SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කටුනේරියේ පදිංචි අවුරුදු 6ක දැරියක් සිය පියා විසින් අපයෝජනය කළ බවට අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් ළමා නිවාසයට යොමු කර ඇති බවට පියා සහ ප්‍රදේශවාසීන් චෝදනා කරති.


ප්‍රදේශවාසින් පවසන්නේ ග්‍රාම නිලධාරිවරයා සහ පොලීසිය දැරියගේ පියා සමග ඇති පෞද්ගලික වෛරයක් මත මෙම ක්‍රියාව සිදු කර ඇති බවයි.

මෙම දැරියගේ මව පවුල අතහැර ගොස් ඇති අතර දැරිය සිය පියා සමග නිවසේ සිටි කාලයේ දී පාසල් ගොස් තිබේ. එහෙත් මේ වනවිට දැරිය ළමා නිවාසයක සිටින අතර පාසල් ගමන ද නැවතී ඇත.

මාරවිල පොලීසියේ කාන්තා පොලිස් පරීක්ෂක අයිරාංගනී පවසන්නේ, කටුනේරිය ග්‍රාම නිළධාරිනී එම් .ජී.ඩී .එස්. ලක්ෂ්මී මදුරාවල, නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම්  කාර්‍යාලයයේ ළමා හිමිකම් නිළධාරිනි  එස්.එම්. ඒ. අයි. මංචනායක යන අයගේ දැනුම්දීම හා ප්‍රකාශ මත මෙම දැරිය සම්බන්ධව ඇය නිත්‍යානුකුලව කටයුතු කර ඇති බවයි.

පියා විසින් මෙම දරුවාගෙන් ලිංගික අවශ්‍යතා ඉටු කරවා ගන්නා බවට ඉහත රාජ්‍ය නිලධාරීන් විසින් පොලිසිය වෙත කරුණු ඉදිරිපත් කර ඇතත් එවැනි කිසිඳු අකාරයේ ලිංගික අපයෝජනයක් සිදු වී නොමැති බවට වෛද්‍ය වාර්තා වලින් තහවුරු වී ඇතැයි දැරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින 'එක්සත් මානව හිමිකම් සංවිධානය' පවසයි.

ඉහත නිලධාරීන්ට අමතරව දැරියගේ මවගේ මිතුරියක වන දේවිකා ප්‍රියදර්ශනී ප්‍රනාන්දුය නැමැති කටුනේරිය පදිංචි කාන්තාවක් ද පොලීසිය වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇත.

2021.09.21 පොලිසිය වෙත කට උත්තර ලබා දුන් දේවිකාද , 2021.09.15 පොලීසියට විස්තර සැපයූ මංචනායක සහ මදුරාවල යන අය ද මෙම දැරිය ළමා නිවාසයකට යොමු කරවූයේ දැරියගේ සහ පියාගෙ පාර්ශවය වෙනුවෙන් ඉදිරිපත්වන බව පවසමින්, අධිකරණය හමුවේ සිටි නීතිඥවරියක් බවට දැරියගේ පියා දිවුරුම් ප්‍රකාශයක් මගින් කියා සිටී.

අසල්වාසීන් ද මෙම දරුවට අසාධාරණයක් වී ඇති බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය වෙත වීඩියෝ මුදාහැර තිබේ.

තවද මේ වන විට මෙම දැරියගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය වෙත පැමිණිලි තුනක් යොමුවී ඇති බව පවසන 'එක්සත් මානව හිමිකම් සංවිධානය', දැරියගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් මැදිහත්වන්නැයි අධ්‍යාපන අමාත්‍යවරයාගේ විශේෂ ඉල්ලීමක් ද කර තිබේ.

G1

G2

 

G3

 

https://fb.watch/9AldZcrMFx/ 

උපුටාගැනීම - Theleader.lk

නවතම ලිපි