SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට රාජ්‍ය නායකයෙක් ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉතා වැදගත් පොරොන්දුවක් ලබාදෙනවා.

එනම් ලිංගිකත්වය මත ආන්තිකරණයට ලක්වන ප්‍රජාවන් ‍රකිනවා යනුවෙන්. එය අතිශය වැදගත් මෙන්ම ඉදිරිගාමී පියවරක් බව මුලින්ම අප අගය කළ යුතුය. එහෙත් මෙය හුදෙක් තවත් ප්‍රකාශයක් පමණක් බවට පත්නොවී ප්‍රායෝගික ක්‍රියාදාමයක් වන්නේ නම් පමණක් එහි අගය එක් කළ හැකි බවද ලේඩි ලීඩර් අපි දන්වනු කැමැත්තෙමු.

 

gota 3

 

ලංකාවේ ලිංගිකත්වය මත මූලික වශයෙන්ම  අගතියට පත්ව ඇත්තේ සමස්ථ ජනගහනයෙන් අඩකටත් වඩා වැඩි ජන ප්‍රජාවක් වන කාන්තාවන්ය. ඔවුන් අධ්‍යාපනය, නිපුණතාවන්, දක්ෂතාවන් ඇතුළු සෑම ක්ෂේත්‍රයක් තුළම කොතෙක් ඉහළට එසවී තිබුනද කාන්තාවට එරෙහිව අද ක්‍රියාත්මක වන්නේ ඉතා සූක්ෂ්ම වෙනස් කොට සැලකීමකි.

එසේම ස්ත්‍රියට එරෙහි හිංසනය අන් කවරදාටත් වඩා අද සමාජයේ මුල්බැස ගෙන ඇත. පාර්ලිමේන්තුව වැනි උත්තරීතරයැයි සඳහන් කරන ආයතනයන්හිදීද කිසිදු හිරිකිතයකින් තොරව කාන්තා මන්ත්‍රීවරියන්ට වාචික ලිංගික හිංසන සිදුවන අතර ඒ උත්තරීතර ආයතනයේ ප්‍රධානියා වන කථානායකවරයාද ඒවාට සිනහමුසු මුවින් අනුබල දීම බරපතල ඛේදවාචකයකි.

 

gota 4

 

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කරන මෙම ප්‍රකාශය සත්‍ය පොරොන්දුවක් වන්නේ නම් අද කාන්තාවට, කාන්තාවක් වීම නිසාම අහිමි කර ඇති වරප්‍රසාධයන් හා අයිතිවාසිකම් අනෙකුත් මනුෂ්‍යයින්ට හා සමානව ලබාදිය යුතු වෙනවා. රටේ සෑම ක්ෂේත්‍රයක් පුරාම විහිද ව්‍යාප්තව ඇති මෙම අසමානතාවන් හා වෙනස් කොට සැලකීම් පිළිබඳ නිරීක්ෂනයක් සිදුකර මේවා සම්බන්ධයෙන් සමාජමය වෙනසක් සිදුකළ යුතු වෙනවා.

නැතහොත් මෙයත් කවර හෝ බලය හා ගෞරවය පදනම් කරගෙන ලාභාපේක්ෂාවෙන් සිදුකළ තවත් එක් ප්‍රකාශයක්, රගපෑමක් පමණක් බවට පත්වනු ඇත.  

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පසුගියදා නිකුත්කළ ප්‍රකාශය පහත දක්වා ඇත.

මෙය හුදෙක් ලිංගික කුහකත්වයෙන් පිරුණු ජන සමාජයේ සාමාන්‍ය පුරවැසියන්ට මෙන්ම ඒ කුහකකම වැඩිදියුණු කරන ආගමික සංස්ථා බලධාරීන්ටත්, මහජන නියෝජිතයින් ලෙස පත්ව ඇති බහුතරයක් පිරිමි කුහකකමින් පිරුණු මැති ඇමතිවරුන්ටත්, රටේ සියළුම ආයතන නිළධාරීන්ටත්  දැනෙන, හැගෙන  පොරොන්දුවක් බවට පත්කිරීමේ වගකීමද ගෝඨාභට රාජපක්ෂ ජනාධිපතිවරයාගේම වගකීමක් වන බවද සිහිපත් කරන්නෙමු.

 

gota 2

 

ඊයේ (01) දින පැවති වෙනස්කොට සැලකීම් මුලිනුපුටා දැමීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

 

අදාල ට්විටර් පණිවුඩය මගින් ඔහු සදහන් කර ඇත්තේ සෑම පුද්ගලයකුගේම වයස, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය, ලිංගිකත්වය, වාර්ගිකත්වය, බාහිර පෙනුම සහ විශ්වාසයන් මත වෙනස්කොට සැලකීම් වලට ලක්නොවී අභිමානයෙන් ජීවත් වීමට ඇති අයිතිය වෙනුවෙන් තමා පෙනී සිටින බවයි.

ඒ අනුව, ලිංගිකත්වය සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පුද්ගලයින් අතර විවිධත්වයක් පවතින බවත්, ඔවුන් හට සමාජ‍යේ අභිමානයෙන් යුතුව ජීවත් වීමේ අයිතියක් පවතින බවත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයකු විසින් ප්‍රකාශ කළ පළමු වර මෙය වීම විශේෂත්වයක්.

gota 5

පුවත් අනුග්‍රහය - News19

නවතම ලිපි