SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

School of Democracy ආරම්භ කෙරේ.

ආරම්භක දේශනය 2021 දෙසැම්බර් 23 බ්‍රහස්පතින්දා රාත්‍රී 730 ට Zoom භාවිත ඩිජිටල් අවකාශය ඔස්සේ.

ඩිජිටල් සමාජයට දේශපාලන නායකත්වය දෙන්න ඔබ සුදානම්ද?

වර්තමාන ඩිජිටල් සමාජයේ දේශපාලනික පසුබිම තුළ සාර්ථක දේශපාලන දැනුමක් සඳහා සාර්ථක දේශපාලනඥයකු සඳහා පුළුල් දේශපාලනික දැනුවත් බවක් හා දේශපාලනික හැකියාවක් ප‍්‍රගුණ කළ යුතුව තිබේ. මෙකී හැකියාවත් දේශපාලනඥයන් මෙන්ම සමාජයේ වගකිව යුතු කාර්යභාරයක් ඉටුකරන්නාවූ සෑම පුරවැසියයකුම ඇති කරගත යුතු වන්නකි.

එම වගකීම හා කාර්යයභාර්ය සාර්ථක කරගැනීම සඳහා වූ දේශපාලනික දැනුවත්භාවය සඳහා මැදිහත් වන න්‍යායික හා ප‍්‍රායෝගික ඩිජිටල් පාඨමාලවක් ලෙස මෙම පාඨමාලාව හඳුන්වා දෙමු.

democrasi 1

දේශපාලනික කරුණූ පිළිබඳව කටයුතු කරන හා උනන්දුවක් දක්වන්නන් වෙනුවෙන් මූලධර්ම හා ප‍්‍රායෝගික භාවිතාව තවදුරටත් මුවහත් කිරීම මෙම පාඨමාලාවේ එක් විශේෂිත අරමුණකි. රාජ්‍ය සේවකයින්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්, වෘත්තීය සමිති නායකයින්, සිවිල් සංවිධාන නායකයින්, ව්‍යාපාරකයින් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල නියතු සියලු දෙනා හට මෙම පාඨමාළාව හැදැරීම තම දැනුම, කුසලතාවය හා තම සේවා ස්ථානයේ ගැටළු වලට පිළියම් සොයා ගැනීමට හැකි වනු ඇත.

මෙම පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ පළපුරුදු විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, නීති ක්ෂේත්‍රයේ ප‍්‍රවීණයන් හා නව දැනුම සොයන දේශපාලන ක්ෂේත්‍රෙය් ක‍්‍රියාකාරිකයින්ගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයක් විසිනි.

මෙම පාඨමාලාව school of democracy ආයතනය විසින් මෙහෙයවන අතර, 0773218677 අංකයට SMS හෝ whatsapp කෙටි පණිවිඩයක් මගින් ඔබට මෙම පාඨමාළාවට සම්බන්ධවීමට හැකිය.

මෙම පාඨමාළාව සෑම බ්‍රහස්පතින්දා දිනකම සවස 7.30 සිට 9.00 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙහිදී දේශපාලන දර්ශනය, රාජ්‍ය සහ නීතිය, රාජ්‍ය පාලනය සහ ප‍්‍රතිපත්ති, දේශපාලන හැසිරීම සහ මැතිවරණ, සංවර්ධන දේශපාලනය, මූල්‍ය පාලනය, වෘත්තීය මාර්ගෝපදේශය, ගෝලීයකරණය සහ ජාත්‍යන්තර දේශපාලන අර්ථශ‍්‍රාස්ත‍්‍රය, ස්ත‍්‍රී පුරුෂ භාවය සහ දේශපාලනය, අලෙවිකරණය ඇතුළු විෂයයන් රාශියක් යටතේ සාකච්ඡා කෙරුණු ඇත.

2021 දෙසැම්බර් 23 බ්‍රහස්පතින්දා සවස 7.30 මෙහි පළමු දේශණය ලෙස “ඩී. එස්. නැවත කියවමු“ මාතෘකාව යටතේ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා විසින් පවත්වනු ලබයි. අජිත් අමරසිංහ මහතා වෘත්තීයෙන් ළමා රෝග හා ආසාත්මිකතාවයන් පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකි. වෛද්‍ය ශිෂ්‍යයකුව සිටියදී ද්විභාෂා ස්වාධීන පුවත්පත් කලාවේදියකු ලෙස කටයුතු කළ ඔහු දිගුකළක් තිස්සේ ශ්‍රී ලංකාවේ අප්‍රකට ඓතිහාසික සිදුවීම් පිළිබඳව ගවේෂණය කරමින් සිටියි. රාජකීය ආසියාතික සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ සාමාජිකයකු වන ඔහු “ලක් ඉතිහාසයෙන් වසන් වූ චීන මෙහෙයුම“ හා "Finding Sinhabahu" පර්යේෂණ කෘතීන්ගේ කතුවරයාද වේ.

@School of Democracy

නවතම ලිපි