SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

“ග්‍රීක කතාවක තියෙන පැන්ඩෝරා පෙට්ටිය දැන් තියෙන්නෙ ලංකාවෙ.

මා හිතන්නෙ ග්‍රීකයන්ට වඩා මෙරට වැසියන් දැන් පැන්ඩෝරා ව දන්නවා කියා. ඒත් ඒ ලාංකික පැන්ඩෝරාවක්. ග්‍රීක පැන්ඩෝරා සියුස් කියන දෙවියන්ගේ ප්‍රධානියාගෙන් ලැබුණු භාජනයක් තම සැමියා භාරයේ තිබිය දී විවෘත කර තියෙනවා. සියුස් ඒ භාජනයේ සියළු නරක තැන්පත් කර තියෙනවා. සියුස් එසේ කර ඇත්තේත් තමාගෙන් ගින්දර හොරකම් කිරීම නිසා ඒ වෙනුවෙන් පළිගන්න. අපේ ශක්‍රයා නම් එහෙම කරන්නේ නැහැ. කොහොමටත් ග්‍රීක කතාව අනුව ලෝකයට නරක ලැබී ඇත්තේ ඒ අයුරෙන්. පැන්ඩෝරා තම සැමියා භාරයේ තිබූ භාජනය ඔහු නැති අතර අරින එක හොඳ ද නරක ද කියා කතාවේ කියන්නේ නැහැ. නරක ලැබුණේ භාජනය විවෘත කිරීමෙන් පසු නිසා සැමියා නැති අතර භාර්යාව ඔහුට අයත් දේ සොයා බැලීම හොඳ වැඩක් වෙන්න ඕන. භාජනය කල් යෑමේ දී පෙට්ටියක් බවට විකාශය වෙලා තියෙනවා.

ලාංකීය පැන්ඩෝරා ගැහැණු ද පිරිමි ද කියා කිසිවකු දන්නේ නැහැ. දැන ගන්න ඕනත් නැහැ. පැන්ඩෝරා පැන්ඩෝරා කිවුව පමණින් පඬි වෙනවා. පැන්ඩෝරා ගැහැණු ද පිරිමි ද යන්න ගැන වගේ වගක් නැති වුණත් පෙට්ටියෙන් ඇවිත් තියෙන්නේ නිරූපමා රාජපක්‍ෂ හා ඇගේ සැමියා තිරුකුමාර් නඩේසන්. නිරූපමා රාජකීය විදුහල් ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු ව සිටි ජෝර්ජ් රාජපක්‍ෂගේ දියණිය. ජෝර්ජ් ක්‍රීඩා කරනු බැලීමට ඔහුගේ පියා ඩී එම් රාජපක්‍ෂ පැමිණි බව සෑම් විජේසිංහ කියා තිබුණා. සෑම් විජේසිංහ ගිරුවාපත්තුවේ ගැටමාන්නේ. මහින්දට මහේන්ද්‍ර කියල ඩී ඒ රාජපක්‍ෂට නම යෝජනා කරල තියෙන්නෙ සෑම් විජේසිිංහ. සෑම් විජේසිංහ රනිල්ගේ මාමා. මහින්ද රාජපක්‍ෂගේ පියා ඩී ඒ රාජපක්‍ෂ, ඩී එම්ගේ සොහොයුරා. නිරූපමා නෑකමට මහින්දගේ දුවක් වෙනවා. තිරුකුමාර් නඩේසන් ගැන සඳහන් වන්නේ ඔහු මහාරාජා සමාගමේ සමූහ අධ්‍යක්‍ෂ ලෙසයි. රාජපක්‍ෂ ගැන කතා කරන විපක්‍ෂය කිලී මහාරාජා ගැන කතා කරන්නේ නැහැ.

මේ සිද්ධිය ගැන අහන විට මෙරට කෙතරම් පිරිසිදු දේශපාලනඥයන් ඉන්නවා ද කියන එක වැටහෙනවා. නිරූපමාට හැරෙන්න මෙරට දේශපාලනඥයන් අතිවිශාල බහුතරයකට පිටරට බැංකුවල ගිණුම් නැහැ. පිටරට දේපොළ නැහැ. පිටරට රැකියා කළ අය ගැන මා දන්නේ නැහැ. එහෙත් පිටරට රැකියාවක් නොකළ මෙරට දේශපාලනඥයන්ගේ සියලු ගිණුම් ඇත්තේ මෙරට බැංකුවල. ඔවුන්ගේ දේපොළ සියල්ල ඇත්තේ මෙරට. මෙතරම් සුදනන් කපුරුහාමිලා දේශපාලනයේ ඉන්න රටක රටවැසියන් වීමට අප පින් කර තියෙන්න ඕන.

නිරූපමා හා තිරු නඩේසන් රටට එන්න තියෙන ධනය පිටරට තැන්පත් කරල තියෙනව නම් එය තදබල වරදක්. ඒත් මෙරට නීතිය අනුව අපට ඒ ධනය ලබා ගන්න පුළුවන් ද ඔවුන්ට දඬුවම් කරන්න පුළුවන් ද යන්න මා දන්නේ නැහැ. ඔවුන් තවත් වරදක් කර තියෙනවා. පිටරට දේපොළ තමන්ගේ නමින් තබා ගැනීම. ඔවුන්ට ඇත්තේ අවිද්‍යාවක්. විද්‍යා අමරලා ඔවුන්ට නැහැ. අමරලා ඉන්නේ පොත්වල. මා කියන්නේ පොත් පෙරළීම ගැන නො වෙයි.”

මහාචාර්ය නලින් ද සිල්වාගේ පැන්ඩෝරාට පැන් වැඩීම ලිපියෙන්

නවතම ලිපි