SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අපි යන්නේ වෘත්තයක. වෘත්තයක යනකොට පහුවුනු දේවල් නැවත අපිට හමුවෙනවා. මෙහෙම කතාවක් කව්දෝ දාර්ශනිකයෙක් කියල තියෙනව.

ලංකාවේ අධිකරණයන් ගැන හෝ නීති ක්ෂේත්‍රය ගැන අපි කතාකරන්න යන්නෙ නෑ. අපිට අයිතියකුත් නෑ ඒ ගැන කතා කරන්න. ඒත් අපි ලංකාවෙ සමාජයේ උඩු යටුකුරු සිදුවීම්වල සාමාන්‍ය ස්වභාවය දකිනව. අහනව. අපේ සමාජයේ අය දන්නව කාට හරි ලොක්කෙකුට  දඩුවමක් නියම උනොත් තව අවුරුදු පහකින් ඒකට මොකද වෙන්නෙ කියල. වරදේ ස්වභාවය නොව වරදකරුගේ තත්වයේ හා සම්බන්ධතාවන්හි ස්වභාවය අනුව ඔිනම නූගතෙකුට පවා ඒ ගැන අදහසක් කියන්න පුළුවන්. හැබැයි මේක කොස් පොල් ගෙඩියක් කඩාගත්තට, එදා වේල හොයාගන්න  කසිප්පු ටිකක් පෙරපු හින්දට නියම වෙච්ච දඩුවම් වලට අදාළ නෑ කියලත් හැමෝම දන්නව. කෙහොම උනත් මේ ලංකා සී නිවුස් වෙබ් අඩවියේ පළවූ පුවතක්.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධි සම්බන්ධ මරණ දඩුවම් නියමව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව ලබා දී නිදහස් කිරීමට ජනාධිපතිවරයා ගත් ක්‍රියාව ව්‍යවස්ථා විරෝධී බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

එබැවින් මරණ දඩුවම් නියමව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දෙමින් ජනාධිපතිවරයා කළ නියෝගය බලරහිත කරන්නැයි ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නීය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති වෙනුවෙන් නීතිපතිවරයා , අධිකරණ ඇමති අලි සබ්රි , නීතිපති නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කාරිය සිය පෙත්සමෙන් පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වෘත්තිය සමිති පිලිබද උපදේශක ලෙස කටයුතු කළ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු කළ කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල මඩුල්ලේ තුනෙන් දෙක බහුතරයෙන් වගඋත්තරකාර දුමින්ද සිල්වාට මරණ දඩුවම නියම කළ බවත් , පසුව එම මරණ දඩුවම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඒකමතිකව තහවුරු කර තිබියදී ඉකුත් ජුනි 24 වැනිදා ජනාධිපති සමාව යටතේ වගඋත්තරකරු නිදහස් කළ බවය.

එලෙස ජනාධිපති සමාව ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පනවා ඇති ප්‍රතිපාදන අනුගමනය කිරීමකින් තොරව බවද පෙත්සම්කාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය පෙත්සමේ සදහන් කර ඇත.

එලෙස වගඋත්තරකාර දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ මුදා හැරීම ව්‍යවස්ථා විරෝධි බවට ප්‍රකාශ කරන ලෙසද , එම ජනාධිපති සමාව ලබා දුන් නියෝග බලරහිත කරන ලෙසද , වගඋත්තරකාර දුමින්ද සිල්වාට සමාව ලබා දීමට අදාළ ලේඛන අධිකරණයට කැදවා විභාගයක් පවත්වන ලෙසද පෙත්සම්කාරිය සිය මුලික අයිතිවාසිකම් පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නීය. (lankadeepa)

උපුටාගැනීම - lankacnews.lk

නවතම ලිපි