SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

යුක්තිය ඉල්ලන්නේ ගැහැණුන් නොව,

යුක්තියම ගැහැණියකි.

ග්‍රීක දේව කථා තුළ

දෑස් සලු පටින් බැඳ

එක් අතක අසිපතත්

අනෙක් අත තුලාවත්

අද යුගයේ අධිකරණ

මිදුල් වල තෙද පාන

ඇගේ නම "ඩයික්"

ඩයික්ගේ මෑණියන්

සියුස් බිරියකි

යුක්තියේ මවයි ඇය

සාක්ෂිය කැඳවන

විමුක්තිය අයදින

ග්‍රීක දෙටුවෝ යැද්ද

ඇයගෙ නම "තේමිස්"

දෙවියන්ගෙ යුක්තිය

රුදුරු පවනක් ලෙසින්

නිවසටම ගොස් බෙදන

දඬුවමේ දෙව් දියණි

ග්‍රීක දෙව් කථා වල

ඇයද වේ ගැහැණියක්

ඇගේ නම "නීමොසිස් " (නෙමෙසිස් )

මුළු ග්‍රීක සාහිතයේ

යුක්තියම ඔවුන් වෙති

යුක්තියට අධිපතිව

පිරිමි දෙවියෝ නැතත්

දෙවඟනෝ තිදෙනෙකි

ග්‍රීක නැණැසේ මැවුණු

ගැහැණුන්ම තිදෙනෙකි

දඹදිවට ආවිටත්

නුඹට උන් මුණගැසෙති

දුර්ගාය විනිශ්චය

කාලි යැ දඬුවම

මවක හට කළොත් යම්

දිනෙක නුඹ වරදක්

නැත එයින් ගැළවුමක්

සොබා දමෙන් මිදුණත්

හැපි හැපි අඬ අඬා

තනය බිම ගස ගසා

හිසෙහි කෙස් කඩ කඩා

ඔවුන් එනු ඇත පසුපසින්

කල්පාන්තයක් තෙක්

ලෝකාන්තයක් වෙත

දිව ගියද නුඹලා

ගැළවෙනු බොරු එයින්

ශාපයෙන් මහා ශාපය

පාපයෙන් මහා පාපය

එබඳු වරදක් කළොත්

හිත හදාගනු දඬුවමට

කල්පාන්තයක් තෙක්

ලෝකාන්තයක් වෙත

දිව ගියද නුඹලා

මරි මවුන් යකිණියන් වී

උමඟනන් දෙවඟනන්

තොටිලි නැලවූ සඳ දියෙන්

ලෝදිය මවාගෙන එනු ඇත

මුහුද හිස් කළ වළිගෙන්

ලෙහෙණ පැටවුන් සොය සොයා

සඳ කිඳුරු පණ රැගත්

බඹදත් රජුන් පිටිපස්සෙ

පලි ගස ගසා

මවුවරුන් දුවනු ඇත

ඉතින් රජුනි

නුඹට ගැළවෙනු බැරිවේවි...

"ඩයික්", "තේමිස්", "නීමොසිස්"

‍යුක්තිය ඉල්ලන්නේ ගැහැණුන් නොව,

යුක්තියම ගැහැණියකි ...

@ දමිත් කේතක

නවතම ලිපි