SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තාත්තගේ ගිණුමේ සල්ලි ඇදපු කතාවක් ගැන ඇමති නාමල් රාජපක්ෂ දන්නේ නැතිලු.

විජමුගේ පුත් මහින්ද අගමැතිතුමාගේ ගිණුමෙන් රුපියල් කෝටි තුනහමාරක් පමණ ඇදපු කතාවක් ගැන මාධ්‍යයේ පළවූ බව විතරලු ඔහු දන්නේ. මේක දැක්කම මතකයට එන මොකක් හෝ නොලියා බැහැ.

මේ දෙන්නම දේශපාලන පවුල්වල එකම වගේ පුත්තු. තාත්තලා රටට පෙන්නපු ඇතැම් හොඳ ආදර්ශ හෝ වෙනත් දේවල් ඔවුන් ළඟ නෑ.

2012 වසරෙදී නාමල් රාජපක්ෂ හා බැඳුනු "ක්‍රිස් ගනුදෙනුව" මතක ඇති. කොළඹ ට්‍රාන්ස් වර්ක් චතුරස්‍රයේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 4 ක පමණ ඉඩම 99 අවුරුදු බදු පදනම මත සමාගමකට දෙන්න ඇද ගෙන තිබූ ගාන ලක්ෂ 700 ක්. ඒ කියන්නේ කෝටි හතක්.

අල්ලසක්, සන්තෝෂමක් හෝ කවර නමකින් කිව්වත් ඒකත් හොරකමක් හෝ ඇදිල්ලක් තමයි. විජමුගේ පුතා පරාක්‍රම සමුද්‍රයෙන් දිය දෝතක් ගත්තා වගේ වැඩක් කරලා තියෙන්නේ. ඒවගේම ඒක පුද්ගලිකයි. එහෙත් එදා නාමල් මන්ත්‍රීතුමා රටේ මහජන සම්පතක් සමාගමකට දීලයි ඒක ගන්නේ.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මේ ගැන පොලිස්පතිට පැමිණිලි කර තිබුණා. පොලිසිය ඉදිරිපත් කළ බී වාර්තා බැලුවම සියල්ල දෑනගන්න පුළුවන්. රුපියල් මිලියන හාරදහස් නවසිය පනස් පහකට අදාළ ඉඩම ඉන්දීය මව් සමාගමකට අයත් සමාගමකට ලබාදීමයි සිදුවුණේ.

"තාරුණ්‍යයට හෙටක්" හා සිලෝන් ප්‍රිමියර් ස්පෝර්ට්ස් යන ආයතනය එක්ව සංවිධාන කළ රග්බි තරගාවලියක් වෙනුවෙන් නාමල් රුපියල් ලක්ෂ හත්සියයක මුදලක් එම සමාගමෙන් ඉල්ලා තිබුණා. ඒ අනුව ඔහුගේ මැදිහත්වීමෙන් එකී මුදල් අවස්ථා දෙකකදී ලැබුණේ ප්‍රකට ව්‍යාපාරික නිමල් පෙරේරාට අයත් බැංකු ගිණුමකටයි. එම මුදල් 2013 මැයි හා ජුනි මාසවලදී නාමල් මන්ත්‍රීවරයා අතටම ලබා දුන් බව පරීක්ෂණවලදී එම දෙදෙනාම පිළිගෙන තිබුණා. එහෙත් අදාළ මුදල් උක්ත තරඟාවලියට වියදම් කර ඇති බවක් තහවුරු වී නැහැ.

මේ සම්බන්ධයෙන් නාමල් අත්අඩංගුවටත් ගැනුනා. නඩුවට නම් මොනවා වුණාද දන්නේ නෑ. මොකද බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගෙනේ.

නාමල් ඇමතිතුමා, විජමුගේ පුත්‍රයා කළ දේ දන්නේ නෑ කියන එක සාධාරණයි. මොකද මේ කතන්දරෙත් එක්ක "සහෝදරයා ඔයාගේ දේවල් මගෙන් අහගන්න ඕනද?" කියලා උදිත ලොකුබණ්ඩාර කියන්නත් පුළුවන්. ඒ නිසා උඩ බලාගෙන කෙල ගහන්න නාමල් සූදානම් නෑ.

ඒත් ඉතිං දන්න දෙයක් ගැන එතුමා රටට කියන්නේ මහා බොරුවක්. ඒ නිසා මෙතුමාලට එල්ලවන ඕනෑම චෝදනාවක් ප්‍රතික්ෂේප කරන හැමවිටම ඒකේ ඇත්තක් ඇති බව අප වටහා ගන්න ඕන.

නවතම ලිපි