SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

“That Guy” කියල කියන්නේ ස්කොට්ලන්තයේ පොලීසිය විසින් ආරම්භ කරන ලද නව ව්‍යාපාරයක්.

පොලීසියක් විසින් මිනිස් අයිතිවාසිකම් ආරක්ෂාකිරීම සදහා ව්‍යාපාරයක් ආරම්භ කිරීම එක්තරා ආකාරයකට අපට දුරස්ත අත්දැකීමක් වුවත් ඒ පිළිබදව අවධානය යොමුකිරීම සිත් ගන්නා සුළු දෙයක්. මේ ව්‍යාපාරය ආරම්භ කරල තියෙන්නේ පිරිමින් ඉලක්ක කරගෙන. පිරිමින් සමග ඔවුන්ගේ ලිංගිකත්වය සහ අයිතිවාසිකම් ගැන අවංක සහ නිදහස් සංවාදයක් පවත්වාගෙන යන්න. ස්කොට්ලන්ත පොලීසිය විශ්වාස කරනව මේ හරහා ස්ත්‍රී දූෂණ, බරපතල ලිංගික හිංසනය සහ හිංසනය අවම කිරීමට අවකාශයක් විවිර වෙනව කියල.‍

sama 4

 

ඔවුන් පවසන්නේ කාන්තාවන්ට ආරක්ෂාකාරී හැගීමකින් ජීවත් වීමට, නිරන්තරයෙන් පිරිමි කියන හෝ කරන දේවල් සම්බන්ධයෙන් නොසිතමින් නිදහසේ තම ජීවිතය ගත කිරීමට අනෙත් සැම දෙනෙකුටම වගේ අයිතියක් තිබෙන බවයි. ඒ වගේම, ලිංගික හිංසනයට, පහර කෑමට හෝ දූෂණයට ලක් වීම ගැන නොසිතා තම දෛනික ජීවිතය ගත කිරීමට කාන්තාවන්ට හැකි විය යුතු බවත් වර්තමානයේදී බොහෝ කාන්තාවන්ට එම තත්වය අහිමි බවත් ඔවුන් පවසනව.

 

sama 5

හිංසනයෙන් ආරක්ෂා වීම සදහා ඉදිරිපත් වී ඇති ජනප්‍රිය එළඹුම වන හිංසාකාරී අවකාශවලින් ඈත් වී සිටීම සහ තමන්ගේ නිදහස් ක්‍රියාකාරීත්වයට සීමා පනවා ගැනීම වෙනුවට මෙම ව්‍යාපාරය විසින් යෝජනා කරන්නේ හිංසාකාරී ක්‍රියාවන්ට නැඹුරු වන්නන් ඉලක්ක කරගෙන ඔවුන්ගේ ක්‍රියා කාරීත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරම්භ කරන්න.

ඔවුන් පවසන්නේ පිරිමි වශයෙන් තමන් තමන්ගේ ආකල්ප සහ හැසිරීම් රටාව පිළිබදව ගැඹුරින් නැවත සිතා බැලීම හරහා පොදු අවකාශවල, රැකියා ස්ථානයේ දී සහ ඔවුන්ගේ අති සමීප සම්බන්ධතා තුළ ස්ත්‍රීන් සම්බන්ධයෙන් වෙනස් ආකාරයක භාවිතයකට යා හැකි බවයි. එමෙන්ම පිරිමින් වශයෙන් තමන් කාන්තාවන්ව ඉලක්ක කරන, පහත් කරන, සහ හිංසා කරන සංස්කෘතියකට දායක වීම නැවැත්විය යුතුයි යන්නයි.

sama 3

 

මේ සදහා පිරිමින් තමන්ගේ පිරිමි මිතුරන් සහ නෑදෑයන් සමග ස්ත්‍රීන්ට හානිකරන තමන්ගේ හැසිරීම් පිළිබදව විවෘතව සංවාද කළ යුතු බවත් මේ හරහා ඔවුන් හිංසකයන් වශයෙන් වරදකරුවන් වීමට ඇති අනතුර අවම වන බවත් මෙම ව්‍යාපාරය තව දුරටත් පවසනව

#DontBeThatGuy හෑශ් ටෑගය හරහා දියත් කර ඇති මෙම ව්‍යාපාරය මෑතකදී ජනප්‍රිය වීඩියෝ පටයක් නිකුත් කරල තිබෙනව

 

@ සමන්ත බණ්ඩාර

නවතම ලිපි