SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දුෂ්කර අවස්ථාවල එකට සිටි, එක අරමුණක් වෙනුවෙන් සටන් කළ සියලු පක්‍ෂ එක රෑනට එකට සිටිය යුතු බවත්,

ඒ සමඟිය රැකීම ප්‍රධාන පක්‍ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වගකීමක් බවත් අගමැති මහින්ද රාජපක්‍ෂ පැවසීය.

ඇතැම් පක්‍ෂ කුඩා විය හැකි නමුත් දේශපාලනයේදී වැදගත් වෙන්නේ ලොකු කුඩා නොව අරමුණ බව කී අගමැතිවරයා,  ‘ඒ කවුරුත් අපේ ආධාරක, කිහිලිකරු හෝ අතකොලු නෙවෙයි. අපිත් එක්ක එකට එක අරමුණකට ගමන් කරන අය යැයි ද අවදාරණය කළේය.

අගමැති මහින්ද රාජපක්‍ෂ මේ බව පැවසුවේ, කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේ දී අද (2) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සර උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

අගමැති මහින්ද රාජපක්ෂ මෙහිදී තවදුරටත් කියා සිටියේ, සමඟිය අත වැනීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ලැබුණු උරුමයක් බවත්, දුෂ්කර අවස්ථාවල එකට සිටි, එක අරමුණක් වෙනුවෙන් සටන් කළ කවුරුත් ඈත් කළ නොහැකි බවත් ය.

ආණ්ඩු බලයෙන්, අමාත්‍යාංශවලින්, රාජ්‍ය ආයතනවලින් කරන්න බැරි බොහෝ දේ ඇතැයි කී මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයා, පසුගිය කාලයේ ගුරු වර්ජනය දුරදිග ඇදී ගියේත්, ගොවි උද්ඝෝෂණ මෙතරම් බරපතල ලෙස ඇදී යන්නේත් ඒ අය අතර වැඩ නොකළ නිසා යැයි පැවසීය.

රජය ජනතා හඬ තේරුම් ගත යුතු බව කී අගමැතිවරයා රජය එම දේශපාලනයෙන් ඈත්වුවහොත් පරාජය කළ බලවේල පටු වාසි ගැනීමේ අරමුණින් ජනතාව අතරට රිංගා විශාල අවුල් ඇතිකරන බව ද කීවේය.

ඡන්දය දුන් ජනතාව දැන් ඉන්නේ ඉතා අපහසු දුෂ්කර තත්වයක බව අමතක නොකළ යුතු බව කී අගමැතිවරයා මෙවැනි කාලවල නොකළ වැරදිවලට වුණත් ජනතාව බනින්නේ ආණ්ඩුවට බවත්, ජනතාව බැන්නත්, පඹයෝ පිච්චුවත් ජනතාව අතරට යා යුතු බව ද සඳහන් කළේය.

  

හවුල්කාර පක්ෂ 11ත් පොහොට්ටු වේදිකාවේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 5 වැනි ජාතික මහා සම්මේලනය අද (02) පැවතියේ පක්ෂ නායක අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි.

උත්සවය ආරම්භ වූයේ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ නිර්මාතෘ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ පැමිණිමත් සමගයි.

මහජන මන්ත්‍රණ සභාවක් පිහිටුවමින් LNG ගනුදෙනුවට එරෙහිව කටයුතු කරන නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 නායකයෝ හා සාමාජිකයෝ ද මීට එකව සිටියහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද සම්මේලනය ඇමතූහ.

සම්මේලනය අමතමින් ඔහු පැවසුවේ, පක්ෂය නිර්මාණය කරනු ලැබුවේ, කිසිවකු පරාජය කිරීමට නොව ජනතාව දිනවීමට බවයි.

මිතුරන්ගේ ආශිර්වාදයත් ප්‍රතිවාදින්ගේ අභියෝගත් යන දෙකම ආශිර්වාදයක් ලෙස භාර ගත් බවත් අභියෝග සියල්ලක්ම ශක්තියක් වූ බවත් බැසිල් රාජපක්ෂ පැවසී ය.

පොහොට්ටුව නමින් කවුරුත් හඳුන්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට රටේ පාලන බලය හිමි පක්ෂයයි.

සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දුන් පසුව තනි පක්ෂයක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගත් පළමු අවස්ථාව මෙයයි.

විමල් ගීගනගේ නායකත්වය දැරූ ලියාපදිංචි දේශපාලන පක්ෂයක් වූ ශ්‍රී ලංකා ජාතික පෙරමුණ සහ අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ නම් දේශපාලන පක්ෂය මුල් කොට ගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි වුණේ, 2016 වසරේ නොවැම්බර් 01 වැනිදායි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද පක්ෂ සම්මේලනය වෙනුවෙන් වීඩියෝ තාක්ෂණ ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

 

@Theleader.lk

නවතම ලිපි