SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කීර්ති රත්නායක නම් මාධ්‍යවේදියා තමන් හඳුනන්නේ කෙසේදැයි ප්‍රශ්න කිරීම සඳහා

තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ බව මෝස්තර නිරූපිකා චුල්පත්මේන්ද්‍ර කුමාරපතිරණ මහත්මිය පවසනවා.

ඇයව අද (02) පෙරවරු 9.30 ට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා දිගින් දිගටම ප්‍රශ්න කර ඇත්තේ කීර්ති රත්නායක නම් මාධ්‍යවේදියා හදුනන්නේ කෙසේද යන්නයි.

චුල්පත්මේන්ද්‍ර කුමාරපතිරණ මහත්මිය පවසන්නේ ආන්දෝලනාත්මක Mrs. Srilanka තරඟාවලියේ අවසන් වටයේදී ඔටුන්න ගැලවීමේ සිදුවීම සම්බන්ධයෙන් ඇතිබූ සිදුවීම පිළිබදව විස්තර දැනගැනීම සඳහා එම මාධ්‍යවේදියා දුරකතන මාර්ගයෙන් තමන් සමඟ කතාබහ කළ බවයි.

ඔහු පමණක් නොව එම කාලය තුළ දෙස් විදෙස් මාධ්‍යවේදීන් රැසක් තමන් හට දුරකතනයෙන් කතාබහ කළ බවත් ඔවුන්ව කිසිසේත් පෞද්ගලිකව නොහදුනන බවත් ඇය පවසනවා.

කීර්ති රත්නායක යනු ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ සේවය කරන මාධ්‍යවේදියෙකි.

පසුගියදා ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් ඇති හෙයින් ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස කීර්ති රත්නායක මහතා මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරියකුට දැනුම් දී තිබූ බවත් ඒ අනුව ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකාවේ ඉන්දියා මහකොමසාරිස් කාර්යාලය කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව පොලිසිය පවසනවා.

අදාළ පැමිණිල්ල විමර්ශනය කිරීම සඳහා කොල්ලුපිටිය පොලිසිය කීර්ති රත්නායක මහතා එම පොලිසියට කැඳවා තිබියදී කොළඹ අපරාධ කොට්ඨාසය පැමිණ ඔහු අත්අඩංගුවට ගෙන එම කොට්ඨාසය වෙත රැගෙන ගියා.

පසුව පොලිස් අධිකාරීවරයකුගෙන් ලබා ගත් පැය 72ක රැඳවුම් නියෝග යටතේ ඔහු කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රදවාගෙනද සිටියා.

පුවත් උපුටාගැනීම - news19.lk

නවතම ලිපි