SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

උදය ගම්මන්පිලට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාස භංග යෝජනාව සම්බන්ධ විවාදය අතරතුර, 

උදය ගම්මන්පිල,  විපක්ෂ මන්ත්‍රිනී තලතා අතුකෝරළගේ කතාවට පිළිතුරු දෙමින් සිටි අවස්ථාවකදී , තවත් කෑකෝගැසීම් අතරතුර , කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ඉතා පැහැදිලිවම වාචික ලිංගික හිංසනයක යෙදුන බව තහවුරුව තිබෙනවා.

මේ බව  ප්‍රජා වෙබ් අඩවිය අනාවරණය කරනවා.

ඊට අනුව මහින්දානන්ද අලුත්ගමගේ  ‘රෑට කමු අපි වම්බටු වම්බටු’ යනුවෙන් යෙදෙන ජනප්‍රිය සිංදුවක පදයක්  කියන අතර දෙරණ රූපවාහිනියේ සවස ප්‍රවෘත්ති විකාශයෙන් ඒ බව පැහැදිලිව ඇසුණු බවත්  සඳහන් කල යුතු වනවා. . එම ගීතයම කියන්නේ ,  ලිංගික සංඥා සහිත හාස්‍යෝත්පාදක ගීතයක් බවද සඳහන් කල යුතුයි.

තලතා සම්බන්ධයෙන් ඔහු එවැනි සිංදු කෑල්ලක් කීම, අසභ්‍ය ප්‍රකාශනයක් මෙන්ම, ලිංගික හිංසනයක් ලෙසත් සැලකිය හැකියි..  එය අමුතුවෙන් මෙතන විග්‍රහ කරන්නට අවශ්‍ය නැතුවා මෙන්ම  දන්නෝ කවුරුත් මේ බව  දනිති යනුවෙන් පවසීමටත් පැකිලිය යුතු නෑ.

මෙය ඉතා පැහැදිලිවම ලිංගික හිංසනයක් බව සඳහන් කල හැකියි.

ඒ හා සම්බන්ධ වන 1995 අංක 25 දරණ පනතෙන් සංශෝධිත දණ්ඩ නීති සංග‍්‍රහයේ 345 වගන්තිය සඳහන් වෙන්නේ මෙසේයි...

 “අඩන්තේට්ටම් කිරීමෙන් හෝ සාපරාධී බලහත්කාරය පෑමෙන්, යම් තැනැත්තෙකුට ලිංගික අතවර කරන හෝ වචනයෙන් හෝ ක‍්‍රියාවෙන් යම් තැනැත්තෙකුට, ලිංගික හිරිහැරයක් හෝ අතවරයක් සිදු කරන කවර හෝ තැනැත්තකු, ලිංගික අතවර කිරීමේ වරද සිදු කරන අතර, වරදකරු කරනු ලැබීමේදී අවුරුදු පහක් දක්වා දීර්ඝ විය හැකි කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක වූ ,බන්ධනාගාර ගත කිරීමකින් හෝ දඩයකින් හෝ ඒ බන්ධනාගාර ගත කිරීම හා දඩය යන දඩුවම් දෙකින්ම හෝ ඔහුට දඩුවම් කරනු ලැබිය යුතුය;

තව ද ඒ වරද සිදු කරන ලද්දේ යම් තැනැත්තකු සම්බන්ධයෙන්ද , ඒ තැනැත්තාට සිදු කරන ලද හානි වෙනුවෙන් අධිකරණය විසින් නිශ්චය කරනු ලබන මුදලක වන්දියක්ද, ඒ තැනැත්තාට ගෙවන ලෙසද අධිකරණය විසින් ආඥා කරනු ලැබිය හැකිය.”

ශ්‍රී ලාංකික කාන්තාව පෞද්ගලික අංශයේත්, රාජ්‍ය අංශයේත් වගකිවයුතු භූමිකාවක් ඉටු කරනවා.

එහෙත්, දේශපාලනයේ කාන්තා නියෝජනය තිබෙන්නේ අවම මට්ටමකයි.

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5.6%ක්. . පළාත් පාලන ආයතනවල, කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා, පසුගිය රජය විසින් ගන්නා ලද පියවර හේතුවෙන් , මේ වන විට 25%කට ආසන්න කාන්තා මන්ත්‍රීවරියන් පිරිසක් , පළාත් පාලන ආයතන නියෝජනය කරනවා. එහෙත්, ඒවායෙහිදී ද පාර්ලිමේන්තුවේ මෙන්ම පිරිමි අසික්කිත ලෙස හැසිරෙමින්, කාන්තාවන්ට අපහාස කරමින්, ඔවුන්ට කතා කිරීමට ඉඩ නොදෙමින් කටයුතු කරනවා.

පාර්ලිමේන්තුවේ මෙවැනි චර්යාවන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් පැත්තෙන් හෝ පැහැදිලි විරෝධයක් එල්ල වන බවක් දක්නට නෑ.  සමාජය පොදුවේ මෙන්ම, කාන්තා සංවිධාන ආදිය ද ඒ ගැන සංවේදී බවක් පෙන්වන්නේ නෑ .

පාර්ලිමේන්තුවේ චර්යාවන් සම්බන්ධ තත්වය එය නම්, සමාජයේ තත්වය කෙසේ විය හැකිද? අපි ඒ ගැන අමුතුවෙන් කියන්න ඕනද ? එය මේ මොහොතේ ඇසිය යුතුම ප්‍රශ්නයක් වනවා.

පුවත් උපුටාගැනීම - Theleadertv.lk 

නවතම ලිපි