SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෛත්‍රී- රනිල් ආණ්ඩුව විසින් මුල් ගල් තැබූ මධ්‍යම අධිවේගයේ දෙවැනි අදියර වූ මීරිගම-කුරුණෑගල කොටස විවෘත කෙරේ.

චන්ද්‍රිකා-රනිල් ආණ්ඩුව විසින් මුල් ගල් තැබූ දක්ෂිණ අධිවේගී මාර්ගය මීට දස වසරකට පෙර මේ අන්දමෙන්ම රාජපක්ෂ ආණ්ඩුව විසින් විවෘත කරන ලදි.

මුල් ගල් තබන්නේ එක ආණ්ඩුවකිනි. විවෘත කරන්නේ තවත් ආණ්ඩුවකිනි. කවුරු මුල් ගල තිබ්බත් කවුරු විවෘත කළත් වියදම් දරන්නේ පොදු මහජනතාවයි. ඒ නිසා මේ අධිවේගී මාර්ග පද්ධතියට රාජපක්ෂලාට හෝ වික්‍රමසිංහලාට හෝ අයත්වූවක් නොවේ. මේවා සැලසුම් කළේ ඔවුන් නොවේ. මේවාට වියදම් දැරුවේ ඔවුන් නොවේ.

2011 දී නිකුත් වූ භෞතික සංවර්ධන සැලස්ම අනුව ලංකාව පුරා විසිරී යන අධිවේගී මාර්ග පද්ධතියක සැලසුමක් අඩංගු වේ. ඒවා සැලසුම් කෙරුණේ ජාතික අවශ්‍යතාවක් මත නොවේ. ඇත්තටම ලෝකය පුරා විවිධ රටවල අධිවේගී මාර්ග පද්ධතියක් ඉදිකිරීම ලෝක අවශ්‍යතාවකි. ලංකාව සම්පූර්ණ කරමින් සිටින්නේ ඒ ලෝක අවශ්‍යතාවේ ජාතික වගකීම පමණි.

අධිවේගී මාර්ග පද්ධතියක් ඉදිකිරීම නරක දෙයක් නොවේ. ඕනෑම සංවර්ධනයක බැහැර කළ යුතු අගතීන් පවතී. අධිවේගී මාර්ග ඉදිකිරීමේ ද බරපතල අගතීන් පවතී. ඒවා බැහැර කරමින් අධිවේගී මාර්ග ඉදිකිරීම යහපත් ප්‍රථිපල ඇති කරන්නකි.

නමුත් බිලියන ගණනින් මුදල් වැය කර ඉඳිකරන අධිවේගී මාර්ග යොදා ගන්නේ අභ්‍යන්තරික ප්‍රවාහන අවශ්‍යතා සඳහා පමණක් නම් රටේ විදේශ සංචිත දිය වී යෑම අහඹුවක් නොවේ. ණය ගෙවීමට විදේශයට ඇඳී ගිය ඩොලර් ප්‍රමාණය ගැන තක්සේරුවක් ද ඒ ඩොලර් ප්‍රමාණය තුලනය කර ගැනීමට නැවත ඩොලර් උපයා ගන්නා ඉලක්කයක් ද නොමැතිව ආණ්ඩු කිරීම රට වලපල්ලට ඇද දැමීමකි.

biyo

දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකර දස වසරක් ගෙවී ගොස් ඇතත් අපේ අපනයන ආදායම හෝ විදේශ සංචිත හෝ ඉහළ නැංවීමට එය වර්ධනාත්මකව දායක වී ඇති බවක් නිරීක්ෂණය නොවේ. රට පුරා අධිවේගී මාර්ග ඉදිකිරීමට හැම ආණ්ඩුවක්ම උනන්දු වුනත් අවධානය යොමු නොකරන්නේම එහි සඵල වාසිය ඉහල නංවා ගන්නේ කෙසේ ද යන කාරණාවටයි.

කලක් පොහොට්ටුකාරයෝ අපට උපහාසයෙන් හිනහ වෙමින් අධිවේගී මාර්ගයෙන් උපයන රුපියල් ආදායම නිතිපතා මතක් කරමින් සිටියහ. රුපියල් ආදායම නොව වටින්නේ ඩොලර් ආදායම බව විදේශ සංචිත අර්බූදයක සිටින මේ මොහොතේදී හෝ ඔවුන් තේරුම්ගෙන තිබේදැයි අවිනිශ්චිත ය. අධිවේගී මාර්ග ඉදිකිරීමේ දී කිසිම ආණ්ඩුවකට විදේශ සංචිත ඉහළ නංවා ගැනීමේ ඉලක්කයක් නොවීය.

 

biyo 2

ආණ්ඩු හැමකක්ම මහන්සි වූයේ මැද පන්තිය සංතෝෂ කරමින් තමන්ගේ චන්ද ගොඩ පුළුල් කර ගැනීමට පමණි. කොළඹ අගනගරයේ කේන්ද්‍රගතව සිටින ගමෙන් ආ, ආර්ථිකයේ අතු පතර අල්ලාගෙන මැද පන්තියට පොලා පීනූ, සෝබනකාර සමාජ තීරුවට සති අන්තයේ පහසුවෙන් ගමට යෑමට යටිතලය සකස් කිරීම ඔවුන් පහසුවෙන් තෘප්තියට පත් කළ හැකි වෑයමක් විය. ආණ්ඩුව එපමණකින් තෘප්ත විය.

රටේ විදේශ සංචිත අගාධයට හෙළමින්, ඵලදායි ඉලක්කයකින් තොරව, අධිවේගී මාර්ග ඉදිකිරීම රට මහත් විනාශයකට ඇඳ දැමීමක් බව මේ මැද පන්තිය දැන්වත් තේරුම්ගෙන තිබේදැයි ස්ථිරව කිව නොහැකිය. මීරිගම-කුරුණෑගල අධිවේගී මාර්ගය විවෘත කරන්නේ එවැනි පසුබිමක ය.

@විමුක්ති හඬ

නවතම ලිපි