SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාවට ලක්ෂ තුනක හමුදාවක් අවශ්‍ය නෑ.

මහින්ද රාජපක්ෂ ජනපති කිරීම ගැන කිසිම කනගාටුවක් නෑ

මිලිටරිකරණයෙන් රට බේරාගත යුතුයි; මම ජනපති වුනොත් මිලිටරිකරණය, බැරැක්කකරණය නිමා කරනවා.

 

තමන් ශ්‍රී ලංකාවේ ජනපති පදවියට පත්වුවහොත් ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ දියත්ව තිබෙන මිලිටරිකරණය සහ "බැරැක්කකරණය" වහාම නිමා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක (PCR ) පවසයි.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ යුද ගැටුමක් නොපවතින බැවින් කිසිදු ලෙසකින් ශ්‍රී ලංකාවට තුන් ලක්ෂයක යුද හමුදාවක් අවශ්‍ය නොවන බව ද හිටපු අමාත්‍යවරයා අවධාරණය කරයි.

43 වෙනි සේනාංකයේ ප්‍රධානියා ද වන පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේ 'Sandeshaya by Saroj' නාලිකාව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සරෝජ් පතිරණ සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

මිලිටරිකරණය ඇතුළු වත්මන් රාජපක්ෂ පාලනයේ සමස්ත ක්‍රියාදාමය දැඩිව විවේචනය කරන නමුත්, 2005 දී මහින්ද රාජපක්ෂ ජනපති පදවියට පත්කිරීමට සහය දීම පිළිබඳව තමන්ට කිසිදු කනගාටුවක් නොමැති බවත් මන්ත්‍රීවරයා පවසයි.

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් කිසිවෙකුට දඬුවම් කිරීමේ හැකියාවක් රට තුළ නොමැති බව අවධාරණය කරන චම්පික රණවක මන්ත්‍රීවරයා යෝජනා කරන්නේ ශ්‍රී ලංකාව අතීතය අමතක කොට ඉදිරියට යා යුතු බවය.

එමෙන්ම පැරණි මැතිවරණ ක්‍රමය යළි ක්‍රියාත්මක කරන්නේ නම් විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට තමන් පක්ෂ බව පවසන ඔහු, එමෙන්ම දැනට ව්‍යවස්ථාවට ඇතුළත්ව තිබෙන බැවින් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය එලෙසම පවත්වා ගැනීමට '43 වෙනි සේනාංකයේ' විරෝධයක් නොමැති බව ද 'සරෝජ් සමග සංදේශය' නාලිකාව සමග පැවසීය.

ශ්‍රී ලංකාව එතෙක්, මෙතෙක් ලබාගෙන තිබෙන ණයවලින් 77.8% ක්ම රාජපක්ෂ පවුලේ සාමාජිකයින් වගකිවයුතු බව පවසන ඔහු අවධාරණය කරන්නේ, මේ අර්බුදයට විසඳුමක් ලබාගැනීමට 2035 වසර දක්වාවත් ගතවනු ඇති බවය.

කෙසේ වුවත්, කිසියම් ලෙසකින් තමන් ශ්‍රී ලංකාවේ ජනාධිපති පදවිය දැරුවේ නම් මාස හයකින් ගෑස් පෝලිම්, තෙල් පෝලිම්වලට විසඳුමක් ලබාදෙන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

 @Theleader.lk

නවතම ලිපි