SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජර්මන් චාන්සලර් කිව්වම.. ඊලඟට ඔළුවට එන වචන දෙක තමා ඇන්ජලා මර්කල්.

ලෝකය පුරා මෑත යුගයේ වඩාත්ම ආදරයටත් ගෞරවයටත් පත්වූ නායිකාව තමයි මේ.

භෞතික හා රසායන විද්‍යා ආචාර්‍ය විද්‍යා උපාධි ධාරිනියක් (නැහැ කවුරුත් දුන්න ඒව නෙවේ මහන්සියෙන් විභාග සමත් වී ලබා ගත් ඒවා) වූ ඇය ජර්මන් , ඉංග්‍රීසි හා රුසියානු භාශා චතුරව කතා කරන්නත් ප්‍රංශ භාශාව සාමාන්‍යයෙන් කතා කරන්නත් සමත්.

ඇය ලැජ්ජාශීලී නිහඬ කාන්තාවක්... නමුත් ඇගේ මතයට කවුරුත් ගරු කරන්නෙ ඒ මතය නිවැරදි හින්දයි.

anjela 2

Angela Merkel and Mikhail Gorbachev

 

කුඩා නිල නිවසක් හිමිව තිබුනත්.. විශාල ජනාධිපති මන්දිරයක් එයාට තිබුනෙ නෑ.

ඒ විතරක් නෙවේ කිසිදු රජයේ සේවාවක් එයා නොමිලේ ලබා ගත්තේ නෑ.

ගෙවල් කුලී.. ජල හා විදුලි බිල්පත්.. ගෑස් .. වාහන බිල්පත්.. විනෝද සේවා ගාස්තු.. පෞද්ගලික දුරකථන හෝ ඒ සඳහා වන බිල්..කිසිම දෙයක් මේ ගැහැණිය ලබා ගත්තේ නෑ.

පෞද්ගලික සේවා රියදුරෙක් හෝ කෝකියෙක්වත් එයාට හිටියෙ නෑ.

බර්ලින් වැසියො දන්නව... විදේශ සංචාර වලට ගියේ නැත්තං මර්කෙල් නෝන බඩු ගන්න එන්නෙ සාමාන්‍ය වෙළඳ සැල් වලට බව . එයාට තිබ්බ කැමැත්ත හා ආදරේ හිංදම කිසිම කෙනෙක් බාධා කරන්න ගියෙ නෑ ,ඉඳල හිටල සෙල්ෆී එකක් ගහන්න ඉල්ලුවා මිසක්.

 

anjela 3

 

බඩු ගන්න ආපු වාහනේ එයාම පදවන් ඇවිත්, වාහන ගාල් කරන ගාස්තු ගෙවන්නෙත් එයාමයි.

එක පාරක් ජර්මන් මාධ්‍ය වේදියෙක් අහනව “මැඩම් මේ ඇඳුමෙන්ම මෙතන ...දැනට අවුරුදු පහ හයකට කලින් ඔබ හිටිය ඔබට මතකද ?.. මං එදත් ප්‍රශ්ණයක් ඇහුව.”

“වෙන්න පුළුවන්.. මං ජර්මන් මිනිස්සුන්ගෙ සේවකයෙක් මිසක් මෝස්තර නිරූපන ශිල්පිණියක් නෙවේ... මං ඉන්නෙ වෙළඳ භාන්ඩ ප්‍රවර්ධනය කරන්න නෙවේ... ඊලඟ ප්‍රශ්ණය මොකද්ද.?”

මේ නෝනා ජර්මන් නායිකාව උනේ 2005 නොවැම්බර් 22.

අදටත් එයාගෙ ජනප්‍රිය කම අඩු නෑ.

ජර්මනිය කියන්නෙ පීතෲ භූමියක්... මේ පීතෲ භූමියට මාතෲ උනේ මේ අපූරු ගැහැණියයි..

 

anjela 4

 

දැනට වයස අවුරුදු 67 ක් වෙන මේ නෝනා හැම්බර්ග් නගරයේ ඉපදුනු කෙනෙක්.

ඇගේ සැමියා නිහඬ විශ්ව විද්‍යාල ගුරුවරයෙක්.

2015 අවුරුද්දෙ මුළු යුරෝපයම එපා කියද්දි ..ඇන්ජෙලා සිරියානු සරණාගතයන් දෙලක්ශ පනස් දාහකට ආසන්න පිරිසක් ජර්මනියට පිලිගත්ත.

ඒ අයට පහසුකම් දුන්න.... රැකියා හොයල දෙන්න කටයුතු කරා.. ඇෆ්ඝන් සරණාගතයින් 15,000 ක් පිලිගත්ත... ලෝකෙ වටේම රටවලට උදව් කරා.

මේ අවුරුද්දෙ නොවැම්බර් වල එයා විශ්‍රාම යනව.. මේ වෙද්දි කිසිම වංචා චෝදනාවක් නැති මේ නෝන ආපහු යන්නෙත් මෙයාගෙ කුඩා තට්ටු නිවාසෙට මිසක් මාලිගාවකට නෙවේ.

ජර්මනියෙ ජීවත් වෙන.. රැකියා කරපු හැම දෙනාම දන්නව මේ ඇත්ත කියල.

මේ සුරංගනා කතාවක් නෙවේ...

ඇන්ජෙලා මර්කෙල් කියන්නෙ ..

“මොකද්ද මේකෙ වර්ණනා කරන්න තියෙන්නෙ.? මං මගේ වැටුපට රස්සාව කරා.. එච්චරයි.”

 

මම ජීවත් වෙන්නෙත් මේ වගේ රටක... මේව ..මේ රටවල පුදුම හිතෙන දේ නෙවෙයි.

 

Malcolm Sang

නවතම ලිපි