SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක් දිනකදී මේ රටේ ළමා අපචාර 25ක් පමණ සිදු වෙනවා.

ඒ කියන්නේ පැයකදී ළමා අපචාර එකකට වඩා සිදුවන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

‘‘සියල්ලට පෙර දරුවන්‘‘ යන තේමාවෙන් බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව පැවැසීය.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

එහිදි අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ ද කීය.

මේ වසරේ ජනවාරි පළමුවන දින සිට ජුනි 30 දක්වා වූ මාස හයකදී ඒ කියන්නේ දින 180 ක කාලයේදී මෙරටේ ළමා අපචාර සම්බන්ධ පැමිණිලි 4743ක් වෙනකොට වින්දිතයන් 4900 කට වැඩියි.

මිත්‍රවරුනි මේ පුවත විශ්ලේෂණය කර බැලුම ප්‍රධාන කරුණු තුනක් මතුවෙනවා . ළමා අපචාර සම්බන්ධ දරුවන් වයස අනුව වෙන් කළොත් සියයට 21ක් වයස අවුරුදු පහට අඩු අය. වයසර අවුරුදු 5 – 10ත් අතර දරුවන් සියයට 17ක් ඉන්නවා. වයස අවුරුදු 11 – 15 අතර දරුවන් සියයට 38 ඉන්නවා. ඒ කියන්නේ සියයට 75ක්ම අවුරුදු 15ට අඩු දරුවන් මේ තත්ත්වයට පත් වෙනවා.

දින එකසිය අසූවක් එසේ නැතිනම් මාස හයක කාලේදි අපචාර 4743ක් වෙනකොට දිනකට ළමා අපචාර විසිපහකට වඩා සිද්ධ වෙනවා . ඒ කියන්නේ එක පැයකට ළමා ළමා අපචාරයකට වඩා සිදුවෙනවා නේද ?එහෙනම් අපි සීලාචාර කමේ සීමාවට ඇතුළු වෙන්නෙ කොහොමද?

අපි අධ්‍යාපන පද්ධතිය දරුවන් දැනුවත් කරන අතරේ නීති පද්ධතිය දරුවා ආරක්ෂා කරන්න ඕන.

මේ මේ පුංචි දරුවෝ අපචාර යට ලක් වෙලා තියෙන්නෙ කාගෙන්ද ඒවායේ විත්තිකරුවන් වන්නේ පියා, මව , පූජ්‍ය පක්ෂය, සීයා ,ගුරුවරයාගේන්, පක්ෂය කියන්නේ සිවුරු දාගත් අය විතරක් නෙවෙයි පූජකයෝත් ඉන්නවා.මේ අපචාරවලට පොලිසිය,පූජකයන් ඉන්නවා නම් මොකක්ද අපිට පේන චිත්‍රය .

පොලිසියේ 18ක් ඉන්නවා. එක ඕඅයිසී මහත්තයෙකුත් එක්ක .එතකොට මේ දැනුවත් කිරීමත් නීති පද්ධතියෙන් ආරක්ෂා කිරීමත් කරන්න ඕන.

 

@ Newshub.lk

නවතම ලිපි