SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ප්‍රංශ සාංදෘෂ්ටිකවාදී දාර්ශනිකයෙකු වූ නෝබල් ත්‍යාග ලාභී ඇල්බයා කැමූ විසින්

රචනා කරන ලද 'සිසිපස් ගේ මිථයාව' නම් ග්‍රන්ථය ඔහු ග්‍රීක මිත්‍යාකතාවක් ඇසුරින් රචනා කර ඇත.

මේක පැරණි ග්‍රීක මිත්‍යා කතාවක්.දෙවියන් විසින් සිසිපස්ට දඬුවම් කරනු ලැබුවා. දඬුවම වුනේ ගලක් කන්ද මුදුනට ටම තල්ලු කර ගෙන යාමයි. එසේ තල්ලු කරගෙන ගිය සැම විටකම නැවතත් එය කඳු පාමුලට පෙරළේ. මේ බියකරු අනුපිලිවෙල නැවත නැවතත් සිසිපස්ට කිරීමට සිදුවෙයි. එනම් ගල පෙරළී කඳු පාමුලට වැටුන සෑම අවස්ථාවකම නැවත එය කඳු මුදුනට තල්ලු කර ගෙනයාම. මෙය නැවත නැවතත් කිරීම පමනක් නොව එය සදාතනිකවම කල යුතු වන්නේය. දඬුවමයි එයයි.

මෙය හරියටම ජවිපෙ මහා මැතිවරණයට මුහුණ දීම වැනිය. සෑම මහා මැතිවරණයකදීම ජවිපෙ තරඟ කරන්නේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන්. එය ස්ථිරවම ජග්‍රහණයෙන් අවසාන වන බව ඔව්හු ප්‍රකාශ කරති. නමුත් පරාජය නිශ්චිත සාධකය බවට පත් වෙයි. ඊට පසුව මැතිවරණය පරාජය නැත්නම් කඳු පාමුලට පෙරලුනු ගල නැවතත් කඳු මුදුනට තල්ලු කරගෙන යන සිසිපස් මෙන් ඊළඟ මැතිවරණයට සුදානම් වෙති.මේ අනුක්‍රමය ජවිපෙ මැතිවරණ සහභාගිත්වය සම්බන්ධයෙන්ද එසේමය.

එක්කෝ මෙය නිමක් නැති පරාජයන් හමුවේ මිනිස් අධිෂ්ඨානය පෙන්නුම් කරන දැඩිව අල්ලා සිටීමේ හැකියාවයි. එසේත් නැත්නම් අප්‍රතිහත ධෛර්යයි.

කෙසේවෙතත් ජවිපෙ කඳු මුදුනට තල්ලු කර ගෙනයන ගල බර වැඩිය. එය නිර්මාණය වී ඇත්තේ ඔවුන්ගේ ඉතිහාසයෙනි. එය බරෙන් වැඩි නිසා සෑම විටම පහලට ඇද වැටේ.
උරණ නොවී ජවිපෙ නායකයන් මේ ගැන සිතා බැලිය යුතුය. 

නවතම ලිපි