SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාවේ නම් දරා ඇති සමාගමක් වන යුනිලීවර් සමාගම විසින් රේගු බදු වංචා කර,

පසුව එකී බදු මුදල් සහ දඩ ගෙවීමට නියම කෙරුණු විට ශ්‍රී ලංකා රේගුවට එරෙහිව නඩු පැවරීමේ සිදුවීමක් මාධ්‍ය හරහා හෙළිදරව් කර ඇත.

මේ සම්බන්ධයෙන් LNW ඇතුළු සමාජ මාධ්‍ය වෙබ් අඩවි කිහිපයක්ම අනාවරණය කර ඇත.

වර්තමානයේ රට තුළ දැඩි මූල්‍ය අර්බූධතා මතුව ඇති තත්වයක් තුළ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පවා  ලෙස ඉහළ දමා තිබියදී, එදිනෙදා ආහාර වේල සරිකරගන්නට තරම්වත් වත්කමක් නැති ජනතාවක් ජීවත්වන රටේ මෙවැනි සුප්‍රකට ආයතන සිදුකරන බදු වංචාවන් නිර්ලජ්ජිත ක්‍රියාවන් සේ හෙළා දැකිය යුතුව ඇත.

වර්තමාන රජය බලයට පත්වූ දා සිටම මෙරට සාමාන්‍ය ජනයාගේ ජනජීවිතයට එල්ල වූයේ මරු පහරකි. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එය වඩාත් උත්සන්න විය. එය එසේ වුවත් තම ව්‍යාපාරික ගජ මිතුරන්ට බදු සහන සලසමින් රාජ්‍ය බදු ආදායම් අහිමිකර ගත් රජය එම වන්දියත් සාමාන්‍ය මිනිසාගේ උර මතින් තබනු ලැබීය.

එවන් පසුබිමක යුනිලීවර් සමාගමේ මෙවැනි බදු වංචාද අවසානයේ දරන්නට සිදුවන්නේ සාමාන්‍ය පාරිභෝගික ජනතාවටය.

විශාල පරිමාණයේ ලාභ උපයන මෙවැනි සමාගම් රාජ්‍ය බදු වංචා කළද එම නිෂ්පාදන මිළදී ගන්නා පාරිභෝගිකයාගෙන් අදාළ බදු මුදල් උපයා ගැනීම නොවරවාද සිදු කරන්නකි. සබන් කැටයේ සිට පාරිභෝගිකයාගෙන් තම බදු වියදම් අය කරගනිති.

එවන් පසුබිමක මෙවැනි නිර්ලජ්ජිත ක්‍රියා අපි පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු.

සබන් නිෂ්පාදන සංඝටක ආනයනය බදු මුදල් මගහැරීමක්

වාර්තා වන ආකාරයට 2018 ඔක්තෝබර් 09 සිට 2019 අප්‍රේල් 04 දක්වා කාලය තුළ යුනිලීවර් හී මෙකී ප්‍රශ්නගත සිදුවීම සිදුව ඇත. ඒ සබන් නිෂ්පාදනය කිරීමට යොදන සංඝටකයක් වන palm oil fatty acid ආනයනය කිරීමේදීය.

එකී සංඝටකයට අදාළ HS අංකය වන්නේ 3823.19.20 යි. ඒ ආනයනයේදී 25% ක රේගු බද්දක් ගෙවිය යුතුය. නමුත් අදාළ සංඝටකය, එහි HS අංක 3823.19.90 යටතේ ආනයනය කිරීමට යුනිලීවර් සමාගම කටයුතු කර ඇති අතර ඒ හරහා බදු මුදල් ගෙවීම මඟහැර ඇත.

ඒ කෙසේ වුවද ශ්‍රී ලංකා රේගුව මේ බව අනාවරණය කරගෙන රුපියල් මිලියන 570ක බදු මුදල සහ අදාළ දඩය ගෙවීමට දැනුම්දි ඇත. ඒ අනුව රුපියල් බිලියනයක පමණ මුදලක් ගෙවීමට එකී සමාගමට සිදුව ඇත..

නමුත් මෙහිදී යුනිලීවර් සමාගම සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා රේගුවට එරෙහිව අභියාචනාධිකරණයට නඩුවක් යොමුකිරීම ය. අදාළ නඩුව අංක 19/2021 ලෙස පවරා ඇති අතර ඒ 2021.01.11 වනදා ය.

ඒ අනුව ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනීසිටිය යුත්තේ නීතිපති දෙපාර්තමේන්තුව යි. නමුත් මේ වන විට නඩුව ගොඩින් සමතයට පත්කර ගැනීමට විවිධ බලපෑම් එල්ලවෙමින් ඇති බවත් වාර්තා වෙයි.

මේ පසුපස සිටින්නෙ කවරෙක්ද?

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මේ පිටුපස සිටින්නේ පසුගිය ආණ්ඩුවේ මෙන්ම වත්මන් ආණ්ඩුවේ ද ප්‍රබල සම්බන්ධතා ඇති බලවතුන් පිරිසකි.

වැටත් නියරත් ගොයම් කයි නම් කාට කියමුද ඒ අවනඩුව!

ඉතිං ලංකාවේ පාරිභෝගික දෙවියා යකෙකු වන දවස වැඩි ඈතක නොවේ.

 

නවතම ලිපි