SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මානවයා ශිෂ්ටත්වය කරා පරිණාමය වෙනවා කියල මානවයන් විසින්ම කියන්නේ චින්තනමය දියුණුව එක්ක. එනම් මනසේ පරිණාමයයි.  

අපි ජීවත්වෙන ලෝකය කොයිතරම් දියුණුද දැනුමෙන් පෝෂිතද යන්න ගැන පරස්පරතා ඇති කරන්නෙත් මානවාගේ භාවිතය හා ක්‍රියාකාරකම් විසින්.ඉන්දියාව කියන්නේ ආසියාවේ බලවත්ම රටක්. ඉතා ඉපැරණි දියුණු ශිෂටාචාර ගණනාවක පැවැත්ම තුළ බිහිවුනු සංස්කෘතීන් ගණනාවක ශක්තිමත් බව ඒ තුළ රැඳිල තියෙනවා. ඒ වගේම නොදියුණුම මිනිසා වරින්වර මතුවන්නේත් මේ අසල්වැසි ඉන්දියාවෙන්මයි. ලංකාවටද මෙහි බලපෑම වරින්වර ඇතුල් වෙනවා. ස්ත්‍රිය සහ පුරුෂයා සම්බන්ධ අභියෝගාත්මක කතිකාවන් ආරම්භ වූ රටක් තමයි ඉන්දියාව. මේ ඉන්දියාවේ ඇතුල් පැත්ත පිළිබඳ මව්බිම පුවත්පත ගෙන ආ පුවතක්.

දිග කලිසම් ඇඳීම හේතුවෙන් 17 හැවිරිදි තරුණියක අමානුෂික ලෙස පහර දී ඝාතනය කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.

 

neha india 1

පසුගිය සතියේදී මෙම කනගාටුදායක සිද්ධියට මුහුණ පා ඇත්තේ, නේහා පස්වාන් නමැති උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පදිංචි 17 හැවිරිදි තරුණියකි.

ඇයගේ මව වන සකුන්තලා දේවී පස්වාන් බීබීසී හින්දි සේවයට පවසා ඇත්තේ, තරුණියගේ මුත්තණුවන් සහ ඥාතීන් පිරිසක් විසින් දරුණු ලෙස පහර දෙනු ලැබූ බවය.

ඇය ඇඳ සිටි දිග කලිසම සම්බන්ධයෙන් ඥාතීන්ගේ විරෝධය පළ වී ඇති අතර එහිදී ඇති වූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් මෙම මරණය සිදුවී තිබේ.

 

neha india 2

දැරියගේ මව ප්‍රකාශ කර ඇත්තේ, පහරදීමෙන් පසුව දැරිය සිහිසුන් වූ බවත් පසුව දැරිය රෝහල්ගත කර ඇති බවත් ය.

කෙසේ වෙතත්, දැරියගේ මවට රෝහල වෙත යාමට අදාළ පුද්ගලයින් ඉඩදී නොමැති අතර පසුව ඇය දැරිය සමග රෝහලට ගිය ඥාතීන්ට තම දියණිය පිළිබඳව සොයා බලන ලෙස දැනුම් දී තිබේ.

නමුත් අදාළ දැරිය රෝහලේ සිටින බවට එම ඥාතීන්ට සොයා ගැනීමට හැකිවී නැතැයි දැරියගේ මව ප්‍රකාශ කර ඇත.

ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, පසු දා උදෑසන ඔවුන් පදිංචිව සිටින ප්‍රදේශය හරහා ගලා බසින ගන්දක් ගඟට ඉහළින් ඇති පාලමෙන් ගැහැණු ළමයෙකුගේ සිරුරක් එල්ලෙමින් තිබෙන බවත් එය තම දැරියගේ බවට හඳුනා ගත් බවත් ය.

ඉන්දියාවේ තරුණියන්ට මෙවැනි විවිධ හේතු මත සිය නිවෙස් තුළදී ම දරුණු හිංසාවන්ට ලක්වීමට සිදුව ඇතැයි මාධ්‍ය වාර්තාවල දැක්වේ.

 

@ කුමුදු ජයවර්ධන

Mawbima.lk

නවතම ලිපි