SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රාජකාරී වටපිටාව තුල කාන්තාවක් හිංසනයට පත්කිරීම කුරිරු ම්ලේච්ඡ ක්‍රියාවකි.

ඉතා දරඳඩු පාලන ක්‍රමයක් තුල ඇතැම් කලමණාකරුවන් සේවිකාවන්ව ලිංගික බලහත්කාරයට නතුකරගන්නේ මව් කුසකින් උප්පත්තියක් නොලැබූ සේය.

තමාගේ පහත් ලිංගික ආශාවන් සංතර්පනය උදෙසා සේවිකාවන් යොදාගන්නා මෙම නරුමයන් තම මතයට අවනත වන සේවිකාවන් දිගින් දිගටම ලිංගික බලහත්කාරයට යොදාගන්නා අතරම තම මතයට අවනත නොවන සේවිකාවන් ගෙන් දරුණු ලෙස පලි ගනිති. මේ පලිගැනීම් කෙතරම් කුරිරුද යත් රැකියාවෙන් නෙරපීම තරම්ම දරුණුය.

ඔව් අපි මේ කතා කලේ ATG වතුපිටිවල ආයතනයේ තත්වයයි. මේ අපරාධය ට ලක්වන සේවිකාවන් ඔවුන්ගේ පීඩනය පුද්ගලිකව දරාගත්තා මිස එයට එරෙහිව තනි තනිව සටන් නොකලේ පැවති බිය නිසාවෙනි.

ATG වතුපිටිවල සේවිකාවන් තනි තනිව බියගැන්වී සිටි කාලය අවසන් ය. මෙම ලිංගික අපරාදයන් නැවැත්වීමට අභිනවයෙන් පිහිටවූ වානිජ හා කාර්මික සේවක සංගමය පියවර ගෙන ඇත.

මෙහි පලමු පියවර ලෙස වැඩ පොලතුල ලිංගික හින්සනය කෙබඳුද යන්න දැනුවත් කිරීමේ පත්‍රිකාවක් බෙදා හරින අතර දැනටමත් මේ අපරාධයෙන් පීඩා විඳින සේවිකාවන්ට පැමිනිලි කිරීම සඳහා හොට්ලයින් දුරකතන අංකයක් හඳුවා දී ඇත. එම දුරකතන අංකය නම් 078 79 82 363 ය.මෙම අංකය ට ලබාදෙන තොරතුරු සියල්ලේ රහස්‍යභාවය වෘත්තීය සමිතිය විසින් ආරක්ශා කරනු ඇත.

මෙයට අමතරව ආයතනයේ සේවිකාවන් ලිංගික සූරාකෑමට ලක්කරනු ලබන නිලධාරීන්ගේ නම් සහ ඡායාරූප සහිත අසාදු ලේඛනයක් ද( Black List ) මෙම facebook පිටුවේ පලකිරීමටද කටයුතු කරමු.

ඔබ මේ පිලිබඳ දන්නා තොරතුරු ඉහත දුරකතන අංකයට හෝ

වානිජ හා කාර්මික සේවක සංගමය

අංක 17, බැරැක්ක පටුමග, කොලඹ 02 .යන ලිපිනයට තැපැල් මගින් යොමු කිරීමටද හැකිය.

රාජකාරී පරිසරයේ ලිංගික හිංසනය පිටු දකිමු.!

අපරාධ කරුවන් ලොවට හෙලිකරණු !

@ATG අපි

උපුටාගැනීම -ගීතිකා ධර්මසිංහගේ පිටුවෙන්

නවතම ලිපි