SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සඳ කිනිති නැමී - විල් දියට එබී

සොයයි සේයාව සඳේ

ඔබේ නෙතට එබී - මගෙ නෙතද සදා

සොයයි සේයාව මගේ

සසල නොවී විල තිබෙන තුරා

දිලෙයි සඳ දියට යටින්

සසල වෙලා දිය කැළඹුණු දා

බිඳෙයි සඳ කැබලි පිටින්

සඳ කිනිති නැමී - විල් දියට එබී...

සසල නොවී ඔබ හිඳින තුරා

පෙනෙයි මා ඔබේ නෙතින්

සසර පුරා සැරි සරන තුරා

බලමි ලොව ඔබේ නෙතින්

සඳ කිනිති නැමී - විල් දියට එබී..

ගායනය: විශාරද ලක්ෂ්මන් විජේසේකර 

නවතම ලිපි