SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාස්කු ප්‍රහාරය නම් අමානුෂික සිද්ධියේ දී මතුපිටින් පෙන්වන්න හදනවාට වඩා කුමන්ත්‍රණයක් වී ඇති බව පෙනෙන්නට ඇති බව මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරතුමා පවසනවා.

තව ද පාලකයන් එය යට ගැසීමට උත්සාහ කරන බවත්, විමර්ශනයකින් ඒවා එළියට ගැනීමට උත්සාහ නොකරන බවත් පවසන කාදිනල්තුමා, දේශපාලනඥයින් රටේ නීතියේ ආධිපත්‍යය විනාශ කර ඇතැයි පවසනවා. මේ ක්‍රමය තුළ කිසිම පුද්ගලයකුට තමන් ආරක්‍ෂිතයි කියා හෝ යුක්තිය ඉටුවෙයි කියා සිතිය නොහැකි බව ද වැඩි දුරටත් පවනසවා.

තව ද නාලක සිල්වා නියෝජ්‍ය පොලිස්පතිතුමාව අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ ඔහු සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ලබාගෙන තිබියදී බවත්, ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන රට තුළ බියක්, අවිනිශ්චිතතාවයක් හා කැළඹිලි ස්වභාවයක් ඇතිකිරීමේ අරමුණින් ලැබුණු බුද්ධි තොරතුරු මත කටයුතු නොකළේදැයි සොයා බලන ලෙස පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාවේත් නිර්දේශ කර ඇතැයි ද මැල්කම් රංජිත් හිමිපානන් අවධාරනය කරනවා.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහරයේ විමර්ශනවල වත්මන් තත්වය පිළිබඳව යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමග සූම් තාක්ෂණය ඔස්සේ පැවති සම්මන්ත්‍රණයක දී කාදිනල්තුමන් මේ අදහස් ඵල කළා. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ කාදිනල්තුමා,

“මුස්ලිම් අන්තවාදී කන්ඩායම් මේක සූදානම් කරපු බව ඇත්ත නමුත් ඒකෙ තොරතුරු දැන දැනත් වසන් කරමින් ඡන්දය ඉලක්ක කරගෙන ජනතාවගේ ඡන්දය ලබා ගනීම සඳහා මේ ඇටෑක් එක සිදුවෙන්න ඉඩදුන්නා කියන තත්ත්වය තමයි මෙතනින් පේන්න තියෙන්නේ. මේ ඇටෑක් එකේ 60%ක වගකීම තියෙන්නේ ඔන්න ඔය නිළධාරීන් සහ දේශපාලනඥයින් අතේ.”

@ http://cmn.lk/2022/01/10/

නවතම ලිපි