SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බන්ධනාගාරවල පවතින දුෂ්කර තත්ත්වය ගැන අපි දන්නා නිසාම ඔබගෙන් අපි සුව දුක් නොවිමසමු.

එසේ නමුත් ඔබ සියලු කරදර අභිබවා සුවෙන් ඇතැයි අපි අපේක්ෂා කරමු. සොහොයුරිය, වසර ගණනාවක සිට අපි ඔබව හදුනාගෙන ඇත්තේ ශක්තිමත් ස්ත්‍රියක් ලෙසයි. යුක්තිය හා සමානාත්මතාවය වෙනුවෙන් නැගී සිටිනා ගැහැණුන්ව සිරගත කර නවතාලිය නොහැකි බව බලයේ සිටිනා පිරිමින්ට වැටහෙන්නේ නැත.

එසේ වුවත් අප ඉදිරියේ ඇති අරගලය ඉතාමත් දුෂ්කර හා අපි තනි කරනා සුලු යැයි විටක අපට සිතෙනු හැකියි. එලෙස සිතෙනා විට අපට තව තවත් සහෝදරත්වය සහ ආදරය අවශ්‍යය වෙන්නේ අපි තනි වී නැති බව මතක් කර ගැනීමටයි. කෝෂිලා මෙය සහෝදරත්වයේ සහ ආදරයේ ලිපියක්. කිසිදා පසුනොබසින ඔබගේ සටන්කාමීත්වයට කෘතඥ පූර්වක ලිපියක්.

අපි සිරගෙදරින් පිටත සිටිමු. නමුත් අපගේ සිතට නිදහසක් නැත. කෝෂිලා සහෝදරිය ඔබ සහ අනෙකුත් සහෝදරයින් නිදහස් කර ගැනීමේ නොහැකියාව නිසා අපගේ හෘද සාක්ෂිය අපට වධ දෙන්නේය. සමහරක් විට අපිට සිතෙන්නේ සිරගෙදර මෙන්ම ඉන් පිටත ලෝකයත් අදුරු වී ඇති බවයි.

අපගේ ජනතාව දිනකට වේල් දෙක පිරිමසා ගැනීමට අරගල කරමින් සිටී. බලයේ සිටින්නන් තමන්ගේම බලය විහිලුවක් බවට පත් කරමින් ඇත. ඔබව සිරකර ගෙන සිටීමට තමන්ගේ බලය යොදා ගන්නා පිරිමින්ට ආහාර මාෆියාව පාලනය කිරීමට නම් බලයක් නැත. ආහාර මිල දිනපතා වැඩි වෙන්නේ ඒ නිසාය. ආර්ථික වශයෙන් ආන්තීකරණය වී සිටින වැඩ කරනා ජනතාවට වේල පිරිමසා ගැනීමට නොහැකි වී ඇත්තේ ඒ නිසාය. බලයේ සිටින්නන්ට සහ ඔවුන්ට සහය දෙන්නන්ට තම බලය පෙන්විය හැක්කේ දුගීන්ට, පීඩිතයින්ට, ගැහැණුන්ට හා බලය අහිමි මිනිසුන්ට එරෙහිව පමණි. මිල නියාමනය කිරීම නවතා අපගේ ජනපති සහ රජය විරෝධය නියාමනය කරන්නේත්, ජනතාවාදී විරෝධතාකරුවන් සිරකරුවන් කරන්නේත් ඒ නිසාය. ව්‍යපාරික ප්‍රභූන්ගේ සාක්කු තර කරමින් ජනතාව හාමතේ තබන්නේ ඒ නිසාය.

අපේ දේශපාලනය මෙන්ම කාලගුණය ද උණුසුම් ය - උදෑසන තද වැසි සහ රාත්‍රියේ තෙත බරිත තරම් රස්නෙය. කෙසේ වෙතත් අපේ ආර්ථිකය ස්වභාවධර්මය මෙන් නොවේ. එය පහතටම යනු පෙනෙයි. ආරක්ෂිත ගොඩබෑමක් පිළිබඳව සහතික කර නැත.

ඔබට ඩොලර් අර්බුදය මතකද? අපේ අපනයනකරුවන්ට විදේශ විනිමය ගෙන ඒම නීත්‍යානුකූලව තහනම් කර නැති බව පෙනෙයි. එම නිසා අපේ රට අත්‍යවශ්‍ය ආහාර ආනයනය කිරීමට පවා අරගල කරන අතර ජීවිතාරක්ෂක ඖෂධ ඩොලර් බිලියන 2.75 ක් ආපසු මෙරටට නොඑවීමට අපනයනකරුවන් තීරණය කර ඇත. අපනයනකරුවන් අපේ ආර්ථික ස්වෛරීභාවය සහ ජාතියේ සෞඛ්‍යය අනතුරේ හෙළා තිබෙයි. කෙසේ වෙතත්, ඔවුන්ගෙන් කිසිවෙකුත් ප්‍රශ්න කරන්නේ නැත. රජය හෝ ජනමාධ්‍ය හෝ ජනතාව එය සිදු කරන බවක් දක්නට නැතිය. මිනිසුන්ගේ අවධානය වෙනතකට යොමු කළ යුතුයි. ඒ නිසා පැන්ඩෝරා ලේඛන එලියට දැමුණි. අපි කිසිවෙක් ඒ පැන්ඩෝරා පෙට්ටිය ඇර බැලීමට ආණ්ඩුවට බල කලේ නැත. ඒ ලේඛන අප අමතක කර දැමුවෙමු. එම ලේඛනවල සඳහන් වූ අපනයනකරුවන් කවුරුන්ද යන්න පිළිබඳව හෝ ඔවුනට අපේ රටේ නොමිලේ ඉඩම් අත්පත්‍රිකා ලබා දීම, රටේ වැටුප් හා බදු මුදල් ලබාදීම හා ඔවුනට ලබා දුන් සහන ණය අමතක වූ අතර නැවතත් ඔවුන්ට ඔවුන්ගේ ලාභ සුරක්ෂිතව සිය ස්වර්ගවල ඉතිරි කර ගත හැකි විය.

ඒ අතරම ඔබට කියනවා නම්, යුරෝපීය ජීඑස්පී + කණ්ඩායම මෙරටට පැමිනුණි. අපි සමහරෙක් ඔවුන් හමු විය. රටේ බොහෝ ගැටලු ගැන අපි ඔවුන්ට ‘සිවිල් සමාජය’ ලෙස ගතු කීවෙමු. ඔවුන් හිස සැලීය. අපිට සවන් දෙන බවක් හා අපි පිළිබඳව සැලකිලිමත් වන බවක් පෙනෙන්නට තිබුණි (ඔවුන් කොහොමත් අපි ගැන සැලකිලිමත්නේ නේද?). කොහොම නමුත් ඔවුන් සැලකිලීමත් වන්නේ කුමක්දැයි අපි කිසිවෙකු දන්නේ නැත. සමහරවිට මානව හිමිකම් හෝ මිල පාලනය පිළිබඳව වෙන්නට ඇති. එහෙමත් නැතිනම් වෘත්තීය සමිති බිඳ දැමීම හෝ අයිඑල්ඕව බේරා ගැනීමක් ගැන වෙන්නට ඇති. සමහරවිට සිරගත කර ඇති ක්‍රියාකාරීන් හෝ ත්‍රස්ත මර්දන පියවර පිළිබඳව වෙන්නට ඇති. ඒ කුමක් වුවත් අපි කිසිවෙක් ඒ පිළිබඳව හරියටම නොදනී. නමුත් අපිට සැමවිටම බලාපොරොත්තු තැබිය හැකිය. අවාසනාවන්ත ලෙස සුදු ජාතික ලොක්කන් කතා කරන විට අපේ රජයේ කන් විවෘත වන අතර අප කතා කරන විට එහි බිහිරි බව ඔබ නොදන්නවා නොවේ. එබැවින් දශක ගණනාවකට පෙර අපේ පීඩකයන් වූ ඔවුන්ටම කථා කිරීම හැර වෙනත් විකල්පයක් අපේ රජය අපට ඉතිරි නොකරයි. අපේ අවාසනාව එයයි.

මෙය අමුතුම රටකි. එහි ඉඩම් කොල්ලකන, කම්කරුවන්ට පීඩා කර ඔවුන්ගේ වැටුප් සොරකම් කරන, කාන්තාවන්ට හිංසා කරන එවුන් නිදැල්ලේ සිටින නමුත් තාර පාරක කඩදාසි මිනී පෙට්ටියක් පුළුස්සා දැමීම නිසා ඔබ දින 60 කට වැඩි කාලයක් සිරගතව සිටී. අපේ රටේ ජනතාව තණකොළ පිච්චෙන තාර පාරෙන් නැගෙන රස්නයෙන් ධාන්‍ය වේලති. අපි එය කොළඹ රජයට කිව යුතුය. මන්ද කොළඹ රජය සහ එහි සේවකයින් වීදි සමඟ එහෙව් සම්බන්ධයක් ඇත්තේ නැත. ඒ නිසා බොහෝවිට වීදි කාඩ්බෝඩ් වලින් සාදා ඇතැයි සහ ඒවා ඔවුනගේ දේශපාලන සුරක්ෂිතභාවය මෙන් පහසුවෙන් විනාශ කළ හැකි යැයි ඔවුන් සිතන්නට ඇත! ඔවුන්ට දොස් පැවරිය නොහැක.

 

කෝෂිලා 1

එහෙත් විනාශය සහ අන්ධකාරය තිබියදීත්, සියල්ල අහිමි වී නැත, සහෝදරි.

කොතලාවල විශ්වවිද්‍යාලය අහෝසි කරන්න යැයි කියමින් සහ අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් වෙන් කරන ලෙස ඉල්ලමින් ගුරුවරු උද්ඝෝෂණය කරති. නිදහස් අධ්‍යාපනය විනාශ නොකරන ලෙසත් ඔබ සැම නිදහස් කරන ලෙසත් ශිෂ්‍යයින් විරෝධතාවයේ යෙදී සිටිති. ජනතා විරෝධතා හා ඉල්ලීම් සමඟ අපගේ වීදි යළිත් සජීවී වී ඇත. ඔවුන් ඔබව සිරගත කළ අරගලය ඉතා සජීවී, ඝෝෂාකාරී සහ ගිගුරුම් සහිත ය. ඔබ නැවත එනතුරු අපි බලා සිටිමු. අධිෂ්ඨානයේ හා බලාපොරොත්තුවේ ගිනි සිළුව අත් නොහරින්න සහෝදරිය. අනාගතය ඔබේය.

සහෝදරත්වයෙන්,

විමුක්ති ව්‍යාපාරයේ අපි

ස්වස්තිකා අරුලිංගම්,

ලක්මාලි හේමචන්ද්‍ර

මරිසා දී සිල්වා

අමාලි වෙදගෙදර

අමලිනි දී සේරම්

මෙගාරා ටේගල්

රස්මා රස්මි

ගීතිකා ධර්මසිංහ

සාරා අරුමුගම්

*කෝෂිලා හංසමාලි සහෝදරිය යනු සටන්කාමී ස්ත්‍රියකි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරිනියකි. ඇය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව උද්ගෝෂණය කිරීම හේතුවෙන් ඇප ලබා නොදෙමින් දැනට දින 60කටත් වඩා සිර ගත කොට ඇත. ස්වසන රෝග අබාධයකින් පෙලෙන ඇයගේ සෞඛ්‍යය තත්වය එතරම් යහපත් තත්වයක නොතිබෙද්දීත් සහ දැනටමත් කොවිඩ් ආසාදනය වී තිබියදීත් ඇයව දිගින් දිගටම සිරභාරයේ රඳවා සිටියි.

මීට ගීතිකා ධර්මසිංහ.

නවතම ලිපි