SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දේශප්‍රේමය ගැන නැවත කතිකාවක්  ආරම්භ වෙලා. සැබෑ දේශප්‍රේමියෝ කියල වචනයක් කරළියට ඇවිත්.

පහුගිය දවස්වල හුගක් දෙනා සමාජ මාධ්‍යවලින්, ඉන්බොක්ස් පණිවුඩ හරහා වගේම දුරකථනයෙනුත් විමසපු කාරණයක් තියෙනවා. මංගල දේශප්‍රේමියෙක්ද? මංගලගෙ සැබෑ දේශප්‍රේමියෝ මේ එන්න හදන්නෙ මොකටද? මොකක්ද මේ දේශපාලන වැඩේ? මංගල ජනාධිපතිවරණයට ඉල්ලන්නද හදන්නෙ? කියල. මේ ප්‍රශ්නවලට උත්තර ඉල්ලන්න ඔින මංගලගෙන්ම තමයි.

දේශප්‍රේමය පුද්ගලයෙක්ට, කණ්ඩායමකට, පරම්පරාවකට, පක්ෂයකට, ලිංගයකට, ජනවර්ගයකට අනන්‍ය කරන්න බෑ. ඒක condition එකක්. තත්ත්වයක්. ඒ වගේම ඒක ඇතුළෙ පුද්ගලික ගෙවල් තනන්න බෑ. කන්ඩිෂන් එක තුළට කෙනෙක්ට එන්න පුළුවන්. ඒක විඳින්න පුළුවන්. කෑල්ලක් අහුලගෙන යන්න පුළුවන්. ගිහින් තමන්ගෙම පැලක් අටවගන්න පුළුවන්. ඒත් දේශප්‍රේමය එහෙම කෙනෙක්ට හෝ කණ්ඩායමකට හෝ පරම්පරාවකට අනන්‍ය කරනව කියන්නෙම එතන දේශප්‍රේමය අහෝසි වෙලා පුද්ගල දේශපාලනය කියන ආත්මාර්තකාමී බලකාමය ක්‍රියාත්මක වෙනව. මනුස්සයෙක්ට මැරෙන්නට යන අන්තිම තත්පරයෙත් දේශප්‍රේමියෙක් වන්නට පුළුවන්.

වර්තමානයේ, ලෝකයේ තියෙන සියළුම සංකල්ප පුද්ගල අනන්‍යතාවන්ට ලඝු කරගනිමින්, අයිති කරමින්, නාමකරණය කරමින් බලය යන සාධකය පවත්වාගෙන යාමට මෙවලම් කර ගන්නවා. ඒ නිසාම මේ කාරණයේදී අනන්‍යතාවන්, වෙන්කිරීම්, අයිතිකිරීම්, සොයන සියල්ලන්ටම කියන්න තියෙන්නේ,  තත්ත්වයක් එනම් දේශප්‍රේමය යන්න පැවැත්මක් ලෙස හඳුනාගන්නට වෙහෙසෙනවා විනා පුද්ගලයෙක් හෝ පක්ෂ කණ්ඩායම් ඇතුළේ සොයන්නට යෑම නිරර්ථක දෙයක් බවයි.

සංවාදය මෙහෙම යද්දි දේශප්‍රේමය ගැන ෆ්‍රීඩම් හබ් එකේ පැවති මාධ්‍ය හමුවේදී තිළිණි වාසනා දැක්වූවේ මෙවැනි අදහසක්.

දේශප්රේමය 1

මේ රටේ කාන්තාවෝ ඉන්නවා සියයට පනස් දෙකක්. හැබැයි නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සියයට හයයි.

මම නීති  ශිෂ්‍යාවක්, දේශපාලන ක්‍රියාකාරිනියක්. ඒත් මම දැන් කතා කරන්නේ මේ රටේ සිවිල් පුරවැසියෙක් විදියට. ඔබ දන්නවා ඉතිහාසයේ ඉඳන්ම අපි රැවටුණා. තවමත් අපි රැවටෙනවා. හැබැයි අපේ අනාගත පරම්පරාවට අපි රැවටෙන්න ඉඩ දෙන්න ඕනෙද? නෑ කොහෙත්ම නෑ. මේ අය අපිව රැවැට්ටුවේ ව්‍යාජ දේශප්‍රේමය අපේ ඔළුවට දාලා. එහෙම කරලා ඒ අය ඔවුන්ගේ දේශපාලන අභිමතාර්ථ ඉෂ්ට කරගත්තා.

ඒ තුළින් සැබෑ දේශප්‍රේමය යට කළා. නමුත් අපි අද ඇවිත් ඉන්නවා මේ රටට ආදරය කරන අය මේ රටට ගරු කරන පිරිස විදිහට ඒ සැබෑ දේශප්‍රේමය මේ රටේ ස්ථාපිත කරන්න ඕන කියන කාරණයට. මේ දේශප්‍රේමය ගැන කතා කරද්දී කාන්තාව වැදගත් නැද්ද? ස්ත්‍රීත්වය වැදගත් නැද්ද? ඇත්තටම පහුගිය කාලේ මේ රටේ සිද්ධ වෙච්ච සමහර සිද්ධි දිහා බලද්දි කාන්තාවට මේ ස්ත්‍රීත්වයට කුඩා ගැහැණු දරුවන්ට මොනතරම් අපරාධ සිද්ධ වුණාද? අපි උදේට ටීවී එක බැලුවත් පත්තරයක් අරගෙන බැලුවොත් සෝෂල් මීඩියා බැලුවොත් එක්කෝ ස්ත්‍රී දූෂණයක් එක්කෝ ළමා අපයෝජනයක් ඒ වගේ දෙයක් තමයි අහන්න ලැබෙන්නේ. හැබැයි අපි හැමදාම  සිංහල බෞද්ධකම ගැන, 2500ක අභිමානවත් සංස්කෘතිය ගැන කතා කරනවා.

ඒත් මේ වගේ සිද්ධි සිද්ධ වෙන්න දෙනව නම් කොහොමද අපි ඒ දේවල් ඒ විදියට සිද්ධ වෙන්න  ඉඩ හරින්නේ? එහෙම වෙන්න දෙන්න හොඳ නෑ. මේ රටේ කාන්තාවෝ ඉන්නවා සියයට පනස් දෙකක්. හැබැයි නීති සම්පාදන ආයතන වල විශේෂම පාර්ලිමේන්තු කාන්තා නියෝජනය සියයට හයයි. කාන්තාවො ගැන කතා කරන්නේ මාර්තු 8වැනිදා ට විතරයි. කාන්තා දිනය දවසට විතරයි. හැබැයි දේශප්‍රේමය ගැන අපි කතා කරනවා කාන්තාවන්ව පැත්තකට දාලා.

 අද මොකක් හරි රජයේ ආයතනයක වැඩක් කරගන්න ගියත් මාධ්‍ය ආයතනයකට ගියත් පොලිසියට ගියත් යුක්තිය පසිඳලන වෙන ආයතනයකට ගියත්  කාන්තාවක් අවම වශයෙන් වාචික අපයෝජනයට හරි ලක්වෙනවා. අපි මේ දේ නැති කරන්න ඕනේ. මොකද කාන්තාව කියන සාධකය තමයි මේ රටේ දළ දේශීය නිෂ්පාදනයේ ඉඳලාම ප්‍රමුඛතාවයේ ඉන්නේ. ඇත්තටම නීති සම්පාදන ආයතන වලට කාන්තාවන් යවන්න මෙච්චර බය වෙන්නේ ඇයි කියන එක ගැන මම දන්නේ නැහැ.

 

දේශප්රේමය 2

පසුගිය ආණ්ඩුවෙන් 25%ක කාන්තා නියෝජනයක් ලබා දුන්නා ඒ නියොජනය ලබාදීලා ඒ කාන්තාවන්ට එතනට ගිහිල්ලාත් ඒ අයට නිදහසේ කටයුතු කරන එක ඇත්තටම අභියෝගයක් වෙලා තියෙනවා. මේ දේවල් එහෙම වෙන්න දෙන්න බෑ .අපි සැබෑ දේශප්‍රේමී තරුණ කාන්තාවන් විදිහට විශේෂයෙන්ම මේ රටේ කාන්තාවන්ගේ නිදහස ,අයිතිය ,යුක්තිය ,සාධාරණත්වය ,සමානාත්මතාවය මේ රටේ උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කියලා තියනවා කාන්තාවක් නිසා කිසිම වෙනස්කමකට ලක් වෙන්න බැහැ කියන කාරණය ගැන.

නමුත් ඒ දේවල් ගැන, මේ දේශප්‍රේමය ගැන ව්‍යාජ විදිහට කතා කරන මිනිස්සු කවුරුවත් ඒ ගැන කතා කරන්නේ නැහැ. අපි ඒ නිසා තමයි මේ සියලු දේවල් වෙනස් කරල කාන්තාව කියන සාධකය තුළ ඇයට අවශ්‍ය නිදහස සමානාත්මතාව මේ දේශප්‍රේමය තුළින් නිර්මාණය කරලා දීලා ඇයගේ ඒ ස්ථාවරය මේ රට තුළ හදන්න ඕන. ඒකේ ආරම්භක පියවරක් විදියට අපි සැබෑ දේශප්‍රේමී කාන්තාවන් වශයෙන් විශේෂයෙන්ම තරුණ කාන්තාවන් විදිහට අපිත් එක්ක එකතුවෙන්න. කිසිම දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරව අපිට මේ රැඩිකල් මැද මාවතේ වෙනස් විදිහට හිතන්න, වෙනස් විදිහට වැඩ කරන්න පුලුවන්.

ඔබට පෞද්ගලික දේශපාලන මතයක් තියෙන්න පුළුවන්. ඒ පෞද්ගලික දේශපාලන මතය නියෝජනය කරන්නත් ඔබට පුළුවන්. ඒක මටත් තියෙනවා. හැබැයි පොදු කාරණාවලදී අපි එකට එකතු වෙන්න ඕනේ. අපි එකට එකතු වෙලා මේ රට තුළ සැබෑ දේශප්‍රේමය සැබෑවටම කරන්න,ව්‍යාජ දේශප්‍රේමය නැතිකරලා ඒ නිදහස් යුක්තිගරුක කාන්තා පරපුරක් ඇති කිරීමේ කිරීමේ කාර්යභාරයට අපි කටයුතු කරමු කියලා කියනවා.

 

නවතම ලිපි