SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අපට මේ සිද්දිය වාර්තා වන්නේ සීදුව ප්‍රදේශයෙන්.

සීදූව ප්‍රදේශයේ නිවසක නවාතැන් ගන්නේ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ආයතනයක සේවය කළ විසි දෙහැවිරිදි කාන්තා සේවිකාවකි.


ඇය දමිළ කාන්තාවක් වන අතර මෙම නිවසට පැමිණ දෙවන දිනයේ ඇය අසල පිහිටි කඩයකට යන්නේ අවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක් මිලදී ගැනීමටය.
එම අවස්ථාවේ මෙම හුරුබුහුටි වයස අවුරුදු විසි දෙකක් වන දමිළ තරුණිය දෙස කෑදර බැල්මක් හෙලන කඩ හිමියන් පවසන්නේ ඔබ ඉතා ලස්සන බවය. ඉන් නොනැවතුණු ඔහු භාණ්ඩ ලබා දෙන ගමන් ඇගේ අත අල්ලන්නට ද පැකිලෙන්නේ නැත.
වහා නේවාසිකාගාරයට පැමිණි අය නේවාසිකාගාරය හිමිට මේ බව පවසන්නේ ආරක්ෂාවක් බලාපොරොත්තුවෙනි.

පසුව නේවාසිකාගාර හිමිකරු ඒ ගැන ඇසීමට කඩේට ගිය අවස්ථාවේ කඩේ හිමිකරු ඔහුගේ බිරිඳත් මෙම නේවාසිකාගාර හිමිකරුට ඉතාමත් පහත් ආකාරයෙන් බැන වදින්නේ බෝඩිං වෙලා ඉන්න කෙල්ලන් ගැන තමුන්ට ඔය තරම් තියෙන රුදාව මොකක්දැයි අසමිනි.

මීගමුව ප්‍රදේශයේ දේශපාලන බලවතෙකුගේ හෙංචයියෙකු බව පැවසෙන මේ කඩේ හිමිකරු ඉන්පසු දිගින් දිගටම මෙම සේවිකාවට හිරිහැර කරන්නටත් බෝඩිං හිමිකරුට බැන වදින්නට පටන්ගෙන ඇත්තේ ඉහත කී එම හයිය උපයෝගී කරගෙනය.

මේ අතර තවත් දිනයක් කඩහිමියා විසින් මෙම සේවිකාව බලහත්කාරයෙන් තම නිවෙස තුළට ඇදගෙන ගොස් කාමරයක සිරකර ගෙන ඇයට ලිංගික අතවර සිදු කොට පහරදී තුවාල ද සිදු කොට ඇත. ඔහු මෙම සියල්ල සිදු කරද්දී ඔහුගේ බිරිඳ ඔහුට ආරක්ෂාව සැපයීම සඳහා නිවස ඉදිරිපිටට වී දරුවා ද සමඟ කවුරුන් හෝ පැමිණෙතැයි බලමින් සිට ඇති බව ද අපට දැනගන්නට ඇත.

 

seeduwa

එම අවස්ථාවේ පහරදීම හේතුවෙන් මෙම සේවිකාවගේ අල්ල පැලී ගොස් ඇති අතර හිසට මැහුම් කීපයක් ද දමා ඇති අතර ඇය මීගමුව රෝහලෙන් දින හතරක් ප්‍රතිකාර ලබාගෙන තිබේ.මේ අවස්ථාවේ ඇය බේරා ගැනීම සඳහා ඉදිරිපත්වූ නේවාසිකාගාර හිමියන්ටද කඩ හිමියා විසින් පහර දී ඔහු ද මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගෙන තිබෙන බව දැනගන්නට ඇත.


මෙම කඩ හිමියා මීට පෙරද එම ගමේ නේවාසිකව සිටි දමිළ කාන්තාවකට මෙවැනිම අපරාධයක් කිරීමට උත්සාහ ගත් බව ද ඒ සෑම අවස්ථාවකම ඔහු ගමේ කමත් ඔහුට ඇති දේශපාලන සබඳකම් ගැන නන් දොඩවා ඇත. ඔහුගේ බිරිඳ ද මේ සියල්ල සඳහා ඔහුට අවශ්‍ය පහසුකම් සපයන බව ද කියැවේ.

සිද්ධිය මෙතරම් දුර යනතුරුත් පොලිස් පොතක මේ බව සඳහන් වී නැති අතර මෙම සේවිකාව සහ නේවාසික හිමියා රෝහල් ගත වීමෙන් අනතුරුව පැමිණ සීදූව පොලිසිය පැමිණිල්ලක් ගොනු කොට ආපසු යාම සඳහා පොලිසියෙන් පිටතට පැමිණි අවස්ථාවේ වුන්ගේ ත්‍රීවිලය පණගන්වන සැනින් පිටුපසින් පැමිණි ඩිපෙන්ඩර් රථයක් ත්‍රිවිලර් හප්පා පොඩිපට්ටම් කර ඇති අතර එහිදී ත්‍රීවිලයට පමණක් හානි ඔවුන් දෙදෙනාගේ ජීවිත ඒ අවස්ථාවේ ආරක්ෂා වී ඇත.


සීදූව ප්‍රදේශයේ බොහෝ දෙනෙක් අපට පැවසුවේ මෙම ගම ආරක්ෂා කළ යුතු බවත් මෙම ගම සඳහා නේවාසිකව පැමිණෙන කාන්තාවන්ට නිදහසේ සිටින්නට පරිසරයක් සකස් විය කර දිය යුතු බවත් මෙවැනි දේශපාලන හයි හත්තිකාරම් ගැන නන්දොඩවන මිනිස්සුන්ට නිසි දඬුවම් ලබාදීමත් ගමේ කම ගැන පවසමින් ගැහැණුන්ගෙන් අයකු ප්‍රයෝජන ගන්නට සැරසෙන මෙවැනි පුද්ගලයන්ට නිසි දඬුවම් ලබා දී නිදහස් පරිසරයක් ඇති කිරීම සඳහා මැදිහත් වී කටයුතු කිරීම අවශ්‍ය බවය.


කඩ හිමියාගේ අතවරයන්ට සහ පහරදීම් වලට ගොදුරු වූයේ නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි දමිල තරුණියකි.
ඇය කුඩා කාලයේම මව ඇය හැර මෙලොවින් සමු ගන්නේ ය. ඉන්පසු සමාජයේ සිදුවන දේ ඇයටද සිදුවිය. එනම් පියා ඇය හැර වෙනත් විවාහයක් සිදුකර ගන්නා අතර ඇය ජීවත්වන්නේ මිත්තණිය ළඟය. මිත්තනිය ඇය හැර යන්නේ ඈට වයස අවුරුදු 16 දීය.
එවිට ඇගේ පියා විසින් මිත්තනියත් ඇයත් ජීවත් වූ කුඩා ඉඩම් කැබැල්ල ඈට ලියා දී ඇත.
වයස දහසයක් වූ මේ කුඩා දැරිය එම ඉඩම් කැබැල්ලේ නිවසක් සාදා ගෙන විවාහ වී දරුවන් සාදාගෙන සැමියකු ද සමඟ ජීවත් වීමේ ආශාව පොදි බැඳගෙන නිදහස් වෙළඳ කලාපය කරා එන්නේ නිවස සාදා ගැනීම සඳහා මුදල් උපයා ගැනීමේ අරමුණෙනි.
විවිධාකාර වූ බාධක හැල හැප්පීම් නිසාත් ඇගේ රුව ලස්සන නිසාත් නිදහස් වෙළඳ කලාපයේ දී විවිධ බාධක යන්ට මුහුණ දෙන මේ තරුණියට තවමත් නිවාස සිහිනය සැබෑ කර ගැනීමට හැකියාවක් ලැබී නැත.


මෙවැනි නරුමයන් නිසා තමා බොහෝ පීඩාවට පත්වූ බවත් තවත් කෙනෙකුට මෙවැනි දෙයක් සිදු නොවීම සඳහා නීතිය හමුවට ගොස් කටයුතු කිරීමට කැමති බව පවසන තරුණිය මේ වන විට සීදුව ප්‍රදේශයෙන් බැහැරව ගොස් ඇත්තේ එහි සිටියහොත් තමාගේ එම බලාපොරොත්තුව ඉෂ්ට කර ගැනීමට නොහැකි බව පවසමිනි.

ජාතියක් විදියටත්, කාන්තාවක් ලෙසත්, නිදහස් වෙළඳ කලාප සේවිකාවක් ලෙසත්, සමාජයෙන් බැට කන මෙවැනි කාන්තාවන් සඳහා අතහිත දීමට අප සැම විටම සූදානම්ය. මේ සඳහා ඔබේ පෙළගැස්ම ද අපි බලාපොරොත්තු වෙමු.

@ චන්ද්‍රා දේවනාරායන

නවතම ලිපි