SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (රහස් පොලිසියේ) රඳවා සිටි කාන්තාවක් අද අලුයම එහි 05 වැනි මහලෙන් බිමට වැටීමෙන් මරණයට පත්ව ඇත.


පොලීසිය පවසන්නේ ඇය පස්වැනි මහලේ වැසිකිලියේ ජනේලයෙන් බිමට පැන සියදිවි හානිකරගෙන ඇති බවයි.

රාජපක්ෂ මුදියන්සේලාගේ අප්සරා මැණිකේ රාජපක්ෂ නැමැති 46 හැවිරිදි කාන්තාව මෙසේ මරණයට පත්ව තිබේ. ඇගේ සිරුර කොළඹ ජාතික රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මෙම සිදුවීම වී ඇත්තේ අද අළුයම 3.50 ට පමණය. ඇය පන්නිපිටිය සේදගල නාමල් උයනේ පදිංචිකාරියකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ 01 භාරයේ එම කාන්තාව සිට ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

රුපියල් ලක්ෂ 600 කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මෙම කාන්තාවට එරෙහිව ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකට අදාලව ඇයව අත්අඩංගුවට ගෙන සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව ප්‍රකාශ කරයි.

ණයදෙන සමිතියක් සකස්කරගෙන බැංකුවලින්ද ණය ලබාගෙන එම ණය සමිතිය හරහා නැවත ණයට දෙමින් මෙම වංචාව සිදුව ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.


හතරවැනි තට්ටුවෙන් බිමට 'තල්ලු කළ' දොඩම්පේ මුදලාලි !


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඉතිහාසයේ කාන්තාවක් මෙසේ මරණයට පත්වූ පළමු අවස්ථාව මෙය වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඉතිහාසයේ මෙවැනි සිදුවීමක් සම්බන්ධයෙන් පළමු කළු පැල්ලම එක්වන්නේ 1966 වසරේ අප්‍රේල් 15 වෙනිදා රත්නපුරයේදී අත්අඩංගුවටගත් ඒ.වී. පොඩිඅප්පුහාමි හතරවැනි තට්ටුවෙන් බිමට වැටී මිය යාමය.

දොඩම්පේ මුදලාලි ලෙස ප්‍රසිද්ධව සිටි ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නේ 1966 රාජ්‍ය විරෝධි හමුදා කුමන්ත්‍රණයේ සැකකරුවෙක් ලෙසිණි.



එම මරණය ගැන පොලීසිය පැත්තෙන් කියැවුනේ සිය දිවි හානිකර ගැනීමක් බවය. එහෙත් වෙනත් මත වලින් එකල කියැවු‍ණේ 04 වැනි තට්ටුවෙන් ඔහුව තල්ලුකර ඇති බවකි. අදටත් ඒ සම්බන්ධයෙන් ඇත්තේ විවිධ මතයන්ය.

04 වැනි තට්ටු ගැන සමාජයේ දැඩි කථිකාවක් ඇති වන්නේත් 04 වැනි තට්ටුවට සමාජ භීතිකාවක් ගොඩ නැගෙන්නේත් එම මරණයත් සමගිණි.

එදා සිට මේ දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිහිටි ගොඩනැගිල්ලෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි කිහිප දෙනෙක්ම බිමට වැටීමෙන් මිය ගොස් තිබීමද විශේෂිතය. 



(මුලාශ්‍රය -newswave.lk)

@ Theleader.lk

නවතම ලිපි