SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රාජපක්ෂලට  සාපයක් වැදිලා කියන කතාවක්, මේ දවස්වල ශෝෂල් මිඩියා එකේ හිට් වෙලා.

පාස්කු වින්දිතයින්ගේ සාපයෙන්, රාජපක්ෂලට  බේරීමක් නැහැ කියලයි, සෝෂල් මිඩියා එකේ ලොකුවටම යන්නේ. පාස්කු වින්දිතයෝ විතරක් නෙමෙයි, තමන්ගේ දරුවන් අතුරුදන් කිරීමේ වේදනාවෙන් ඉන්න, උතුරේ අම්මල උදේ හවා රාජපක්සලට දෙස් තියනවා.

සෝෂල්  මිඩියා එකේ මේ සාප කතාව ඊයේ, ඒ කියන්නේ ජනවාරි 25,  ලොකුවට පත්තු වුනේ , සන්ධ්‍යා එක්නැලිගොඩ තමන්ගේ සැමියා අතුරුදන් කරපු හැමෝටම  හෙන ඉල්ලලා, ඊයේ කාලි මෑණියන්ට කරපු කන්නලව්ව නිසා.

මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් කරලා අවුරුදු 12 පිරුණේ ඊයේ  (25) .

 ගවේෂණාත්මක  මාධ්‍ය වාර්තා අනාවරණය කළ ආකාරයට,  2010 වසරේ ජනවාරි 24 වනදා රාත්‍රියේ, කොළඹට ආසන්න ප්‍රදේශයකදී, ඔහුව පැහැරගැනීමකට ලක්වූනා.

පහුගිය මේ වසර 12 පුරාවටම, කිසිදු ආණ්ඩුවකට , කිසිදු බලධාරියෙක්ට, ප්‍රගීත් සොයාගන්නවත්, ඔහුට යුක්තිය ඉටු කිරීමටවත් හැකියාවක් ලැබුණේ නෑ . එසේ තිබෙන බවවත් නිශ්චිතවම පෙන්නුවෙත් නෑ .

මේ දක්වා ඒ සම්බන්ධයෙන් සත්‍යය අනාවරණය කර, අධිකරණමය ක්‍රියාවලියක් හරහා වගකිවයුත්තන්ට දඬුවම් ලබාදෙමින්, යුක්තිය ඉටුකිරීමක් සිද්ධ වුනෙත්  නෑ .

සන්ධ්‍යා එක්නැලිගොඩ වසර 12ක් පුරාවට , ප්‍රගීත්ට යුක්තිය ඉටුකරවා ගැනීම වෙනුවෙන්, අඛණ්ඩ අරගලයක නිරත වී සිටිනවා.

නීතියෙන් සහනයක් නැති තැන, ඇය මෙදා යුක්තිය පතන්නේ, උඩ ඉන්න දෙවියන් ගෙන්..

ප්‍රගීත් අතුරුදහන් කර වසර 12ක් පිරෙන දා, සන්ධ්‍යා නම් ඇය සිය හිස මුඩු කර , රතු පැහැති වස්ත්‍රයෙන් සැරසි , දෙවියන් ඉදිරියට ගොස් සිය සැමියාට යුක්තිය යාදිනවා .

මෝදර කාලි කෝවිලේදී මේ  විරදම් පූජාව තිබුනේ ඊයේ දවල්. ඇගේ කන්නලව්ව අහගෙන ඉන්න බැරි තරම්, කම්පනයක් ඇති කරනවා.

සන්ධ්‍යා එක්ණැලිගොඩ සිය හිස මුඩු ගා, ‘දෙවියන්ගෙන්’ ඉල්ලා සිටියේ, ප්‍රගීත්ට යුක්තියයි. යාදිමින් ඉල්ලා සිටියේ, අපරාධකරුවන් හෙළි කර, ප්‍රගීත්ට යුක්තිය යි.

ගැහැණියකගේ සාපය කියන්නේ, හරිම භයානක දෙයක් විදියටයි, අපේ සමාජය ගන්නේ.

අපේ ජනප්‍රවාදයට අනුව, ලංකීය ජාතියේ ආරම්භය පටන් අරගන්නේ, ගැහැණියකගේ සාපයෙන් ..  තමන්ව අසරණ කරපු විජයට කුවේනි කළ සාපය අදටත් බලපානවා කියලයි කියන්නේ.  ලංකාවේ බලයට එන හැම රාජ්‍ය නායකයකුට කුවේනිගෙ සාපය තියෙනව කියන එක ජනප්‍රවාදයක් ..

වර්ගපූර්ණිකා පුස්කොළ පොතේ සඳහන් වෙනවා කියන්නේ , කුවේණිය, විජය හා දේශයට ශාප කරමින් යක්දෙස්සාගල කඳු මුදුනින් පැන ජීවිතක්ෂයට පත් වීමෙන් අනතුරුව දිවි දෙනක් වී ඉපදුනා කියලා.

"ක්‍රෝධ භරිත මෙම දිවි දෙන විජය නිදන අවස්ථාවල, සිහිනයෙන් නිරන්තරයෙන් තම රත් යවටක් වන් දෑසින් , ගිනි පුලිඟු විහිදුවමින්, දිගු දිවක් මවා ගෙන, විජයගේ පපුවට දිව දිගු කොට මරණ බය ජනනය කළ බවත් ජනප්‍රවාදයේ සඳහන් .    මේ   භයංකර ස්වරූපය කුවේණියගේ දිවිදෝෂය ලෙසින් තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ.

කුවේණිගේ ශාපය  නිසා නින්ද නොගියේ විජයට විතරක් නෙවෙයි , විජයගෙන් පසුව රාජ්‍යත්වයට පත්වූ පඬුවස්දෙව්ට වගේම   කෝට්ටේ හය වැනි පරාක්‍රමබාහු රජු ට පවා නින්ද නැති වුනාලු..

ජනප්‍රවාදයේ කියන විදියට ඒ සාපය හරිම භයානකයි. කුවේණි ඒ සාපේ කලේ ඇයගේ උතුරා කකියන, ලේ වලට එකතු කරලා. එහෙම සාප කරපු කුවේණි ඉතා බිහිසුණු සාප 9ක් කරලා. .

ඒ කතා වල ඇත්ත නැත්ත මොනවා වුනත්, මෑත ඉතිහාසෙත් ,  අම්මල නන් සාප කලේ, පාලකයින්ට ..

88- 89 වකවානුවේ තමන්ගේ දරුවන් අහිමි වෙච්ච අම්මලා, දහස් ගණනක් කොළඹ මෝදර කලි මෑණියන්ගේ කෝවිලේ පොල් ගහලා, තමන්ගේ දරුවන් අතුරුදන් කරපු ඝාතකයින්ට හෙන ඉල්ලලා සාප කළා. එක සංවිධානේ කලේ, මව්වරුන්ගේ පෙරමුණ. ඒ කලේ තරුණ මන්ත්‍රීවරුන් වෙච්ච මහින්ද රාජපක්ෂයි  - මංගල සමරවීරයි.

ඒ පොල් ගැහිල්ලට සම්බන්ධයක් තිබුනත් නැතත්, ඒ කන්නලව්වෙන් දවස් කීපෙකට පස්සේ එදා දකුණේ ඝාතන වලට අතුරුදහන් කිරීම්වලට සම්බන්ධ නායකයෝ කීපදෙනෙක්ම මහ පාරේදී අලුවෙලා ගියා.

මහින්දලාගේ මංගලලාගේ, ඊළඟ දේව කන්නලව්ව තිබුනේ හලාවත මුන්නේස්වරම් කෝවිලේ . එකටත් අම්මල සිය දහස් ගණනක් රට වටෙන්ම එකතු වුනා. ඒ අම්මල තමන්ගේ දරුවන් අතුදන් කරපු නායකයින්ට සාප කරලා පොල් ගැහුවා. වැඩි දවසක් ගියේ නෑ . රටේ රාජ්‍ය නායකයා ම මහ පාරේ ඝාතනය වුනා.

මේ කතා නැවත නැවතත් කතාබහට ලක්වෙන්නේ  සන්ධ්‍යා ගේ දේව කන්නලව්වත් එක්ක . පාස්කු ඉරිදා වින්දිතයින්ගේ ,  උතුරේ අම්මලාගේ සාපයත් එක්ක.

විද්‍යාත්මකව මේවා සත පහකට ගණන් ගන්න දෙයක් නෙවෙයි . හැබැයි එළියේ හංගපු ගින්දර කාලයත් එක්ක පපුව ඇතුලේ පත්තු වෙන්න පුළුවන් . කාය ශක්තිය අඩු වෙනකොට මානසිකවත් වැටෙනවා.

මේ අස්සේ තමයි අගමැති මහින්ද රාජපක්ස අසනීපවෙලා කියන කතාවක් , ඊයේ ශෝෂල් මිඩියා එකේ ලැව් ගින්නක් වගේ පත්තුවෙලා ගියේ,

අගමැතිතුමා හදිසි සැත්කමකට රෝහල්ගත කරපු කතාවක් ජනවාරි 24 වෙනිදා ඉඳලා සමාජ මාධ්‍යවල ලොකුවට යනවා. ඒත් රෝහල් ආරංචිමාර්ග නන් කියන්නේ අගමැතිතුමාට එච්චර අසනීපයක් නැහැ කියල. ඊයේ ටිකට් කපාගෙන ගෙදර ගියා කියලත් කියනවා.

ඒ අස්සේ අගමැති මාධ්‍ය අන්සේ නිවේදනයක් නිකුත් කරලා. ඊයේ සවස අගමැතිතුමා තානාපතිලා කට්ටියක් එක්ක රැස්විමකුත් තිව්ව කියල . අසනීප කතාව යට ගහන්න එවපු නිවේදනයක් වගේ තමයි ඒක , පේන්නේ. තියන්නේ.

අගමැතිතුමා ලෙඩවෙලා කියල ආරංචි වෙච්ච වෙලාවේ ඉඳලා, ශෝෂල් මිඩියා එකේ කට්ටිය දෙකට බෙදිලා මරා ගන්නවා. කට්ටියක් අගමැතිතුමාට ඉක්මන් සුවය පතනවා. තවත් කට්ටියක් දෙස් තියනවා.

අගමැතිතුමා තවත් කාලයක් නිදුක් නිරෝගී සුවෙන් ඉන්න ඕන කියන අපි හිතුවට මොකද, නෙලුම් මාවතේ සමහරු බලන්නේ අගමැතිතුමා ඉක්මනට පන්නගෙන BR අගමැති කරන්නේ කොහොමද කියල.

මහින්ද අගමැතිතුමාට රෙස්ට් කරන්න දීලා, බැසිල් අගමැති කරමු කියලා නෙලුම් මාවතෙන්, කැම්පේන් එකකුත් පටන් අරන්.

ඔය මොන දේට ලෑස්ති වුනත්, මේ රටේ ජනතාවගේ සාපයෙන් නං බේරෙන  එක, ලේසි වෙන පාටක් නැහැ. ඒ වගේම තමයි, බලහත්කාරයෙන්  අතුරුදහන් කරවූ  එක්නැලිගොඩ නම් තම සැමියා වෙනුවෙන් සන්ද්‍යාව මෙතනට පත්කිරීම ගැන සමස්ථ ජනතාව නින්දා ලබන්න ඕන.  ඒ වින්දිතයන්ට යුක්තිය ලැබීමට අපේ රටේ අවස්ථාව සීමිත නෙවෙයි , ඇත්තේම නැති තරම් නිසා.

@THE LEADER TV 

නවතම ලිපි