි උනා.

රටේ රාළ මීට ඉස්සෙල්ලා ලියපු, "බැසිල්ගේ අවසන් පිම්ම IMF ද" කියන ලිපියට, ඉෂාන් ජයසුරිය කියලා මහත්මයෙක්, උත්තරයක් එවලා තිබුණා. මාධ්‍ය කිපයකත් පලවුණා. 'ද ලීඩර් ' එකේ වගේම 'ලේඩි ලීඩර් ' වෙබ් එකෙත්, ඒ ලිපිය පලවෙලා තිබුන. ඉෂාන් ජයසුරිය නමින් ලියල තියන්නේ, උග්‍ර බැසිල්වාදියෙක් කියලා, ඒ ලිපිය කියවන ඕනි කෙනෙකුට තේරෙනවා.

ඒ උත්තරය ඇතුළේ තිබුනේ, බැසිල් පොහොට්ටුව ඇතුළේ බලය තහවුරු කරගෙන තියෙන විදිහ දැකලා, අහිංසක බැසිල්වාදී බයියෙක් සතුටු වෙන විදිහ.

ඉෂාන් ජයසුරිය කියන මහත්තයා කරලා තිබුණේ, රටේ රාළට උත්තර දෙන මුවාවෙන්, නාමල්ගේ කිරුළ, බැසිල් ගලවාගෙන ඇති බව කියන එක.

දැන් පොහොට්ටුව ඇතුළේ, නාමල් කියලා ඔටුන්න හිමි කුමාරයෙක් නෑ. දැන් ඉන්නේ, බැසිල් කියන ඔටුන්න හිමි කුමාරයා. ඇත්තටම පහුගිය සතියේ, ඒ කොල්ලයේ කූටප්‍රාප්තිය සිද්ධ උනාද කියන, සැකයනං තියනවා. ඒක තේරුම් ගන්න, පහුගිය සතියේ දේශපාලනය වගේම,  රාජපක්ෂවරුන්ගේ හැසිරීමත්, සමීපව අධ්‍යයනය කළොත් බලාගන්න පුළුවන්.

පොහොට්ටුවේ  බලය, දැන් ජනාධිපතිතුමාගේ, අගමැතිතුමාගේ පාලනයෙන් සම්පූර්ණයෙන්ම ගිලිහිලා ඉවරයි කියලා. ඒක පුර්ණ ලෙස ගැලවිලා, පුර්ණ ලෙස බැසිල්ට කේන්ද්‍රගත වෙලා ඉවරයි.

මේ ආණ්ඩුව ඇතුළේ ජනාධිපතිතුමා, දැන් හරිම පුංචි කෙනෙක්. ජනාධිපතිතුමා ගනුදෙනු කරන කවය තවත් පුංචි වෙලා . ඒක ඥාණ මෑණියෝ, ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම්, හමුදාපති, බුද්ධි අංශ ප්‍රධානියා වගේ සීමිත කවයකට පටු වෙලා .

 ඊළඟට ජනාධිපතිතුමා මේ දවස්වල විශාල වශයෙන්, ආගමික පැත්තට බරවෙලා. සෙරමෝනියල් කරන්න හිටපු මහින්දට ඉස්සෙල්ලා , ජනාධිපතිතුමා සෙරමෝනියල් වෙලා වගේ.

ඇත්තටම අගමැති මහින්දත්, දැන් අවලංගු කාසියක්. ඒකට නං හේතුව, එතුමාගේ රෝගී තත්වය නිසා ඇතිවෙලා තියන, දේශපාලන සක්‍රීය බවේ අඩුව.

හැබැයි මේ තත්වය දැන්, පොහොට්ටුව ඇතුළේ බල ගැටුමක් දක්වා වර්ධනය වෙලා.

අගමැතිවරයා අසනීප තත්වයෙන් රෝහල් ගත කරපු වෙලාවේ. එහෙමත් නැත්නම් රෝහලට අරන් ගිය වෙලාවේ, නැත්තං නාමල් එක්ක නිකං රෝහලට ගිය වෙලාවේ, නාමල් කිව්වේ තමන් , තාත්තා එක්ක ලෙඩෙක් බලන්න ගියා කියලා. ඒ වගේම මහින්ද ඔපරේෂන් කලාය කියන දවසේ, අම්මගේ උපන්දිනය යෙදිලා තිබුණ හින්දා, ඔක්කොමට  එක හිටියා කියලත් කිව්වා. අගමැති මාධ්‍ය ඒකකයෙන් අගමැතිවරයා තානාපතිවරුන් එක්ක සාකච්ඡා කරන ඡායා රූපයකුත් දැම්මා.

එතනදී බොහොම පැහැදිලියි,  අගමැතිවරයාගේ රෝගී තත්වය හිතාමතාම, වසන් කිරීමට උත්සහ කරපු බව පේනවා. ඒ එක්කම තමයි, අගමැතිගේ එකවුන්ට් එකෙන්, එයාගේ පෞද්ගලික සහායක, ලොකු බණ්ඩාර සල්ලි ඇදලා කියන ආරංචිය, රට පුරා ලැව් ගින්නක් වගේ යන්නේ.

ඒ ගැනත් නාමල් ඉස්සෙල්ලා කිව්වේ, දන්නේ නෑ කියලා. පස්සේ කිව්වේ, පුතා ගන්න ඉස්සෙල්ලා වෙන කෙනෙක් අරන් කියලා. ඊළගට එහෙම දෙයක් වෙලා නෑ ,කියලා තිබුණා. කොහොම උනත් ලොකු බණ්ඩාරට විරුද්ධ කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් අගමැතිගේ පැත්තෙන් ගත්තේ නෑ.

ඇත්තටම මේ නිවුස් එක ගැන ලොකු සැකයක් තියනවා. මේක ඇත්තක්ද? නැත්තං Plant කරපු නිව්ස් එකද්ද කියලා. මහින්දගේ අසනීප තත්වය වහන්න හිතාමතා, Plant කරපු නිව්ස් එකද්ද කියලා. හැබැයි ඒ නිව්ස් එකෙන් උදිත්ට නෙවෙයි මහින්දට ලොකු අවාසියක් උනා. ලෙඩ වෙලා කිව්ව නං ඊට වඩා හොදයි. අනුකම්පාව හරි එනවා.

කොහොම උනත් මහින්දට ඔපරේෂන් එකක් කළා කියන එක වහන්න බැරි උනා. ඒක එලියට දාන්නේ චමල්. එතකොට එන ප්‍රශ්නය තමයි, ඇයි නාමල් වහද්දී, චමල් ඒක එළියට දාන්නේ කියන එක. නාමල්ගේ වැසීම හා, චමල්ගේ දිගහැරීම අතර, දේශපාලන  point එකක්  තියෙන්න ඕනි. නැතිවෙන්න බෑ .

 මෙතනදී නාමල්ලා, අගමැතිතුමාගේ රෝගී තත්වය වහන්න හදන එක, ඉතාමත් ස්වාභාවිකයි. තවදුරටත් එතුමාට, අගමැති ධුරයේ ඉන්න පුළුවන් බව පෙන්නන නං, ලෙඩේ හංගන්න ඕනි. අගමැතිතුමා දුර්වලයි කියන එක, නොපෙන්වා තියාගන්න ඕනි. ඒ උවමනාව නාමල්ලට තියනවා. ඒ වගේම ඒ උවමනාව පොහොට්ටුව ඇතුළේ, නාමල්ගේ බලයේ පංගුවත් එක්ක, සෘජුව ගැට ගැහෙනවා. නාමල්ට තියන එකම හොවනැල්ල තමයි මහින්ද.

ජනාධිපති ගෝඨාභයට, ඒ සෙවනැල්ල වෙන්න බැරි විදිහට, එතුමා පුංචි කරලා. අගමැතිතුමාගේ රෝගී බව පෙන්නන, අනිත් පාර්ශවයට අවශ්‍ය, අගමැතිකමේ වෙනසකටද කියන එක නං, සැකයක් නෑ. තවම කරගන්න බැරි උනත්, ඒ උවමනාව තියනවා.

එහෙම හිතුවොත් අගමැති ධූරය හිමිවෙන්න, වැඩිම ඉඩ තියෙන්නේ බැසිල්ට. වෙන කිසිම කෙනෙකුට දැන්, බැසිල් අභිබවන්න බෑ. බැසිල් වෙන කිසි කෙනෙකුට, ඒ ඉඩ තියලා නැති බව පැහැදිලියි.

 දැන් නාමල්ට තියෙන්නේ, බැසිල්ගේ අවෑමෙන් රජවීමට පමණයි. එතකොට කිරුළ නාමල් හිමිවෙන්න තියෙන්නේ 50% ක, සම්භාවිතාවයක්. ඒකත් ඒ මොහොතට සාපේක්ෂයි. අනිත්‍ 50% හෝ, ඒ මොහොතට සාපේක්‍ෂව 50% ට වඩා වැඩි ඉඩක් තියෙන්නේ, ශෂීන්ද්‍රට වෙන්නත් පුළුවන්.

 කොහොමත් නාමල් තවම, උත්සාහය අතෑරලා නෑ. ඒත් නාමල් මේ සටනින් පරාජයවීමට තියෙන, සම්භාවිතාවය, ගොඩක් වැඩී. නාමල්ගේ ජයග්‍රහණය තීරණය වෙන්නේ, මහින්ද ආයෙත් පිටියට එනවාද නැද්ද කියන එක මත තමයි.

ඒත් දැන් ඒක ලේසිත් නෑ. මොකද අලුත් batsman හොඳට පිත්ත හසුරවනවා. 'අයවැයෙන් වැඩ ලක්ෂයක්'  කියන්නේ තමන්ගේ හැන්දෙන් තමන්ට ම බෙදා ගන්න ගේමක්.

ඒ කතා කොහොම වුනත්, බැසිල් මිට ඉස්සරත්, ඔහොම ප්ලැන් ගැහුවා , ඒ, 2015 දී . මහින්ද ජනාධිපතිකරලා, අගමැති වෙන්න. අන්තිමට වුනේ රටිනුත් පැනල යන්න.

ඉතින් රාජපක්ෂලාගේ  මේ ගේම් ගැන, ඔයාල මොකද හිතන්නේ. බැසිල් නිතරගයෙන් රාජපක්ෂ කඳවුරේ කිරුළ හිමි කුමාරයා වෙයිද ? නාමල් 2030 ට හිත හදාගනීද ? එහෙමත් නැත්නම් රාජපක්ෂ කඳවුරේ ඉරණම මොකක් වෙයිද? 

@LEADER TV

නවතම ලිපි