SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලකුණු දාගැනීමට අධිගෘහිත අජාසිංහ නම් වූ යක්ෂාධිපතියන්

මෙලක්දිව නොනිල පාලකයාව උන් කාලයෙහි සුව වීර නම් යක්ෂ ගණයට පරමාධිපති වූ 'මහා හූ සභාව' යෝජනා කළ ලොක් ඩවුන් නම් වූ ක්‍රමවේදය වඩා වැඩි දියුණු කිරීමක් වශයෙන් අජාසිංහතෙමේ ෂට් ඩවුන් ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්නට විය.

ලෝකයේ ප්‍රථම ස්ථානය ගැනීමේ අදිටනින් ව්‍යක්තමාර්ග නරේෂ්වරයෝ ද අජාසිංහයාට වර දුන් හ.

අජාසිංහයාගේ මායමින් ඔද වැදි ජනතාව බිම පෙරළි පෙරළී උන්ට වැඳ වැටෙමින් සිය හිස් මුදුනෙහි රඳවා ගෙන ගිය හ. අජාසිංහ තෙමේ කෙළවන්නට වූ සඳ නරේෂයන් ඌ නෙරපා දැමූ ඉක්බිති, පෙරළී පෙරළී වැඳ වැඳ උන් ජනතාව දහ අට වන්නම් නටන්නට වූ හ.

අජාසිංහයන් ආර්ථිකයට කෙළවූ බව කියන උන් සොය සොයා කුපිත වූ ජනතාව පොලු මුගුරු ගල් මුල්වලින් ගසන්නට වූ හ.

ta 1

මෙයතර අජාසිංහ මහා යක්ෂාධිපතියාගේ සුව වීර සෙන්පතියකු වූ වික්‍රමවිජය තෙමේ අර්ථ ශාස්ත්‍රඥයින්ට එරෙහිව ස්වකීය සකලවිද්‍යාකලාවාණිජවල්ලභ උපාධී රාජයාණන්ගේ ආනුභාවයෙන් සිංහ ගර්ජනා කරන්නට වූයේ ය.

"වසංගත දුර්භාග්‍ය සහමුලින් නිමා කරන තෙක් ආර්ථිකයක් ගැන කතාවත් නොකළ යුතු ය.. මේ ගැන කතා කරන්නෝ අර්ථ ශාස්ත්‍රය නොදත් මුග්ධයෝ ය"

වික්‍රමවිජය යක්සෙනවිගේ ලොමු දැහැ ගන්වන ප්‍රකාශයෙන් අර්ථ ශාස්ත්‍රය ප්‍රකම්පනය වී හුන් තැන නොසිට පලා ගියේ ය..

ජනතාව ප්‍රීති ඝෝෂා කරන්නට වූ හ..

ජීවන්ධකාර නම් වූ මහා යක්ෂ ඍෂිතුමෝ ආර්ථිකයෙන් වැඩක් නැති බවත් ආර්ථිකයට කලින් ඔක්සිජන් අවශ්‍ය බවත්.. ආර්ථිකයට කෙළවා හෝ පරීක්ෂණ කළ යුතු බවත් මහා හඬින් කියා සිටියෝ ය..

ta4

මෙයින් කුපිත වූ ජනතාව විළිවැඳ සැඟව ගිය ආර්ථිකය පොලු මුගුරුවලින් තලා කඩු කිණිසිවලින් කපා දැමූ හ. හිස් මතින් ඍෂිතුමන් ඔසවා ගත්තෝ ය..

ඝනාන්ධකාරය මාධ්‍යයේ කෝවිද චන්ද්‍රාලෝකයේ උණුසුම පහවද්දී යක්ෂ සෙනෙවියන්ගේ වොයිස්කට් ඝෝෂාව පිළුණුවෙමින් රස සිඳී කෙමෙන් මැකී ගියේ ය.

හිස් මත ඔසවා ගත් බරින් නිදහස්ව, මායෙමෙන් මිදී ජනතාව ඇස් ඇර බලද්දී මුහුණු පුරා ගැවසීගත් වසුරු දැක බැන අඬගසමින් ආර්ථිකයට කෙළවීම ගැන හත්මුතු පරම්පරාවට දෙස් දෙවොල් තැබූ හ.

හිස් මතින් ඔසවා ගිය යකුන් ගැන කිසිවකුත් සිහිපත් නොකළහ..

(නම් ගම් මනඃකල්පිතයි)

නවතම ලිපි