SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එකමත් එක කාලෙක ලෝකය පුරාම මහා වසංගතයක් පැතිරුණා.

හැම රටක් ම ඒ වසංගතයට ගොදුරුවුණා. ඉතින් මේ කියන එකමත් එක රටටත් ගැලැවිල්ලක් ලැබුණේ නෑ.

මේ මහා වසංගතයෙන් බැටකෑවේ යමක් කමක් නැති අසරණ දුප්පත් මිනිස්සු විතරක් නෙවෙයි. සල්ලි බාගේ තියෙන, මහ බලපුළුවන්කාරයොත් මේ වසංගතයෙන් බැටකෑවා.

එකමත් එක රටේ හිටිය හුදී ජනතාව, රැකී රස්සා කරපු අය, වෙළහෙළඳාම් කරපු අය, රට කරවන්න හවුල්වුණු අය මේ වසංගතයට ගොදුරුවුණා. ඒ අතරින් සෑහෙන පිරිසක් අනතුරක්, කරදරයක් නැතුව ගොඩ ආවත් එලොව ගිහින් මෙලොව ආපු සැළකිය යුතු ප්‍රමාණයකුත් හිටියා. එහෙමත් බැරිවෙච්ච අය මේ ලෝකයෙන් සමුගත්තා.

මේ වසංගතය හින්දා තදින්ම බැටකාපු අය අතර වැඩියෙන්ම හිටියේ වයසක, ඒ වගේ ම රෝග පීඩාවලින් දුර්වල වෙලා හිටපු අය. එකමත් එක රටේ හිටිය ඒ වගේ වැඩිහිටි කාන්තාවකුත් මේ වසංගතයට ගොදුරුවුණා. ඒ කාන්තාවගේ දුව හෙදියක්. සෑහෙන කාලයක් රස්සාව කරපු ජ්‍යෙෂ්ඨ හෙදියක්.

 

වරුණ 2

අමාරුකම් වැඩිවෙච්ච හින්දා තමන්ගේ අම්මා රෝහල් ගතකරන්න මේ හෙදිය කටයුතු කළා. ඒත් අසනීප තත්ත්වය එන්න එන්නම වැඩිවුණා. ඉතින් පළාතේ තිබුණු ප්‍රධාන රෝහලට තමන්ගේ අම්මා යවන්න ඒ හෙදියට සිද්දවුණා. තත්ත්වය තවත් බරපතල වෙච්ච හින්දා අම්මාව දැඩි සත්කාර ඒකකයටත් ඇතුළත් කළා. කාලයක් තිස්සේ හෙද රස්සාව කරලා දැනහඳුනාගත්ත අය සෑහෙන පිරිසක් හිටිය හින්දා මේ එක වැඩක්වත් අමාරුවුණේ නෑ.

අම්මා බලාගන්න, සාත්තු සප්පායම්කරන්න තමනුත් ඇතුළට යන්න ඕන කියලා මේ හෙදිය කිව්වා. ඒත් ඒ හෙදිය වසංගතයට ගොදුරුවෙච්ච කෙනෙක් නෙවෙයි. අවදානම ගැන කිව්වත් ඒ හෙදිය තමන්ගේ අදහස වෙනස්කළේ නෑ. ඉතින් ඇය අම්මා ළඟට ගියා. අම්මාගෙත් ඇතුළේ හිටිය අනිත් අයගෙත් ඕන එපාකම් වෙනුවෙන් ඇය උදව්කළා.

මොන සත්කාර කළත් අම්මා සනීපවුණේ නෑ. සතියක් හමාරක් ගතවුණාම අම්මා මියගියා.

අවසන් කටයුතු කරන්න අම්මාගේ මළ සිරුර ඇරගෙන ගියත් හෙදියට එළියට යන්න අවසර ලැබුණේ නෑ. කාලයක් ආසාදිතයින් ආශ්‍රය කරලා තිබුණු හින්දා ඇය ගැනත් හොයලා බලන්න තීරණය කෙරුණා. ඒ වෙනුවෙන් පරීක්ෂාවකුත් කළා. පරීක්ෂාවේ ප්‍රතිඵල එන කල් ඇය දැඩි සත්කාර ඒකකය ඇතුළේ ම රැඳිලා හිටියා.

දවස් තුනකට පස්සේ පරීක්ෂණ වාර්තාව ලැබුණා. ඇයත් වසංගතයට ගොදුරුවෙලා. ඉතින් ඇයව නිරෝධායන මධ්‍යස්ථානයකට යැව්වා.

දැඩි සත්කාර ඒකකය ඇතුළේ දී තමන් දැකපු කරපු දේවල් උහුලගන්න මේ හෙදියට අමාරුයි. මිනිස්සුන්ට වතුර උගුරක් දෙන්න කෙනෙක් නෑ. මළ මුත්‍රා අස්කරන්න කෙනෙක් නෑ.

එකමත් එක රට ගැන තවත් කතා කියන්න ඕන ද? එහෙම කතා කියන්න තරම් හිත හදාගන්න මට නම් බෑ.

නවතම ලිපි